Menu

logo new 2015-5-11

Shamrock-png

"ආදරණීය වික්ටෝරියා" ගැන අනුර කී කතාව (වීඩියෝ)

ප්‍රවීන ලේඛක, මාධ්‍යවේදී මොහාන් රාජ් මඩවලගේ "ආදරණීය වික්ටෝරියා" නවකතාව පිළිබඳ "ත්‍රිමාණ කියවීමක්" මැයෙන් වූ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත් විනි.

Read more...

ටෝච්වලින් ෆ්ලෑෂ් ගසා ෆොටෝ ගැසූ තේනුවරගේ ප්‍රදර්ශනය ජුනි 12

ප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ලේඛකයකුවන ඉන්ද්‍රනාථ තේනුවර මහතාගේ අලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය ජුනි මස 12 සිකුරාදා සිට 15 සඳුදා දක්වා උදේ 9.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ කොල්ලුපිටියේ ෆොටෝ ටෙක්නිකා ගැලරියේ දී මහජන දැක්ම සඳහා විවෘත වෙයි. ප්‍රදර්ශනය දිනවල දී ආලෝක පින්තාරු සියල්ල ම පොත හා ඩිජිටල් ඡායාරූපකරණය පොත ද සහන මිලට ලබාගැනීමේ අවස්ථාව ඇත.

Read more...

ජවිපෙ නායකයා, වික්ටොරියා එක්ක රේස්කෝස් එක ලග

ප්‍රවීන මාධ්‍ය වේදී මොහාන් රාජ් මඩවල විසින් සම්පාදිත නවකතා ත්‍රිත්වයක් අලලා ලියවුනු ත්‍රිමාණ කියවීමක් ග්‍රන්ථය එළඹෙන 10 වන දින සවස 3.00ට කොළඹ තුරග තරග පිටිය අසල ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතව ඇත.

Read more...

මොනරතැන්නේ රජ්ජුරුවන් මිය යයි.

ප්‍රවීණ රංගන ශිල්පී ජේ.එච්.ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි.
දඩයම, හඳයා වැනි චිත්‍රපට රැසක රංගනයට එක්වූ ජයවර්ධන මහතා ටෙලි නාට්‍ය රැසකද රංගනයට එක්වී ඇත.

Read more...

ලංකාවේ මෝටර් සයිකලේට හොදම සාර්ක් සම්මානය

V වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙලේදී, හොඳම සිනමාපටය හා හොඳම අධ්‍යක්ෂක යන ප්‍රධාන සම්මාන යුගලයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.

Read more...

සමජයේ විකෘති බව දැක්වූ සෝමලාතා සුබසිංහයන් දිවිය හැරයයි.

ප්‍රවින කලාශිල්පීනී සෝමලතා සුබසිංහ අද (30)අලූයම අභාවප‍්‍රාප්ත විය.රෝගී වී දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස . අභාවප‍්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය. සෝමලතා සුබසිංහ වසර ගණනාවක් වේදිකාව , සිනමා සහ පුංචි තිරය යන කලා මාධ්‍යයන් හි විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කලාශිල්පිනියකි.

Read more...

මහත්මා ගාන්ධි ඉන්දියාවේ ප්‍රථම NGO කාරයා - අරුන්දතී රෝයි

මහත්මා ගාන්ධි යනු පුද්ගලික සමාගම් වලින් අනුග්‍රහය ලැබූ ඉන්දියාවේ ප්‍රථම රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තවරයා බව බුකර් සම්මානලාභි අරුන්දතී රොයි කල ප්‍රකාශයක් දැඩි මතභේදයකට තුඩුදී තිබේ. ඉන්දියාවේ කුලහීන ජනකොටස්, කාන්තාවන් හා දුප්පතුන් පිළිබඳව නින්දිත දේවල් ලියූ ගාන්ධිව පූජනීයත්වයෙන් සැලකීම සිය රටේ තිබෙන ලොකුම මිත්‍යාවක් බව ඇය විසින් තවදුරටත් පවසා තිබේ.

Read more...

ලෝක නායකයින්ට මළ පනින චිත්‍ර

artpeope නැමැති වෙබ් අඩවිය විසින් ලෝක නායකයින් හා ලෝ ප්‍රකට පුද්ගලයින් මළ පහ කිරීමේ දී සිටින ඉරියව් දැක්වෙන සිතුවම් රාශියක් එළි දක්වා ඇත. ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමකදී සදහන් කොට ඇත්තේ මෙය විශේෂිත පුද්ගලික කරුණක් වුවත් සිතුවමක කුතුහලය, හා එම අවස්ථාවේ මානසිකත්වය මෙන්ම ඉරියව් ද මෙම සිතුවම්වලින් එළි දැක්වීමට උත්සුක වූ බවයි.

Read more...

මහා සමාජ කථිකාවක් නාට්‍ය හරහා ගොඩනැගී නෑ - නාට්‍ය අධ්‍යක්ෂ අසංක සායක්කාර

මොකක්ද මේ සංඝදාසගේ චූටි කලිසම කියන්නේ...?

සංඝදාසගේ චූටි කලිසම කියන්නේ මගේ අලූත්ම දිගු නාට්‍ය. මීට කලින් දෙවතාවක් මම දිගුනාට්‍ය නිෂ්පාදනය කරලා තියෙනවා. 1999 මම මුළින් නාට්‍ය කලාවට අවතීර්ණ වන්නේම දිගුනාට්‍යක් නිර්මාණය කරමින්. මම එතකොට උසස් පෙළ හදාරණ ශිෂ්‍යයෙක්. ඒ කාලෙ වෙන කොට නාට්‍ය කලාවේ දිගක් පළලක් ගැන මොළෝ අවබෝධයක් තිබුණු නෑ. ඒත් අපි තිබ්බ උණට ඒක කරා. මංගල දර්ශනයෙන් ම වැඬේ නැවතුණා. ඊළඟට මම නැවත දිගු නාට්‍යයක් නිර්මාණය කළේ 2008 අවුරුද්දෙ. ඒ ‘කිරිබද්දෝ’ අවාසනාවකට රැගුම්පාලක මණ්ඩලය ඒ නාට්‍ය තහනම් කරා. එතනින් පස්සේ තමයි මම මගේ තුන්වැනි දිගු නාට්‍ය විදියට සංඝදාසගේ චූටි කලිසම නිර්මාණය කළෙ. මේ කාලය ඇතුළත කෙටි නාට්‍ය 8ක් පමණ මම නිර්මාණය කරලා තියෙනවා.

මෙතෙක් ඔබ කළ නාට්‍ය තුළ අපි දුටුවා ප‍්‍රහසනය වඩාත් ඉස්මතුවී ඇති බව, ප‍්‍රහසනය පදනම්ව ගොඩනගන නාට්‍ය මගින් සමාජ කතාබහක් ගොඩ නැගී තිබෙනවාද..?

ඔතන ප‍්‍රහසනය කියන වචනෙට ලඝු කරන්නේ නැතුව පොදුවේ නාට්‍ය කියන වචනය අදාළ කරගෙන විග‍්‍රහ කරත් මම විශ්වාස කරන්නේ නෑ මහා සමාජ කථිකාවක් නාට්‍ය හරහා ගොඩ නැගිලා තියෙනවා කියලා. නාට්‍ය හරහා ගොඩ නැගෙන කථිකාවන් නිශ්චිත කුලකවලට සීමා වෙලා තියෙනවා. මේක තමයි එක අතකට අපි මූණ දෙන අර්බුදය. මේ සීමිත කථිකාව පොදු සමාජ කථීකාවක් බවට පරිවර්තනය කරවීම තමයි අනිත් පැත්තෙන් අභියෝගය.

එහෙනම් ඇයි ඔබ වැඩිපුර ප‍්‍රහසනය නාට්‍ය වලට යොදාගන්නේ...

ප‍්‍රහසනයම යොදා ගන්නවා කියලා නියතියක් නෑ. මම කැමතියි මට කියන්න ඕන දේ බොහොම සරල අඛ්‍යානයක තියලා සැහැල්ලූවෙන් පේ‍්‍රකෂයාට කියන්න. එතැන්දී මතුපිට ප‍්‍රහසනමය අත්දැකීම් තියෙන්න පුළුවන්. ඒත් ඒ වියමන ඇතුළෙ අපි කරන ගනුදෙනුව දේශපාලනිකයි.

ඇත්ත ගත්තොත් තවමත් මනමේ සිංහබාහු විතරක් නෙමෙයි නරිබෑණාටත් හොල්වල කටකපලා මොකක්ද හේතුව

මං දකින විදියට ඒකට හේතු කීපයක් තියෙනවා. මුළින්ම කියන්න ඕනේ ඔබ ඔය මතු කළ නාට්‍ය තුනම හොඳ නාට්‍ය. මිනිස්සුන්ට විඳින්න පුළුවන් නාට්‍ය. ඒ නිසා තමයි අදටත් ඒ නාට්‍ය බලන්න මිනිස්සු යන්නෙ. අනිත් දේ තමයි මේවා කාලාන්තරයක් තිස්සේ වේදිකාව මත තිබුණු නිසා අද වෙනකොට ඓතිහාසික වටිනාකමක් මේ නාට්‍යවලට ලැබිලා තියෙනවා. ඒකත් ලොකු පිටිවහලක් වෙනවා නාට්‍යයට පේ‍්‍රකෂයො එකතු වෙන්න. ඊළඟට වඩා වැදගත්ම කාරණය තමයි මේ නාට්‍ය තුනම විවිධ කාල වල විවිධ ශ්‍රෙණි සඳහා විෂය නිර්දේශය තුළ තිබුණු නාට්‍ය. අපි උසස් පෙළ ඉගෙන ගන්න කාලෙ මනමේ නාට්‍ය සිංහල විෂය නිර්දේශයේ තිබුණා. ඒ නිසා අනිවාර්යයෙන් අපි මනමේ බැලිය යුතු යි. මේ තත්වයත් ලොකු බලපෑමක් කරනවා නාට්‍ය පේ‍්‍රකෂාගාරය පුරවන්න.


යක්ෂාගමනය, ධවලභීෂණ, වීරයා මැරිලා වැනි වර්තමාන වේදිකාව හා සමාජය පුරා කතා බහ වූ නාට්‍ය වෙනුවට දැන් දැන් නිෂ්පාදනය වෙන්නේ නාට්‍ය කෑලිවගේ ජාතියක් එක්ක ඉලක්ක කරන්නේ සම්මාන මේක ගැන මොකද කියන්නේ...?

ඔබේ ප‍්‍රශ්නයේ කොටස් කිහිපයක් තිබෙනවා. ඔබ සඳහන් කරන යක්ෂාගමනය, ධවලභීෂණ, වීරයා මැරිලා විතරක් නෙමෙයි ඊට පස්සේ නිර්මාණය වුණු වේදිකාව හා සමාජය පුරා කතා බහ වෙච්ච වර්තමාන නාට්‍ය තවත් බොහෝ ප‍්‍රමාණයක් තිබෙනවා. හොඳම උදාරණය මෙය තුවක්කුවක් නොවේ. මේ නාට්‍ය හරහා විශාල කථිකාවක් නිර්මාණය කිරීමේ අවකාශය ඉතාම හොඳින් පැතිරිලා තියෙනවා. ඒ වගේ නාට්‍ය වර්තමානය තුළ බිහිනොවෙනවා කියලා අපිට කියන්න බෑ.
අද වෙනකොට නාට්‍ය බිහිවෙන ආකාර කිහිපයක්ම අපිට හඳුන ගන්න පුළුවන්. කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට හදාරණ ශිෂ්‍යයෝ තමන්ගේ උපාධී පරීක්ෂණවලට අදාළ කොටසක් විදියට නාට්‍ය හා කෙටි නාට්‍ය නිර්මාණය කරනවා. අනෙක් පැත්තෙන් රාජ්‍ය නාට්‍ය උළෙල සහ යොවුන් නාට්‍ය උළෙල තේමා කරගෙන ඒ වෙනුවෙන්ම නාට්‍ය නිර්මාණය කරන පිරිසකුත් ඉන්නවා. තවත් කොටසක් ඉන්නවා දුවන්න නාට්‍ය හදන අය. මිට අමතරව පිටරට ෂෝස් දුවන්න නාට්‍ය හදන ප‍්‍රවණතාවයකුත් තියෙනවා. මේ හැමදේම මැද්දේ තමන්ගේ කැකෑරෙන දේ කියාගන්න උණට නාට්‍ය හදන කොටසකුත් ඉන්නවා. ඒ නිසා ඔය හැම ජාතියේම නාට්‍ය අතරේ ඔබ කියන වර්ගයේ නාට්‍ය කෑලි වගේ ජාතිත් තියෙනවා. අනිත් කාරණෙය සම්මාන ඉලක්ක කරගෙන නාට්‍ය නිර්මාණය කිරීම මම නම් අනුමත කරන්නේ නෑ. රාජ්‍ය නාට්‍ය උළෙලකට හෝ යොවුන් සම්මාන උළෙලකට නාට්‍ය ඉදිරිපත් කිරීමේ කිසිම වරදක් නෑ. හැබැයි ඒ ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ සම්මානයක් ලබාගැනීම වෙනුවෙන්ම නම් එතන ප‍්‍රශ්නයක් තියෙනවා.

සමාජ කථිකාවක් සඳහා මෙන්ම සමාජ පෙරළියක් සඳහා වන පසුබිම මෑත කාලයේ ඕනෑ තරම් ඉස්මතු වී පැවතියත් නාට්‍යයෙන් එය සිදුවී නෑ කිව්වොත්..

නාට්‍ය කරුවෙක්ට තනියෙන් සමාජ පෙරළියක් කරන්න බෑ. සමාජ පෙරළියකට උත්තේජනයක් සපයන්න පුළුවන්. සාමජ පෙරළියක් කියන්නේ ඊට වඩා සංකීර්ණ දේශපාලනික ක‍්‍රියාවලියක්. ඒවගේ දේශපාලන ක‍්‍රියාවලියක් එක්ක සමපාත වෙලා ඉන්න නාට්‍යකරුවෙක්ට පුළුවන් තමන්ගේ දේශපාලන ක‍්‍රියාවලියේ කොටසක් විදියට තමන්ගේ නිර්මාණාත්මක ශ‍්‍රමය භාවිතයේ යොදවන්න. හැබැයි ප‍්‍රශ්නෙ තියෙන්නෙ සමාජ පෙරළියක් සඳහා සූදානම් සමාජ බලවේගයක් අද වෙනකොට ලංකාවේ පොළොව මත තියෙනවද කියන එක. මේ සමාජ පෙරළිය කියන්නේ මහින්ද රාජපක්ෂව එළවළා මෛත‍්‍රීපාලව ගෙනාවා වගේ සරල වැඩක් නෙමෙයි. මගේ පටු දැනුම සහ අත්දැකීම් ප‍්‍රමාණය මත මගේ නිරීක්ෂණය නම් එහෙම සමාජ පෙරළියකට සූදානම් දේශපාලන ප‍්‍රවාහයක් මේ මොහොතේ ලංකාවේ පොළොව මත නෑ. අඩුම තරමෙ එහෙම ප‍්‍රවාහයක් බිහිවෙයි කියලා නිමිත්තක්වත් නෑ.

නාට්‍යකාරයෝ ආණ්ඩුවට බයයි නේද...?

ආණ්ඩුව කියන්නෙ මේ පවතින ධනවාදය ආරක්ෂා කරගෙන යන්න තියෙන මෙවලමක්නේ. ලංකාව ඇතුළෙ ආණ්ඩුවලට බය නාට්‍යකාරයෝ ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවලට ආදරය කරන නාට්‍යකාරයොත් ඉන්නවා. ආණ්ඩුවලට බය පිරිස එක්කො නිහඬවෙනවා. එහෙම නැත්තම් මේ ක‍්‍රමය අභියෝගයට ලක්වෙන කිසිම දෙයක් තමන්ගේ නාට්‍ය ඇතුළෙන් ඉදිරිපත් කරන්නෙ නැතුව වෙන වෙන දේවල් කතා කරනවා. ආණ්ඩුවලට ආදරය පිරිස ආණ්ඩු රකිමින් ඒ හරහා තමනුත් රැකෙමින් තමන්ගේ නිර්මාණ ඒ වෙනුවෙන් පාවා දෙමින් ජීවිත් වෙනවා. හැමකාලෙකම මේ දෙපිරිසම කලාව ඇතුළෙ හිටියා සහ ඉන්නවා. මං විශ්වාස කරන විදියට අපිට අවශ්‍ය ඔය දෙපිරිසම නෙමෙයි. දාරියෝ ෆෝ වරක් කිව්වා තමන්ගේ කාලය ගැන කතා නොකරන කලා නිර්මාණයක කිසිම අදාළත්වයක් නෑ කියලා. අපිටත් ඕනේ අන්න ඒ විදියට තමන්ගේ කාලය ගැන කොන්ද කෙළින් තියාගෙන කතා කරන්න පුළුවන් නාට්‍යකාරයෝ.

නාට්‍යකරුවෙක් වුණාම ක්ෂේත‍්‍රයට කොල්ලෝ කෙල්ලෝ ටිකක් ගෙනල්ල තියෙන්න ඕනේ... කවුද එහෙම හඳුන්වා දුන් නළු නිළියන්?

මම නාට්‍යකරන්නේ ගුරු කුල බිහිකරන්න නෙමෙයි. මේක මගේ ප‍්‍රකාශන මාධ්‍ය මට සමාජයට කියන්න ඕන දේ මම නාට්‍ය හරහා කියනවා. ඒ දේ ඉතාම හොඳට කියාගන්න අවශ්‍ය වෙන පිරිස තමයි මම මගේ නාට්‍යවලට යොදාගන්නෙ. අපි සියලූ දෙනා එකතු වෙලා නිර්මාණාත්මක කාර්යයක් කරනවා මිසක් පරපුරක් බිහිකිරීම හෝ ගුරුකුලයක් නිර්මාණය කිරීම මගේ කාර්යයක් නෙමෙයි. ඒක මට අදාළ නෑ.

සංඝදාසගේ චූටි කලිසම නාට්‍යයේ අන්තර්ගතය ගැන කතා කළොත්...?

මේක හරිම සරල කතාවක් තියෙන්නෙ. එක්තරා පරීක්ෂණයට රෝහලකට එන රෝගීයෙක් සහ වැඩවර්ජනයකට සූදානමින් ඉන්න හෙදියක් අතර වෙන සංසිද්ධියක් තමයි නාට්‍ය පුරාම ගලාගෙන යන්නෙ. සිද්ධියෙන් සිද්ධිය වෙන්නේ මොනවද කියන එක මගේ කාර්යය නෙමෙයි.එන්න ඇවිත් නාට්‍ය බලන්න. එත්කොට ඔබටම ඒ අන්තර්ගතය සමඟ ගනුදෙනු කරන්න පුළුවන්.

කවද්ද දැන් සංඝදාසගේ චූටි කලිසම වේදිකාවට එන්නෙ...?

මේ නාට්‍ය වෙනුවෙන් අපි මංගල දර්ශන දෙකක් දිස්ත‍්‍රික්ක දෙකක සැලසුම් කරලා තියෙනවා. ජුනි 26 පළවෙනි මංගල දර්ශනය බොරැල්ල පුංචි තියටර් රඟහලේ වේදිකාගත වෙනවා. ජුනි 27 හොරණදී අනෙක් දර්ශනය වේදිකාගත වෙනවා. නාට්‍ය චරිත නිරූපණය සඳහා දායක වෙන්නේ ජගත් චමිල, ලංකා බණ්ඩාරනායක සහ රොහාන් සිල්වා. වේදිකා පරිපාලනය රුවන් මලිත් පීරිස්. අංගරචනය පේ‍්‍රම් ජයන්ත කපුගේ. සංගීත නිර්මාණය හර්ෂ ආරියසිංහ.

සාකච්ඡා කළේ - තුසිත පතිරණ

Read more...

සොදුරු වයලීන් වාදකයාට පිහිට වෙමු..! රුවන් ගොඩ ගමු ..!!

වයලීනය හා මිතුරු වූ ඔහුගේ අතැඟිලි ලෙළදීමද, සැමවිටම මුවග රැඳුණු සැහැල්ලු සිනහවද අද දකින්නට නොමැතිය. කඩිසරව වයලීනයේ ස්වර ස්පර්ශ කිරීම වෙනුවෙන් දිවයන ඒ අතැඟිලි දෙස බලා සිටින ඔබට ඔබව පවා අමතක වෙන තරමට මිහිරියාවක් එක්කළ ඔහුගේ වයලීන වාදනයෙන් රසවත් වෙන්නට තවත් දවසක් උදාවේද යන සැකයෙන් මුසපත්ව බලා සිටින්නට අද අපට සිදුව තිබේ

Read more...

ඊතල වැස්සක් සමග මධු සාදයක් රාජගිරියේ..

ලක්ශාන්ත අතුකෝරලගේ ‘ඊ’ කාව්‍ය සංග‍්‍රහය පිළිබඳ මහජන සම්භාෂණය ‘මිසදුටු පොළොවට ඊතල වැස්සක් - නූතන ‘ම’ කවි කොපුව ලිහා ගමු’ යන මැයෙන් බීර විතක් සමගින් 2015 මැයි මස 07 වැනි දින සවස 4 ට රාජගිරිය, ‘ත‍්‍රිකෝණි’ සංස්කෘතික මධ්‍යස්ථානයේදී (1003/4, පාක් ලේන්, රාජගිරිය) පැවැත්වේ.

එහිදී නන්දන වීරසිංහ, ලාල් හෑගොඩ, තිඹිරියාගම බණ්ඩාර, සුනන්ද කරුණාරත්න, චූලානන්ද සමරනායක, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, හිනිඳුම සුනිල් සෙනෙවි, විදර්ශන කන්නන්ගර, දේවි ගාල්ලගේ, මහේෂ් කුමාර, නදී වාසලමුදලිආරච්චි මූලික කෙටි කථන සහ සංවාද ප‍්‍රවේශයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවාද සභාව මෙහෙයවන්නේ ප‍්‍රභාත් හේමන්ත විසිනි. මෙම මධුකාමී සාහිත සැඳෑවට සහභාගී වන ඔබ බීර පානය කරන්නේ නම් පමණක් රුපියල් 250.00 ක ප‍්‍රවේශ පත‍්‍රයක් ලබා ගත යුතු බව ද සංවිධායකයන් දන්වා සිටී.

‘ලාංකේය පාදඩ යථාර්ථවාදයේ ඉන්ද්‍රජාලික යුග මොහොමතක - සාහිත මධු සාදය’ යන නමින් හඳුන්වා දී ඇති සාහිත්‍ය කියැවීම පිළිබඳ මෙම නව අත්දැකීමේ මොහොත සංවිධානය කරනු ලබන්නේ ‘රස’ වා්‍යාපරය සහ ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ විසිනි.

විමසීම් - 0712 667592 / 0715 971183

Read more...

ත්‍රීවීලර් අනතුරකින් දයා අල්විස් මිය යයි.

රංගන ශිල්පි දයා අල්විස් මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු පසුගියදා (19) රාත්‍රියේ දී ත්‍රිරෝද රියක හැපී ඇති අතර ඉන් ඔහුට පිටතට පෙනෙන තුවාල සිදුව නොමැති වුවද ඔහු නිවසට ගිය පසු සිහිය නැතිවීමක් සිදුවීමෙන් පසුව (20) පෙරවරුවේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර තිබිණි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.