Menu

logo new 2015-5-11

Shamrock-png

දලිත් දේශපාලනය, ස්ත්‍රීවාදී සාහිත්‍ය හරහා ලක්ෂ්මි හෝම්ස්ට්රෝනම් කියවීම - සුභාෂිනී චතුරිකා

දෙමළ සාහිත්‍ය තුළ පෙළහර පෑ විශිෂ්ඨතම පරිවර්තිකාවක් මෙන්ම සම්මානලාභි දෙමළ කෙටිකතා සහ කාව්‍ය පරිවර්තිකාවක් වන ලක්ෂ්මි හෝම්ස්ට්රෝනම්, මැයි මස 7 වැනිදා(2016) මෙලොව හැර ගියාය.

Read more...

ප්‍රථම ටෙලියේ අධ්‍යක්ෂ ඩී.බී නිහාල්සිංහ මිය යයි

මෙරට සිනමා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවකු වන ආචාර්ය ඩී.බී නිහාල්සිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත.

Read more...

ප්‍රේමදාස විතානගේ ජීවිත රග මඩලින් සමුගනී

ප්‍රකට වේදිකා හා ටෙලිනාට්‍ය හා සිනමා රංගන ශිල්පියෙකු වන ප්‍රේමදාස විතානගේ මහතා කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය. ඔහු වසර 45 ක් පුරා රංගනයේ නිරතව සිටි අයෙකි.

Read more...

සායාගේ ජේලර් 08 වන දා එළියට එයි

ඔහු අපූරු නිවේදකයෙකි. නාට්‍ය රචකයෙකි, මාධ්‍ය වේදියෙකි, අධ්‍යක්ෂවරයෙකි, සාහිත්‍ය ධරයෙකි, අපූරු මිනිසෙකි, මේ අසංක සායක්කාර නම් යෞවුන් වියේ නිර්මාණ කරුවා පිළිබද කෙටිම හැදින්වීමය. ඔහු අලුතෙන් වැඩකට අතගසා ඇත. නව කතාවකි. නිර්මාණකරුවෙකුගේ සංවරවීම හා පරිනත වීම ඔහු විසින් සාත්සාත් කර ගනු ලබන මහා සාහිත්‍ය අත්පත් කර ගැනීම විසින් පිළිබිඹු වනවා සේම අසංක සායක්කාරයන්ද එකී පරිනතවීමට අතගසා ඇත.

Read more...

කෝපි කඩේ එන්සිනත් මිය යයි

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ එන්සිනාගේ චරිතය හේතුවෙන් ප්‍රකට ව සිටි රංගන ශිල්පිනි සුසිලා කූරගම ඊයේ (01) අභාවප්‍රාප්ත වී තිබේ.

Read more...

අබිලිං මිය යයි

ශ්‍රී ලංකාවේ දීර්ගතම ටෙලි නාට්‍යය වූ කෝපි කඩේ ටෙලි නාට්‍යෙයෙහි රංගන ශිල්පියෙකු වූ අබිලිං සිඤ්ඤොගේ චරිතටය පන පෙවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු අද (15) ජීවිත රඟ මඩලෙන් සමුගත්තේය. මිය යන විට ඔහු 67 වන වියේ පසුවූ බවද වාර්තාවේ.

Read more...

ස්කයිප් එකෙන් කල යුධ පිටිය

කොළඹ විශ්වවිද්‍යාලයේ " යුධ පිටියේ සවාරියක් " සහ " උදාර නිදහස " නාට්‍ය පැවතුනා.. නාට්‍ය බලන්න යන්න කලින්ම පවුද්ගලිකව මට අදහසක් තිබුන මේ නාට්‍යයේ පසුබිම ගැන. එනිසාම පළමුවත් දෙවනුවත් මේ සටහන ලියන්න කලින් විජිත ගුණරත්න ප්‍රමුක පනම් හතරක් හොයා ගන්න විදෙස් ගත වෙලා ඉතාලියේ ජීවත් වෙන සහෝදරයන්ට මගේ ආදරය පිරිනමලා ඉන්නම ඕනි.

ලංකාවේ වගේම යුරෝපෙත් රැකියාවක එක දිගට නිවාඩුවක් ගන්නවා කියන්නේ ලෙහෙසි පහසු කාර්යක් නෙවි. ඕනිම මොහොතක උඹ හෙට ඉඳන් වැඩට එන්න එපා කියන්න පුළුවන්. එවැනි වට පිටාවක අමාරුවෙන් රැකියා වලින් නිවාඩු අරගෙන ලක්ෂ ගානක් මුදල් වියදම් කරලා ටිකට් අරගෙන ඒ ලැබෙන නිවාඩුවේ සියලුම දවස් නාට්‍ය වෙනුවෙන් කැපකරලා, ඉතාමත් අඩු පහසුකම් මැද අතිශය වෙහෙසකර උත්සහයක නිරත වෙලා ඉන්න ඔවුන්ගේ දහදිය සුවඳ දැනෙනකොට වචනයෙන් නොකිව්වට සහෝදරයා වරෙන් මාව වැළඳ ගනින් කියන්න හිතෙනවා.

විජිත ගුණරත්න අවුරුදු ගණනක තමන්ගේ නාට්‍ය දැනුම පෙරපාසල් දරුවෝ ටිකක් මුල ඉඳන් හදන්න වගේ හදල කියල දැනෙන්නේ, මේ මොහොතේත් යම් අඩු පාඩු කතා කරනකොට පවා දක්වන දයාබරකම දැනෙන්නේ, දවසම වැඩ කරලා මහා රෑ එකට දෙකට පුහුණුවීම් වලට එන කම්කරුවාගේ මනෝ භාවය තේරුම් අරගෙන.

නාට්‍ය අධ්‍යක්ෂක වරයෙක්ට නාට්‍ය පුහුණුවීමක් අතරතුර නළුවන්ට කෑ ගහන්න පුළුවන්. එහාට වෙන්න මෙහාට වෙන්න, තව හැගීම් දෙන්න රිලැක්ස් වෙන්න කියන්න පුළුවන්. සොදුරු නියෝග දෙන්නාගේ වැඩේ කරන්න පුළුවන්. නමුත් විජිත මේ දේවල් කරලා තිබෙන්නේ කම්පියුටරයක ස්ක්‍රීන් එකකින් බලාගෙන. එක නළුවෙක් හදනකොට අනිත් නළුවා ස්ක්‍රීන් එකේ පෙන්නේ නැහැ.

ඒ නිසාම විජිත ගුණරත්නගේ මේ දේශපාලනික දුෂ්කර උත්සාහය නාට්‍ය ඉතිහාසෙ ඒ බරින්ම ලියවෙනවා.

ඔහු නාට්‍ය අධ්‍යක්ෂක වරයෙක් පමණක්ම නෙවි. හැකිනම් කරමු, නොහැකිනම් කෙසේ හෝ කරමු කියන දහිර්යක් තියෙන මිනිහෙක්.

ඒ ගරුත්වය ඔවුන්ට දෙන ගමන්ම ආදරයෙන් ඔවුන්ට යෝජනා කිහිපයක් කරනවා. තව තවත් ඔවුන් තමන්ගේ සතරවිධ අභිනය ගැන පුහුණුවීම් කරන්නම ඕනි. උදාහරණයක් විදිහයට අන්දයා හා කොරා කියන චරිත දෙක ගනිමු. අන්දය ඇස් දෙක පේනවට අකමැති වෙන්නේ ඇයි. ? කොරා ඇවිදින්න පුළුවන් වෙනවට අකැමති වෙන්නේ ඇයි? ලෝකේ කිසිම මිනිහෙක් නොපෙනන ඇස් දෙකක් පේනවට අකමැති වෙන්නේ නැහැ.

ලෝකේ කිසිම මිනිහෙක් ඇවිදින්න බැරි කකුල් දෙකට වාරු එනවට අකමැති වෙන්නේ නැහැ. හැබැයි මේ සමාජ ක්‍රමය ඔවුන්ට ඒක උරුම කරලා. දෙවියන්ගේ පුත්‍රයා ඇස් පෙනීම දුන්නට කකුල් වලට පන දුන්නට කුසගින්නට කන්න මුකුත් හොයල දෙන්නේ නැහැ. බඩගින්නේ මැරෙනවට වඩා ඉහත දුබලතා හොඳයි කියල හිතෙන්නේ ඒ නිසා.

ඉතින් ඒ හැගීම , ඇස් පේනවටත් කැමති එත් අකමැති කකුල් පන එනවටත් කැමති ඒත් අකමැති ඒ සංකීර්ණ හැගීම්, කුතුහලය ප්‍රතිනිර්මාණය කරනකොට තව තවත් හදාරන්න ඕනි. ඒ මනෝභාවයන් අධ්‍යනය කරන්න ඕනි කියල සහෝදරත්වයෙන් යෝජනා කරනවා.

ගැහැණියකගේ චරිතයකට පන පොවන එක ලෙහෙසි පහසු නැහැ. මොකද බොහෝ විට ගැහැණියකගෙ චරිතයක් පිරිමියෙක් කරනකොට ඒක විහිලුවකට ලං වීමේ සම්භාවිතාව වැඩි. ඒ නළුවම විනාඩි ගණනකින් ඊට සපුරා වෙනස් චරිතයක් කිරීම ප්‍රවීණ නළුවෙක්ටත් පහසු නැහැ. ඒ අභියෝගය බාර අරන් ඉන්න සහෝදරයා තව තවත් ඒ ගැන අධ්‍යනය කලයුතුයි කියල යෝජනා කරන ගමන්ම මේ මොහොතේ ඔහුගේ ප්‍රත්භාවට අදාල ගරුත්වය ලබා දෙන්නේ හිත ඇතුලේ කැකෑරෙන ආදරෙන්.

ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියො පවා රට පුරා දිගට දර්ශන දෙක තුනක් යද්දී ශාරීරිකව කඩා වැටෙන්නේ ගමන් මහන්සියේ ඉඳල කෑම බීමේ ඉඳල සියල්ල සුව පහසු නැති නිසා. එත් ඒ කිසිදු අත් දැකීමක් නැති උඹලගේ ජවය ගැන උද්යෝගය ගැන ආඩම්බරයි.

ඉතින් සියළු සගයනි, යන්න කලින් ආයිත් දවසක් හරි උඹලගේ දැවැන්ත කැපකිරීම, උත්සාහය විඳ ගන්න දහිර්යක් වෙන්න මොහොතකට හරි ලංකාවේ කොහේ හෝ තැනක හමු වෙනවමයි. ඉතින් ජය.

ලක්මාල් රණබාහු

 

Read more...

රන්දුනුගේ සංචරණ කෘතිය දොරඩවැඩමුම 01 වෙනිදා

මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ඉතාම ජනප‍්‍රිය මෙන්ම වඩාත් කථාබහට ලක්වන ක්ෂේත‍්‍රයක් වන සංචාරක ව්‍යාපාරය ආශ‍්‍රිතව සිංහල භාෂාවෙන් ලියවී ඇති ග‍්‍රන්ථ ප‍්‍රමාණය ඉතා අල්පය. නමුත් අද වන විට විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රය තුළ විද්‍යාර්ථයින් සඳහා මෙන්ම උසස් පෙළ ඇතැම් විෂයන් සඳහා ද සංචාරක ව්‍යාපාරය සම්බන්ධ කොටස් ඇතුළත් වී තිබේ. එබැවින් ලෝක සංචාරක ව්‍යාපාරයේ ඓතිහාසික වර්ධනයත් ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුම ආශ‍්‍රිත සංචාරක ව්‍යාපාරය පිළිබඳවත්, විමර්ශනාත්මක ශාස්ත‍්‍රීය ලිපි ඇතුළත් ග‍්‍රන්ථයක් වූ සංචරණ කෘතිය පොදුවේ කා හටත් පහසුවෙන් පරිශීලනය කළ හැකි ආකාරයෙන් රචනා කොට තිබේ.

Read more...

පසුව පැමිණි ලියමන - ඔබ නැතිව ඔබ එක්ක - කැළුම් නවරත්න

ලංකාවේ ජාතික ගැටළුව සම්බන්ධයෙන් මේ දිනවල එක් එක් ආකාරයේ සාකච්ඡා මතුවෙමින් ඇති අතර දේශපාලන පක්ෂ, සිවිල් ක‍්‍රියාකාරිකයින් විශේෂ වශයෙන් මේ ප‍්‍රශ්නය දෙසට ක‍්‍රියාත්මක වෙමින් පවතී. ඒ තිබියදීත් පසුගියදා තිරගත වුණු ප‍්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත‍්‍රපටය පිළිබෙද සිදුකළ සාකච්ඡාවේ ඇති දරිද්‍රතාවය පිළිබද අපි නැවතත් සිතිය යුතුය. විචාර එකක් දෙකක් (භූපති නලින් දේශනය හා අජිත් පැරකුම්ගේ විචාර පිළිබ`ද මම දැනුවත්වීමි) හැරෙන්නට මෙම කෘතිය පිළිබ`ද පළවූ කෘතියේ දෘශ්ටිවාදී ආස්ථාන පිළිබද තවදුරටත් සාකච්ඡාව අවුලූවාලීමට අවශ්‍ය බවයි මට නම් සිතෙන්නේ.

Read more...

පෞරුෂයක් සහිත හඬ නිර්මාණ එළිදැක්වෙන, මන්දර පව්ව

ලාංකේය සංගීතයේ නව මං සොයා යන හඬ පෞරුෂයන් පහකින් සමන්විත වූ මන්දර පව්ර නම් සංගීත නිර්මාණ ප්‍රසංගය නොවැම්බර් මස 28 වන දින නෙළුම් පොකුණේදී කරලිගත වීමට නියමිතව ඇත.

Read more...

මාස්ටර්ගේ හැන්දෑව පදනම් ආයතනයේදී

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස හත්වන ගුණ සමරුව 'කේමදාස හැන්දෑව' නමින් 2015 ඔක්තෝම්බර් 01 බ‍්‍රහස්පතින්දා ප.ව. 4:00 ට ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.