Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

සරත් එන් සිල්වාගේ ඇදුම් දැක්කාද ?

සරත් එන් සිල්වාගේ ඇදුම් දැක්කාද ?

මිනිසුන් ඇඳුම් අඳින්නේ විලි වසා ගැනීමටද? නැත්නම් අනිත් එකාත් අඳින නිසා දැයි යන පැනය අපේ සිහියට නැගෙන්නේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ක්‍රියාකාරකම්දෙස බලද්දීය. සරත් සිල්වා පෙරේදා (01) ඇසළ පොහෝ දා බණ අසන්නට මැදමුලනට ගොස් මහින්දගේ හා ශිරන්තිගේ ලගින්ම වාඩිවී එම දෙපළගේ මගුල් දවසේ දෙවන මලමාලයාට හිටියාක් මෙන් ‘මහින්දගේ දේශපාලන අවමගුල් උළෙලේත්' මහින්ද හා ශිරන්ති ළගින්ම සිටිනු දක්නා ලදී. සැබෑ මිතුරන් එසේය.

ඒත් මීට මාස කීපයකට පෙර නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ පීඨයේ වේදිකාව මත රාජපක්ෂ විරෝධී රැලියක් අමතමින් ‘හෙල්පින් හම්බන්තොට' නඩුව වැරදි විදිහට අසා මහින්ද රාජපක්ෂ නැමැති සුනාමි හොරා නිදහස් කිරීම පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලුවේද ඊයේ මැදමුලන බණ ඇසූ සරත් සිල්වාමය. ලැජ්ජා නැතිකම අගවිනිසුරුකමටත් වඩා ලොකු යැයි අවස්ථා කීපයකදීම සරත් සිල්වා විසින් මනාව ඔප්පු කොට තිබේ.

ඉන් එක අවස්ථාවක් වන්නේ තමන්ගේ මෝටර් රථය දියවන්නා ඉවුර මත නවතා රූමත් නීතිඥවරියක් සමග කලිසම උනා දමා සිටින අවස්ථාවකදී කොස්වත්ත පොලීසියේ නිලධාරීන්ට මාට්ටු වුන අවස්ථාවයි. සරත් සිල්වා නිරුවතින්ම තම ජංගම දුරකතනයෙන් අමතන ලද්දේ එවක ධීවර ඇමතිව සිටි තමන්ගේ ‘ලෝ කොලේජ් බඩියා' වන මහින්ද රාජපක්ෂටය. ලැබුණ චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මහින්ද රාජපක්ෂ ඇමතිවරයා එවක සිටි පොලිස්පතිවරයා ලවා සරත් සිල්වා විනිසුරුවරයාව නිදහස් කර යැවීය. සරත් සිල්වා මහින්ද රාජපක්ෂගේ අත්අඩංගුවට පත්වූයේ එතැන් සිටයි. තිබුණු හදිස්සිය නිසා පොලීසියෙන් බේරී මහින්දට පින් දෙමින් සරත් සිල්වා එදා ගෙදර ගියේ තම කලිසම අහිමිකරගෙනය. එදා පටන් මේ දක්වා ඔහු කලිසම් අදින්නේ නැත.

කළ උදව්වට එක උපකාරයක් නොව උපකාර රාශියක් සරත් සිල්වා ඔහු අගවිනිසුරු ධූරය දැරූ අවදියේ මහින්ද රාජපක්ෂට සිදුකලේය. චන්ද්‍රිකාව කලින්ම ගෙදර යවා මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා අවස්ථාව සලසා දුන්නේය. කෝටි ගණනක සුනාමි වංචාවට හිරේ යාමට ඔන්න මෙන්න කියා සිටි මහින්ද රාජපක්ෂව එයින් මුදවා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ වත්මන් එජාප මහලේකම් කබීර් හෂීම් මහතාට තර්ජනය කරමින් පැමිණිල්ලේ පෙත්සම ඉල්ලා අස්කර නොගත හොත් හිරේ යවන බව පැවසීය.

පන්සිල් ගැනීමේදී තෙවන හා පස්වන සිල්පදයන් නොකියවන සරත් සිල්වා අඩි පුඩි ගැහීමට මෙන්ම රස කතා කීමට උපන් හපන්කම් ඇත්තෙකි. චන්ද්‍රිකාගේ ඇණවුමෙන් ජී.එල්., ජයම්පති සමග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම් පත් කිරීමේ කමිටුවට සරත් සිල්වා තමන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරද දැනුමින් විශාල දායකත්වයක් සපයන ලදී. කෙතරම් දුර්ජනයෙක් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව සරත් සිල්වාගේ දැනුම දෙවෙනි වන්නේ දිවංගත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දුගේ දැනුමට පමනක් වන බව මෙහිලා සඳහන් කළ යුතුය.

උක්ත කමිටුවේ සාකච්ඡා අතරතුර මධුවිතෙන් සන්තර්පනය වන සරත් සිල්වා බයිට් එක සඳහා ගන්නේ තමන්ගේ ‘ලෝ කොලේජ් බඩියා' වන මහින්ද රාජපක්ෂවය. නීතිය පිළිබඳව අමුමැට්ටෙක් වන මහින්ද රාජපක්ෂව විභාගය සඳහා සූදානම් කරන්නේ එවක නීති විද්‍යාලයේ එකම කණ්ඩායමේ (Batch) නීතිය හැදෑරූ දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිහාල් ජයසිංහ හා සරත් සිල්වා විසිනි. එවක නීති විද්‍යාලයේ ප්‍රශ්න පත්තර වැඩි ප්‍රමාණයක් සකස් වූයේ බහුවරණ (Multiple choice) ප්‍රශ්න වලිනි. නීති විද්‍යාලයේ පියන්ලාට පගාව දී කලින්දා රාත්‍රියේ ප්‍රශ්න පත්තරය පන්නා ගන්නා මහින්ද රාජපක්ෂගේ සරත් සිල්වා ඇතුළු යාළුවන් ඔහුව පුහුණු කරන්නේ ප්‍රශ්නය තේරුම් ගැනීමට නොව පලවෙනි ප්‍රශ්නෙට තුන්වෙනි උත්තරය යටින් ඉර ඇදපන් දෙවෙනි ප්‍රශ්නෙට පලවෙනි උත්තරය යටින් ඉර ඇදපන් යනාදී වශයෙනි. ඒත් මහින්ද කරන්නේ ඒකේ අනිත් පැත්තය. පලවෙනි ප්‍රශ්නෙට දෙවෙනි උත්තරය යටිනුත් දෙවෙනි ප්‍රශ්නෙට තුන්වෙනි උත්තරය යටිනුත් ඉරි ඇදීමයි. ‘මුන්ගෙ පරම්පරාවම හරක් බලපු එවුන් කියල මූ ඒකාලෙ අපිට ඔප්පු කරලම පෙන්නුව' යනුවෙන් සරත් සිල්වා පවසන්නේ ඔහු වටේ සිටින සියළුම අය සිනා සයුරේ ගිල්වමිනි.

එහෙව් සරත් සිල්වා මහින්ද රාජපක්ෂ හිරේ නොදැමීම පිළිබඳව සමස්ථ ලාංකීය ජනතාවගෙන්ම සමාව ගත්තේ මීට මාස කීපයකට කලිනි. ඔහුට මෙන්ම මහින්දටත් අතීතය අමතකය. මුන් දෙන්නාම හිතන් ඉන්නේ අපිත් උන්ගේම ජාතියේම බත් කන බූරුවන් කියාය. කෙසේ වෙතත් මහින්ද සමග වැලලී යාමට සරත් සිල්වා ගෙන ඇති තීරණය අපි අගේ කොට සලකමු.
ප.ලි

සරත් නන්ද සිල්වා අගවිනිසුරු කිරීමේ ඓතිහාසික වරද සිදුකරන ලද්දේ එවක ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. පත්කිරීම සිදුකිරීමට කලින්දා රාත්‍රියේ චන්ද්‍රිකාව හමුවූ මානව හිමිකම් පිළිබඳ කීර්තිමත් ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් මෙන්ම චන්ද්‍රිකාගේ සමීප හිතවතෙකු වූ ජේෂ්ඨ අධිනීතිඥ ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර මහතා චන්ද්‍රිකාගෙන් ඇසුවේ මාක් ප්‍රනාන්දු හා සරත් සිල්වා අතරින් අගවිනිසුරු ධූරයට පත් කරන්නේ කවරෙක්ද යන්නයි. චන්ද්‍රිකා නොපැකිළව උත්තර දුන්නේ ‘Don't worry Mark is my choice' කියාය. ජේෂ්ඨත්වය හා ප්‍රවීණත්වය මත අනිවාර්යෙන්ම මාක් ප්‍රනාන්දු මහතා අගවිනිසුරු ධූරයට පත්කරන බවට චන්ද්‍රිකා සහතික විය.

නමුත් සිදුවූයේ අනෙකකි. මාක් ප්‍රනාන්දු මහතා කතෝලිකයෙකු යන පදනම මත කැපී ගොස් සිංහල බෞද්ධ සරත් සිල්වා අගවිනිසුරු ධූරයට පත්විය. ජනාධිපතිවරියක් නිර්දය ආකාරයට පොරොන්දු කඩකිරීම පිළිබඳව ඇති වූ කම්පනයෙන් අතිශය සංවේදී පුද්ගලයෙකු වූ ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර මහතාට සිය මරණය දක්වා අත්මිදෙන්නට නොහැකි විය. තමන්ගෙන් සිදුවූ වරද පිළිබඳව චන්ද්‍රිකා අවස්ථා කීපයකදී ආර්.කේ.ඩබ්ලිව්. ගෙන් සමාව අයැද සිටියත් ඔහුගෙන් චන්ද්‍රිකාට කිසිදා සමාව නොලැබිණ. එහි ප්‍රතිඵල සමස්ථ ජාතියම අද අත්විදිමින් සිටිමු.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.