Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මරණ හයක් මැද ජනපති පැණි කෑමට යාම

මරණ හයක් මැද  ජනපති පැණි කෑමට යාම
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විට  මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය. යන්න වෙනස් කොට මරණ සතක් ඇති ජනපති පැණිකෑමට යාම යනුවෙන් අර්ථ ගන්නවා ආරෝපණය කළහැකිව ඇත.
මෙය ඉතා අල්ප වූ  දේශපලාන විඥානයක් සහිත පුද්ගලයෙකුට වුව සිතාගැනීමට හැකියාව ඇති තත්වකි. මෙවන් පසුබිමක සිටියදී වුව ජනාධිපති මෛත්‍රීපාල එදිනෙදා පැවැත්වෙන උත්සවයන් හා විවෘත කිරීම් සදහා සිනාමුසුව මුහුණ දී සාමාන්‍ය ජීවන විලාසයක් පෙන්නුම් කරමින් සිටී.
 පාලකයෙකුගේ දක්ෂතාවය විය යුත්තේ තම පාලන තන්ත්‍රයතුළ මතුවන ඕනෑම විපරීත තත්වයන්ට හෝ දේශපාලන චලනයන්ට මුහුණ දී ජනතාවට සහන සැලසීමය. පක්ෂය තුළ කැබිනට් මණ්ඩලය තුළ හෝ ජනාධිපතිවරයාගේ පවුල තුළ ගැටළු ගණනාවක් පවතිද්දී වුව මහින්ද රාජපක්ෂට ලංකාවේ සෑම ප්‍රදේශයකටම ගොස් දරුවන් වඩා ගෙන සුරතල් කිරීමට හා දත් තිස් දෙකම විලිත්තා සිනාසීමට හැකියාව පැවැතියේ ඔහු ආරක්ෂා කිරීමට සමත් අධිකාරී බලය පවරාත් සොහොයුරන් කැළක් තමා වටා සිටි නිසාය.
 
එහෙත් මේ වනවිට මෛත්‍රීපාල සිරිසේනයන්ට එවැනි කිසිදු පවුරක් නොමැත. ඔහු එක් පසෙකින් තමා ජනාධිපති කිරීමට මූලික වූ එක්සත් ජාතික පක්ෂයේ වද බන්ධනයට හසුව ඇත. එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් එය සාධාරණීකරණය වන්නේ ඔවුන් ජනාධිපතිවරයෙකු පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරියට ගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ සභාපති කිරීමට හෝ එම පක්ෂයේ නායකයා බවට පත්ව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නෙක් ලෙස නොවන නිසාය. 
 
එහෙත් මේ වනවිට සිදුවෙමින් පවතින්නේ මෛත්‍රීපාල සිරිසේන විසින් සන්ධානයේ නායකත්වය තමා යටතට ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිවරයා බවට පත්වී මේ වනවිට මහින්ද රාජපක්ෂ විසින් බලය අල්ලා සිටින පිරිස් එකතු කොට නැතිනම් ඔවුන් පන්නා දමා නව නිලධාරීන් පත්කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමටය. 
එහෙත් මෙය  ඔහුට ලෙහෙසි පහසු කාර්යයක් බවට පත් නොවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සන්ධානයේ බොහෝ මන්ත්‍රී පිරිසකගේ සිත් ගෙන තිබීම විසිනි. එම මන්ත්‍රීන් විශාල පිරිසක් මහින්ද රාජක්ෂ යළිත් බලයට පැමිණ වීමටත් ඔහුට අගමැතිකම ලබාදීමටත් එකගතාවයන් ඉල්ලා නොයෙක් ආකාරයේ කෙනෙත්තීන් හා වාග් ප්‍රලාපයන් බිනීමට පටන් ගැනීමත් නිසාය. ඒ අනුව මේ වන මෛත්‍රීපාල ජනාධිපතිවරයා එම පිරිස් කළමණාකරණය කිරීමටදැඩි වෙහෙසක් දරමින් සිටී. 
අනෙක් පසින් ආණ්ඩුව පිහිටුවීමට උදව් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපතිනිය විසින් මෛත්‍රීපාල සිරිසේනයන්ට රහසිගත ලියුම් ලියමින් ඔහු තම ස්ථාවරයේ පවත්වා ගැනීමට උත්සුක වෙමින් පවතී.  ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායකයන්ද මේ වනවිට මෛත්‍රීපාල සිරිසේනගේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි කළකිරීමට ලක්ව ඇත. 
 
එසේම ජනාධිපති මෛත්‍රීපාල මුහුණ දෙන තවත් බියකරු  පිරිසක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විද්වතු ජන කණ්ඩායමයි. ඔවුන් 20 වන සංශෝදනය පෙරට දමා මහින්ද අගමැති කිරීමට යැයි දැඩි ගෝරානාඩුවක් සිදුකරමින්සිටින්නේය.
 
සිරිසේනයන්ට ඊලග මරණීය තර්ජනය ඒලවන්නේ සිවිල්සංවිධාන රාශියකිනි.ඒ අතර යහපාලනයක් සම්බන්ධයෙන් පෙරමුණ ගත් මාදුළුවාවේ සෝභිත හිමියන් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස බලකොට සිටි. 
 
මෙම ක්‍රීයාවලියේ ස්වාධීනව බලපෑම කරන ජනතා විමුක්ති පෙරමුණ සදහන් කොට සිටින්නේ අවම ප්‍රතිසංස්කරණය කිරීම හෝ ජනතාවට නව ආණ්ඩුවක අවශ්‍යතාවය මතුව ඇති බවටද පවසා දැඩි බලපෑමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවත්කොට ඇත. 
 
එබැවින් මෙවන් සන්දර්භයක් උඩ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් දණ්ඩනය හසුව ඇති අතර ඔහුට පැනී කෑමට සිදුව ඇත්තේද මෙවැනි විෂ ගොන්නක් සහිත මරණ සතක් අභියස ය.  කෙසේ නමුත්  පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව ලහි ලහියේ තැනීමට නොහැකි වන බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට  මෙකී උවදුරු එකින් එක මුලිනුපුටා දමා එළඹෙන වසරේ අප්‍රේල් මාසයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට  හැකිවනු ඇත. එවිට මේ මරණ සතෙක් සියල්ල හෝ කිහිපයක් නොමැතිව තම අදහස  මස්තකප්‍රාප්ත කර ගැනීම උදෙසා මහ මැතිවරණයකට යා හැකිවනු ඇත. මෛත්‍රීපාලයන් මේ සැරසෙන්නේ ඒ සදහාද ? 
 
තුසිත පතිරණ
 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.