Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රෝහින්ග්‍ය අර්බුදයෙන් රෑ රැජිනට කිරුළ අහිමිවේ

රෝහින්ග්‍ය අර්බුදයෙන් රෑ රැජිනට කිරුළ අහිමිවේ

රකයින්' පළාතේ සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය 'රූ රැජින සම්මානය' තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසයි.

'රකයින්' පළාතේ ගැටුම් සිදු කරන බවට රෝහින්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින්, ස්වේ ඒන් සි (Shwe Eain Si) නම් එම සුරූපී තරුණිය විසින් තැනූ 'ග්‍රැෆික්' වීඩියෝ පටයක් පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇත.

ඉන් අනතුරුව අදාළ තරඟයේ සංවිධායකයන් විසින් දහනව හැවිරිදි සුරූපිනිය දිනා සිටි 'රූ රැජින' කිරුළ (Miss Grand Myanmar) අහෝසි කරනු ලැබ ඇත.

ස්වේ ඒන් සි (Shwe Eain Si) ඇය කිරුළු පළන් රූ රැජින තරඟයට අදාළ කොන්දේසි කඩ කර ඇතැයි පවසන තරඟ සංවිධායකයෝ ඇයගේ හැසිරීම 'ආදර්ශමත් චරිතයකට නොගැළපෙන' බව පෙන්වා දෙති.

එහෙත් ඇය විසින් අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇති වීඩියෝ පටයේ අන්තර්ගතය සම්බන්ධයෙන් තරඟ සංවිධායකයෝ අදහසක් දක්වා නැත.

"පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින" බව ස්වේ ඒන් සි පවසන්නීය.

(බී.බී.සිය ඇසුරෙනි)

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.