Menu

logo new 2015-5-11

Shamrock-png

දරිද්‍රතාවයේ විවිධ ක්ෂේත්‍ර විමසා බැලීම සඳහා වන මාධ්‍ය අධිශිෂ්‍යත්ව

දරිද්‍රතාවයේ විවිධ ක්ෂේත්‍ර විමසා බැලීම සඳහා වන මාධ්‍ය අධිශිෂ්‍යත්ව

දරිද්‍රතාව ආශ්‍රිත සංවර්ධන ගැටලු පිළිබඳව වෘත්තීය සේවාවන් සපයන ස්වාධීන පර්යේෂණ සංවිධානයක් වන දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) විසින් දරිද්‍රතාවය සහ ඒ ආශ්‍රිත ගැටලු පිළිබඳව ගවේෂණාත්මක වාර්තාකරණය පිළිබඳව පිරිනමන අධිශිෂ්‍යත්ව වැඩසටහනක් සඳහා පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි සහ වෙබ් මාධ්‍යවේදීන්ගෙන් ( නිදහස් මාධ්‍යවේදීන්ද ඇතුළුව) අයදුම්පත් කැඳවනු ලැබේ.

තරඟකාරී පදනමක් යටතේ තෝරාගන්නා මාධ්‍යවේදීන් 15 දෙනෙකු සඳහා දරිද්‍රතාවයේ විවිධ ස්වරුප පිළිබඳ අවබෝධයක් ලබා දීමත්, ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් අනාවරණය නොවුණු සහ වාර්තා නොවුණු අංශ හඳුනා ගැනීම සඳහා උපදෙස් ලබා දීමේ අරමුණින් මෙම අධිශිෂ්‍යත්ව වැඩසටහන සැලසුම් කොට තිබේ.

අධිශිෂ්‍යත්වලාභීන්ට මාධ්‍යවේදීන් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ පර්යේෂකයන් සමග ඍජුව කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන අතර ක්ෂේත්‍ර චාරිකා වෙනුවෙන් දීමනාවක් ද ලබාදේ. තමන් තෝරාගන්නා මාතෘකාවක් යටතේ ගැඹුරින් අධ්‍යනය කිරීමට ඔවුන්ට සිදුවන අතර එම ගවේෂණාත්මක වාර්තාව තමන් සේවය කරන මාධ්‍ය ආයතනයේ ප්‍රචාරය කිරීම සඳහා එකඟ විය යුතුය.

වැඩසටහන සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම සහ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම කටයුතු කරන ප්‍රවෘත්ති වාර්තාකරුවන්, විශේෂාංග ලේඛකයන්, විද්‍යුත් මාධ්‍ය නිෂ්පාදකයන් හා අන්තර්ජාල මාධ්‍යවේදීන් සමබර පදනමක් යටතේ තෝරා ගැනීම සිදු කෙරේ.

අවම වශයෙන් වසර පහක කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරූ මාධ්‍යවේදීන්ගෙන් (ඡායාරුප ජනමාධ්‍යවේදීන් ද ඇතුළුව) අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම වැඩසටහන සඳහා පුර්ණකාලීන, අර්ධ කාලීන සහ නිදහස් මාධ්‍යවේදීන්ට අයදුම් කළ හැකි අතර තමන් විසින් වැඩසටහනේ දී සම්පාදනය කරනු ලබන ගවේෂණාත්මක ලේඛනය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන ස්වකීය මාධ්‍ය ආයතනයේ පළ කිරීම සඳහා සංස්කාරකවරයා හෝ නිෂ්පාදකයා විසින් අනුමැතිය ලබාදුන් බවට ලිපියක් අයදුම්පත සමග එවිය යුතුය.

ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සහ වැඩසටහන පුරාවට ඔවුන්ට මග පෙන්වීම සිදු කරනු ලබන්නේ පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි සහ වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරි පංච පුද්ගල විශේෂඥ මණ්ඩලයක් විසිනි. තෝරා ගන්නා ලද මාධ්‍යවේදීන් සඳහා එක් දින අනුගත කිරීමේ (orientation) වැඩසටහනක් පැවැත්වෙන අතර එහිදී ඔවුන්ට දරිද්‍රතාවයේ විවිධ ස්වරූප අවබෝධ කරගැනීම සහ මහජනයාට වැදගත්වන දිළිඳුකම ආශ්‍රිත කරුණු වාර්තාකරණයේදී ස්වකීය මාධ්‍ය කුසලතා භාවිත කරන ආකාරය පිළිබද අවබෝධයක් ලබා දේ.

අනුගතකිරීමේ වැඩසටහනෙන් පසුව තම වාර්තාව මගින් ආවරණය කිරීමට බලාපොරොත්තු වන දරිද්‍රතාවයට අදාළ තේමාව පිළිබඳව මුලික දැනුවත් කිරීමක් අධිශිෂ්‍යත්ව ලාභීන් විසින් සිදු කළ යුතුය. තමන් විසින් මුලින් එකඟ වූ වාර්තා ප්‍රමාණය ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ට මාස හතරක කාලයක් ලබාදේ. එම කාලය අතරතුර විශේෂඥ මණ්ඩලය විසින් ශිෂ්‍යත්වලාභීන්ට මග පෙන්වීම සිදු කරනු ලබයි. ව්‍යාපෘතිය අවසානයේ ඉදිරිපත් කෙරෙන වාර්තා ශිෂ්‍යත්වලාභීන්ගේ මාධ්‍ය ආයතනවල සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ වෙබ් අඩවියේ පළ
කෙරෙනු ලැබේ (http://www.cepa.lk/ ).අයදුම්පත් ලබාගන්නා අවසානය දිනය 2016 අගෝස්තු මස 26. අයදුම්පත් එවීම

සහ ඊට අදාළ සියලු විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.( www.cepa.lk/events/section/media-fellowship- program.html .)

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.