Menu

logo new 2015-5-11

Shamrock-png

සෑම නිළියක්ම ගණිකාවක් කියලා මම කිව්වේ නෑ - පියුමි හංසමාලි

සෑම නිළියක්ම ගණිකාවක් කියලා මම කිව්වේ නෑ - පියුමි හංසමාලි

සෑම නිළියක්ම ගණිකාවක් කියලා ඔබ ප්‍රකාශ කළ බවට චෝදනාවක් තියෙනවා?

මම කවදාවත් එහෙම කියලා නෑ. කිසිම පත්තරේකටවත් එහෙම ආර්ටිකල් එකක්වත් මම දීලා නෑ. අනික මමත් නිළියක් වගේම ගෑනියක්. ඉතින් ඇයි මම තවත් ගෑනු කෙනෙක්ට එහෙම අපහාස කරන්නේ.

ඇයි එවැනි බොරු ප්‍රචාරය වෙන්නේ?

මමත් ඔය ගැන දැක්කා. ඕනම කෙනෙක්ට තවත් කෙනෙක් ගැන ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි ඔය දේත්.

මෙවැනි දේවල් ප්‍රචාරය වෙද්දී ක්ෂේත්‍රයේ ඔබ ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගෙනවා නේද?

මම කියපු නැති දෙයක් ගැන තමයි එහෙම කියලා තියෙන්නේ. මම හරි කියලා මගේ හෘද සාක්ෂිය දන්නවා. මාව ආශ්‍රය කරන අය දන්නවා මම මොන වගේද කියලා.

ඒ සඳහා පියවරක් ගන්නේ නැද්ද?

මම කියලා මොනවා කරන්නද? ඔය විදියට මං ගැන බොරු ප්‍රචාරය කරන අයට මං පියවර ගන්න යන්නේ නෑ. ඒ කා‍ලේ මට වටිනවා. මොකද මඩ ගහලා ගහලා එපා වෙන දවසට ඔය දේවල් නවත්වයින්නේ.

පියුමි ජනප්‍රිය වෙන්නද මේ දේවල් කරන්නේ?

මම මොනවා කරන්නද? ගොසිප් වබේ සයිට් එක මම ගැන එක එක දේවල් දානවා මිසක්, මම කියලා දාගන්නේ නෑ. මමත් නිළියක්. ඇයි මම ජනප්‍රිය වෙන්න අනිත් අයට ඔහොම අපහාස කරන්නේ.

මේ දවස්වල ඔබ ජාත්‍යන්තර තරගයකට සහභාගි වෙන්න ලෑස්ති වෙනවා කියන්නේ ඇත්තද?

ඔව්. මිස් ඒෂියා නෝබල් ක්වින් තරගයට සහභාගි වෙන්න තමයි මේ දවස්වල ලෑස්ති වෙන්නේ. ඔක්තෝබර් 16 ඉරිදා මැ‍ලේසියාවේ මේ තරගය පැවැත්වෙනවා.

ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ලංකාවේ ඉන්න අන්තර්ජාතික සංවිධායකවරයා මාව මේ තරගයට සුදුසුයි කියලා නිර්දේශ කළා.

පසුගියදා ඔබ මෙරට සහභාගි වූ තරගයේ ජයග්‍රාහිකාවයි. චීනයේ පැවැත්වුණු තරගයට සහභාගි වෙන්න බැරිවුණා නේද?

ඇත්තටම මම ඒ ගැන කතා කරන්නත් කැමති නෑ. මොකද ඒ තරගය පුරාවටම වුණේ හොර වැඩ. ඒ සඳහා වැය කරපු මගේ කා‍ලේ අපරාදේ කියලයි දැන් හිතෙන්නේ.

අන්තර්ජාතිකව සංවිධානය කරන රූ රැජින තරගවලට ලංකාවේ නම් නිර්දේශ කරන්නේ සල්ලිවලට කියන කතාවේ ඇත්තක් තියෙනවද?

ඔව්. ගොඩක් අය සල්ලි දීලා තමයි ඔය තරගෙට යන්නේ. සමහර අය එහේ ගිහින් තරගේ ජයග්‍රහණය කළා කියලා ලක්ෂ හතරක් පහක් වියදම් කරලා කිරුළත් අරන් එනවා. මට නම් ලොකු සල්ලියක් නෑ. සාමාන්‍ය ගෑනියෙක්. මම නම් අනිත් අය වගේ ලොකු සල්ලිකාර මහත්තයෙක් එක්ක නෙමේ විවාහ වෙලා ඉන්නේ. ඒ නිසා මට සල්ලි වියදම් කරලා තරගවලට සහභාගි වෙන්න වත්කමක් නෑ. කොහොමත් මේ තරගෙට මගේ නම නිර්දේශ කළාටත් ගොඩාක් අය මාත් එක්ක තරහෙන් ඉන්නේ.

 

lakbima

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.