Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

සුනිල් මිහිඳුකුල ජීවිත සිනමාවෙන් සමුගනී

සුනිල් මිහිඳුකුල ජීවිත සිනමාවෙන් සමුගනී

ස්වකීය ජීවීත කාලයෙන් අඩකටත් වඩා සිනමා ලේඛනයෙන්- විචාරයෙන් ලාංකේය සිනමා සංස්කෘතිය පෝෂණය කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී සුනිල් මිහිඳුකුල අද (30) උදෑසන ජීවිත සිනමාවෙන් සමුගත් අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ජුනි 1දා සවස රුක්මල්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය කොට්ටාව රුක්මල්ගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ අද දහවල් සිට මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.


කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ සුනිල්ගෙන් සිනමා ලේඛනයට- ග්‍රන්ථකරණයට සහ සිනමා සංස්කෘතියට ඉටු වූ මහඟු මෙහෙවර උදෙසා පසුගියදා පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී උපහාර සම්මානයක් පිරිනැමුණු අතර ඉන් අනතුරුව ඔහුගේ සේවය අගැයීමේ උපහාර උළෙලක් ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වුණේ ප්‍රවීණ සිනමාවේදීන්- සිනමා නළු නිළියන්- ජනමාධ්‍යව්දීන් සහ අනෙකුත් කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.