Menu

logo new 2015-5-11

Shamrock-png

ඊතල වැස්සක් සමග මධු සාදයක් රාජගිරියේ..

ලක්ශාන්ත අතුකෝරලගේ ‘ඊ’ කාව්‍ය සංග‍්‍රහය පිළිබඳ මහජන සම්භාෂණය ‘මිසදුටු පොළොවට ඊතල වැස්සක් - නූතන ‘ම’ කවි කොපුව ලිහා ගමු’ යන මැයෙන් බීර විතක් සමගින් 2015 මැයි මස 07 වැනි දින සවස 4 ට රාජගිරිය, ‘ත‍්‍රිකෝණි’ සංස්කෘතික මධ්‍යස්ථානයේදී (1003/4, පාක් ලේන්, රාජගිරිය) පැවැත්වේ.

එහිදී නන්දන වීරසිංහ, ලාල් හෑගොඩ, තිඹිරියාගම බණ්ඩාර, සුනන්ද කරුණාරත්න, චූලානන්ද සමරනායක, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, හිනිඳුම සුනිල් සෙනෙවි, විදර්ශන කන්නන්ගර, දේවි ගාල්ලගේ, මහේෂ් කුමාර, නදී වාසලමුදලිආරච්චි මූලික කෙටි කථන සහ සංවාද ප‍්‍රවේශයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවාද සභාව මෙහෙයවන්නේ ප‍්‍රභාත් හේමන්ත විසිනි. මෙම මධුකාමී සාහිත සැඳෑවට සහභාගී වන ඔබ බීර පානය කරන්නේ නම් පමණක් රුපියල් 250.00 ක ප‍්‍රවේශ පත‍්‍රයක් ලබා ගත යුතු බව ද සංවිධායකයන් දන්වා සිටී.

‘ලාංකේය පාදඩ යථාර්ථවාදයේ ඉන්ද්‍රජාලික යුග මොහොමතක - සාහිත මධු සාදය’ යන නමින් හඳුන්වා දී ඇති සාහිත්‍ය කියැවීම පිළිබඳ මෙම නව අත්දැකීමේ මොහොත සංවිධානය කරනු ලබන්නේ ‘රස’ වා්‍යාපරය සහ ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ විසිනි.

විමසීම් - 0712 667592 / 0715 971183

Read more...

ත්‍රීවීලර් අනතුරකින් දයා අල්විස් මිය යයි.

රංගන ශිල්පි දයා අල්විස් මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු පසුගියදා (19) රාත්‍රියේ දී ත්‍රිරෝද රියක හැපී ඇති අතර ඉන් ඔහුට පිටතට පෙනෙන තුවාල සිදුව නොමැති වුවද ඔහු නිවසට ගිය පසු සිහිය නැතිවීමක් සිදුවීමෙන් පසුව (20) පෙරවරුවේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර තිබිණි.

Read more...

වෙලේ සුදා ගැන කියලා, ලස්සන නිළියන්ට මඩ ගහනවා - සේමිණි

වෙලේ සුදා සමග සබඳතා පැවති බවට තමන්ට එල්ල වී ඇති චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යය බව සේමිණි ඉද්දමල්ගොඩ සහ ලෝචනා ඉමාෂි යන රංගන ශිල්පිණියන් පවසයි.

Read more...

කලා දිවියේ දුක් විදි සුළං කුරුල්ලා නික්ම යයි

ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකුවූ හරූන් කුමාර් ලන්ත්‍රා මහතා අද (21) මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 83 ක් වූ ඒ මහතා පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන්ද පසුවිය.

Read more...

නිමල් මෙන්ඩිස් දිවියෙන් සමුගනී

ශ්‍රී ලාංකේය සිනමා සංගීතයේ වෙනස් කම් රැසකට දායක වූ ප්‍රවීණ සංගීතවේදී නිමල් මෙන්ඩිස් ඊයේ (16) සිය දිවි මියැසියෙන් සමු ගත්තේය.
ගඟ අද්දර, බැද්දේගම, ගැහැණු ළමයි, අහසින් පොළවට, කොළඹ සන්නිය, දුවට මවක මිස සහ ගෝඩ් කිං ආදී චිත්‍රපට රැසකට සංගීතය සැපයූ නිමල් මෙන්ඩිස්ගේ ‘මාස්ටර් සර්’ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් විය.

Read more...

ලංකා සිනමාවේ සමලිංගිකත්වය ගොඩ දැමීමට ‘ෆ්‍රැන්ජිපැනි’ එයි

‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය බව එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පවසයි.

චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස සමලිංගික චරිතයක් පෙනී සිටීම සහ සමලිංගික චරිත සම්බන්ධයෙන් චිත්‍රපටය හරහා ගොඩ නගන යහපත් ආකල්පය යන නිර්ණායක මුල් කර ගනිමින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස හැඳින්විය හැකි බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේ.

Read more...

සුන්දර බොහෙමියානුවා දකින්නට ගියෙමි.

හවස හිරු බසිද්දී බොරැල්ල කනත්ත ඉදිරිපිට ජයරත්න මල් ශාලාවට ගියේ මොකද්දෝ බරක් ද හිතෙන් අරගෙන. ගැවසෙන මිතුරු සමූහය අතර මා ඔහුගේ නිසල කය දෙස බලා සිටියේ මේ බොහෙමියානුවා කෙතරම් සුන්දර මිනිසෙක්දැයි සිතමිනි. කිසිදු භෞතික වස්තුවකට ඇලුම් නොකළ, නිවසක්, වාහනයක්, ගැහැනියක්, දරුවෙක්, තනතුරක් ඈ සකල විධ බැඳීම් අත්හැර ජීවිතයේ විඳීම් පමණක් අල්ලාගත් මා දුටු සුන්දරම මිනිසා ඔහු විය.

Read more...

පසන්, ඔබට සුපසන් ගමන්

ඉතින් යළි
යෝධයකු ජිවත් වූ කෙසග සිරුර ද
දිගැටි හිස කේ සහ දඩබ්බර රැවුල ද
විශ්මයෙන් විසල් වු දෙනෙත ද
නුගේගොඩ බෝ ගහ අස
යළිත් ඇස නොගැටෙනු ඇත

විශ්වයේ සෑම මුල්ලක ඔහේ ඇවිද 

කාටත් හොරෙන් කතන්දර බෝ ඇහිඳ 
දිවා රෑ කියවමින් තනිව රස නොවිඳ 
බෙදා දුන් පිනම ඇති නිවන් යන්නට සබඳ

ලෝක සිතියමක් කොට අවන්හල් මේසය 
සිගරැට් දුමෙන් මවා මහා ආකාසය 
විශ්වයේ හැම කොණට නිතර ඔබ ආ ගිය
ඒ දවස් යළි නොඑන එකයි දැඩි ශෝකය

ඉතින් මම ඔබ නැතිව දෙල්කඳ ට ඇවිදිමි

ඔලිම්පික් අවන්හල් ඝණ අඳුරෙ තනිවෙමි
ඔබ දමා ගිය වචන කොහෙන් හෝ අහුලමි
මූර් පූසා සමග ඉකි ගසා වැළපෙමි...

පසන්, ඔබට සුපසන් ගමන්...!!!

Read more...

නාමල්ට සමුගන්නට දෙන්නේ නෑ නමින් ගී ප්‍රසංගයක්

දැඩි රෝගාතුර තත්ත්වයක පසුවන නාමල් උඩුගමට අවශ්‍ය ශෛල්‍යකර්මය සිදුකිරීම සදහා මුල්‍ය පහසුකම් ලබාගැනීමට අප්‍රේල් 02 වන දින මහගරම යොවුන් රගහලේදී සංගීත ප්‍රසංගයක් සූදානම් කොට ඇති අතර ඒ සදහා නාමල්ට හිතවත් සැමට මෙන්ම රසකාමීන්ට සංවිධායක මණ්ඩලය විසින් ආරාධනා කොට සිටී.

Read more...

මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර

sekaramahagama“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය තැනී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු වශයෙන් ඒ විපර්යාසයට මැදිව ඊට හසුවී ගසාගෙන නොයන්නට තමා තුළ ඇතිවන අරගලය කවි කැඩපතක් ලෙස අප හමුවේ තබනවා.

Read more...

රස ව්‍යාපාරය ඇරඹේ - බොරදිය පොකුණ කැළඹේ ..!

සත්‍යජිත් මාඉටිපේ විසින් නිර්මාණය කරන ලද ‘බොර දිය පොකුණ’ චිත‍්‍රපටය පිළිබඳව සිනමා මධු ලෝලී විද්වත්-රසික මහජන සම්භාෂණය කොළඹ කොටුව, රිකී - අංක 2 සිනමා ශාලාවේදී 2015 මාර්තු 17 සවස 4 ට පැවැත්වේ. එදින සවස 1 ට බොර දිය පොකුණ චිත‍්‍රපටයේ සම්පූර්ණ පිටපත ප‍්‍රදර්ශනය කෙරේ.

Read more...

ලංකාවේ ජනවාරි 08 ගැන කියවෙන No චිත්‍රපටය

චිත්‍රපටයකින් ලැබෙනුයේ හුදු සරල රසාස්වාදයක් පමණක් නොවේ. එය පුද්ගලානුබද්ධ චින්තනය, චින්තන වීථි වෙනස් කර ඔහුගේ චර්යාත්මක වෙනසක් සහ එමගින් දිශාව සොයා ගත් නව ජීවන ක්‍රියාවක් ද ජනිත කරවිය හැකි බලගතු දේශපාලන මෙවලමක් ද වේ. මේ මතය තීව්‍ර ව තහවුරු කෙරෙන චිත්‍රපටයක් 85 වන ඇකඩමි සම්මාන උළෙ‍ලේදී හොඳම විදේශ භාෂීය චිත්‍රපටය ලෙස නිර්දේශිත විය. එය නම් 2012 වසරේදී පැබ්ලෝ ලැරේන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු NO නම් වූ චිලී සිනමා කෘතියයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.