Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පසන්, ඔබට සුපසන් ගමන්

ඉතින් යළි
යෝධයකු ජිවත් වූ කෙසග සිරුර ද
දිගැටි හිස කේ සහ දඩබ්බර රැවුල ද
විශ්මයෙන් විසල් වු දෙනෙත ද
නුගේගොඩ බෝ ගහ අස
යළිත් ඇස නොගැටෙනු ඇත

විශ්වයේ සෑම මුල්ලක ඔහේ ඇවිද 

කාටත් හොරෙන් කතන්දර බෝ ඇහිඳ 
දිවා රෑ කියවමින් තනිව රස නොවිඳ 
බෙදා දුන් පිනම ඇති නිවන් යන්නට සබඳ

ලෝක සිතියමක් කොට අවන්හල් මේසය 
සිගරැට් දුමෙන් මවා මහා ආකාසය 
විශ්වයේ හැම කොණට නිතර ඔබ ආ ගිය
ඒ දවස් යළි නොඑන එකයි දැඩි ශෝකය

ඉතින් මම ඔබ නැතිව දෙල්කඳ ට ඇවිදිමි

ඔලිම්පික් අවන්හල් ඝණ අඳුරෙ තනිවෙමි
ඔබ දමා ගිය වචන කොහෙන් හෝ අහුලමි
මූර් පූසා සමග ඉකි ගසා වැළපෙමි...

පසන්, ඔබට සුපසන් ගමන්...!!!

Read more...

නාමල්ට සමුගන්නට දෙන්නේ නෑ නමින් ගී ප්‍රසංගයක්

දැඩි රෝගාතුර තත්ත්වයක පසුවන නාමල් උඩුගමට අවශ්‍ය ශෛල්‍යකර්මය සිදුකිරීම සදහා මුල්‍ය පහසුකම් ලබාගැනීමට අප්‍රේල් 02 වන දින මහගරම යොවුන් රගහලේදී සංගීත ප්‍රසංගයක් සූදානම් කොට ඇති අතර ඒ සදහා නාමල්ට හිතවත් සැමට මෙන්ම රසකාමීන්ට සංවිධායක මණ්ඩලය විසින් ආරාධනා කොට සිටී.

Read more...

මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර

sekaramahagama“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය තැනී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු වශයෙන් ඒ විපර්යාසයට මැදිව ඊට හසුවී ගසාගෙන නොයන්නට තමා තුළ ඇතිවන අරගලය කවි කැඩපතක් ලෙස අප හමුවේ තබනවා.

Read more...

රස ව්‍යාපාරය ඇරඹේ - බොරදිය පොකුණ කැළඹේ ..!

සත්‍යජිත් මාඉටිපේ විසින් නිර්මාණය කරන ලද ‘බොර දිය පොකුණ’ චිත‍්‍රපටය පිළිබඳව සිනමා මධු ලෝලී විද්වත්-රසික මහජන සම්භාෂණය කොළඹ කොටුව, රිකී - අංක 2 සිනමා ශාලාවේදී 2015 මාර්තු 17 සවස 4 ට පැවැත්වේ. එදින සවස 1 ට බොර දිය පොකුණ චිත‍්‍රපටයේ සම්පූර්ණ පිටපත ප‍්‍රදර්ශනය කෙරේ.

Read more...

ලංකාවේ ජනවාරි 08 ගැන කියවෙන No චිත්‍රපටය

චිත්‍රපටයකින් ලැබෙනුයේ හුදු සරල රසාස්වාදයක් පමණක් නොවේ. එය පුද්ගලානුබද්ධ චින්තනය, චින්තන වීථි වෙනස් කර ඔහුගේ චර්යාත්මක වෙනසක් සහ එමගින් දිශාව සොයා ගත් නව ජීවන ක්‍රියාවක් ද ජනිත කරවිය හැකි බලගතු දේශපාලන මෙවලමක් ද වේ. මේ මතය තීව්‍ර ව තහවුරු කෙරෙන චිත්‍රපටයක් 85 වන ඇකඩමි සම්මාන උළෙ‍ලේදී හොඳම විදේශ භාෂීය චිත්‍රපටය ලෙස නිර්දේශිත විය. එය නම් 2012 වසරේදී පැබ්ලෝ ලැරේන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු NO නම් වූ චිලී සිනමා කෘතියයි.

Read more...

පියාණෝ සමාව නො දුන් සේක....

සමාජ ආර්ථික දේශපාලන සාධක වලට යටත්ව පුද්ගලික දේපල හිමිකරුවෙකු බවට පත් විය හැකි ප්රවවේශය විවාහය යනුවෙන් නම් තැබීම පසෙකලා, ඒ තුළින් ආරම්භ වන්නා උස ගැඹුරු ඓක්ය්මය ආත්මීයභාවය කෙතරම් ප්රවභල ද යන්න හුවා දැක්විය හැකි යම් ආඛ්යාරනයක් වෙත් නම්, උක්ත කාරණා යම් පමණකට හෝ අඩු වැඩිව සංගෘහිතව ඇති නිර්මාණයක් වශයෙන් අපේ නිදර්ශනය වන්නේ, එමිල් සෝලාගේ ෂේම් කෘතියයි. ප්රේවමරංජිත් තිලකරත්න නම් වූ වයෝවෘද්ධ බුද්ධිමතා ස්වකීය ආත්මීය වින්දනයක පහස සිංහල පාඨකයා සමඟ බෙදා හදා ගන්නේ, විළිබිය නම් වූ උක්ත මුල් ග්රධන්ථයේ පරිවර්තනය භාව සාගරයක පිහිනා යෑමට අපට ඇරයුම් කරමින් අප අසළ තබමිනි. දැන් ඉතිං එහි පිටු පෙරළීම අපේ ‘ආශාව‘ මත තීරණය වීමට නියමිතය. සැබැවින්ම ආශාව ගැන අප දන්නේ කුමක්ද? මැඩරීන් විලියම්ගේ මහළු සේවිකාව වන ජෙනිවිව් අභියස තබන එ කී පැනය මෙ කී කෘතිය කියවා අවසානයේ, මැඩරීන්ගේ පශ්චාත් (මරණ)චරිත සහතිකය ගැන හොඳ නරක විග්රමහයක යෙදීමට පෙරාතුව ඕනෑම අයෙකු විසින් සළකා බැලිය යුත්තකි .

Read more...

බර්ඩ්මෑන් චිත්‍රපටයට ඔස්කාර් සම්මාන 04ක්

හොලිවුඩ් පුරවරයේ පැවති ඔස්කාර් සමාන උළෙලේදී 'බර්ඩ්මෑන්' ("Birdman") චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

Read more...

කුණු හරුප හා දේශපාලනය චිත්‍රපට තහනමට හේතුවක් - අධ්‍යක්ෂ මාඉටිපේ

ශ්‍රී ලාංකික සිනමාව හරහා මතු කෙරෙන දේශපාලනයට පාලක පන්තිය දැඩි බියක් දක්වන බව 'බොර දිය පොකුණ' සිනමා සිත්තමේ අධ්‍යක්ෂවරයා පවසයි.

Read more...

එකම සිනමාහලක වසර 20ක් පෙන්වූ හින්දි චිත්‍රපටය

වසර 20ක් එකම සිනමා ශාලාවක පෙන්වූ චිත්‍රපටයක් ඊයේ (19) ඉන්දියාවේ එකී සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කිරීම අවසන් කරන ලදී.

Read more...

‘වැලන්ටයින් ඉවර නෑ’

සාහිත්‍යය සහ සිනමාව මූලිකකොට ගනිමින් සාහිත මධු සාදය සහ සිනමා මධු ලෝලය නම් වූ වැඩසටහන් ඉදිරිපත් කළ සංස්කෘතික විමුක්ති ගිවිසුම සංවිධානයේ අලූත්ම ප‍්‍රයත්නය වන්නේ ලාංකේය වේදිකා නාට්‍ය කලාව පිළිබඳව කරන රසික - සහෘද මහජන සම්භාෂණයේ ‘රංග මදිරා’ ය.

Read more...

රවී සිරිවර්ධන "රෑ අහස" රැගෙන BMICH එයි

සම්මානනීය තුරුණු ගේය පද රචක රවී සිරිවර්ධනගේ තුන්වන සංයුක්ත තැටිය "රෑ අහස" ජනගත කිරීමේ ප්‍රසාංගික සන්ධ්‍යාව මාර්තු මස 26 වන දා සවස 3.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ. 2009 වසරේ දී ඔහු විසින් එළි දක්වන ලද "වසත් කාලය මනරම්" හා "මිලේනියම් පෙම්වතුන්" යන සංයුක්ත තැටි යුගලයෙන් පසු ගෙවුණු නිහඬතාවය බිඳ යළි ඔහු සහෘද රසිකයන් හමුවට පැමිණෙයි.

Read more...

විකුණන්න පුළුවන් ගනුදෙනු අස්සේ ශිෂ්ට මිනිස්සු හැදෙන්නේ නෑ - රවී සිරිවර්ධන

දැන් අපේ අලුත් රජයේ මූලික තේමාව තමයි යහපාලනය. යහපාලනයේ එක් කොටසක් තමයි රටක සංස්කෘතික මිනිසා යළි ජීවමාන කිරීම. පසුගිය යුගයේ අපේ රටේ සංස්කෘතික මිනිසා ටිකෙන් ටික අහිමි කෙරුණා. ඉන් අදහස් වෙන්නේ රස වින්දනයක් තියෙන, දැනෙන සංවේදී ආදරණීය මිනිසා අපේ සමාජයෙන් දුරස් වෙමින් පැවතුණා.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.