Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ජයවර්ධනපුර ලිවිසැරි කරළිය 2016 ත් කරළි ගත වූ වගයි..

ජයවර්ධනපුර ලිවිසැරි කරළිය 2016 ත් කරළි ගත වූ වගයි..

සාහිත්‍ය මාසයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සාහිත්‍ය උළෙල මෙවරත් ඊයේ (22) දින ඉතා උත්කර්ශවත් අයුරින් රාජගිරිය හේවාවිතාරණ විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණයෙන් හා මෙහෙයවීමෙන්, සංස්කෘතික අමාත්‍යංශයේ සහයෝගයෙන් වාර්ෂිකව මෙම සාහිත්‍ය උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මූලික කර ගනිමින් පැවැත්වනු ලබන්නේ “ජයවර්ධනපුර ලිවිසැරි කරළිය“ යනුවෙන් නම් කරමිනි.

මෙම සාහිත්‍ය උළෙලේදී සාහිත්‍යයේ, කලාව, මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සිය අති මහත් කැපවීමෙන් කටයුතු කළ විශිෂ්ඨයින් ඇගියීම සිදු කරන අතර, මෙවර එහිදී ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා, ඇන්ජලීන් ගුණතිලක, චිත්‍ර ශිල්පී ආනන්ද සෝමතිලක, සාහිත්‍යවේදී ප්‍රේමචන්ද්‍ර ද අල්විස්, නර්තන ශිල්පිනී භද්රාන කාන්ති ජයකොඩි හා පුවත්පත් කලාවේදී සෝමපාල විජේවර්ධන යන මහත්ම මහත්මීන් ඇගයීමට ලක් කෙරිණි.
උළෙලේ ප්රකධාන දේශනය පැවැත්වූයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නර්තන උපදේශක රවිබන්දු විද්යාපපති මහතා විසින් පැවැත්වුණු අතර, මෙම දේශනය රාජ්යන නාට්යබ කණ්ඩායමේ ප්රාවසාංගික අංග ගණනාවක් මුසු කොට ගත් අපූරු දේශනයක් විය.
මෙයට අමතරව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් මෙහෙයවූ සාහිත්‍ය තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමුණු අතර, “දියවන්නා සොබා සිරි“ විත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ද කුසලාන හා සහතික පත් පිරිනැමීම ද මෙහිදී සිදු විය.

jaya3

jaya02

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.