Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

බුදු විනය, බුදු පාර්ට් හා ගොන් පාර්ට්

බුදු විනය, බුදු පාර්ට් හා ගොන් පාර්ට්

කාලයෙන් කාලයට චීවර ධාරීන්ගේ නරි නාටක එළියට බසින් තිබේ. හුදෙක් මේවා සාසන උන්නති කාමීන්ගේ රැගුමන් නොව ආත්ම විවරණය කර ගනු බස් වහසි බස් දොඩන්නන්ගේ නාටකයන්ය. ඊයේ (27) හෝමාගම අධිකරණයේදී ද රග දක්වනු ලැබූයේ මෙකී නරි නාටකය මිස අන් කරවක් හෝ නොවන්නේය.

බුදුන් විසින් වදාරණ ලැබූ භික්ෂු විනය පයිසෙකට මායිම් නොකළ චීවරධාරී සොරමුලක් විසින් නොයෙක් අභිනයක් රඟ දක්වනු ලැබූයේ වර්තමානයේ සාසනය තිබෙන්නේ කොතැනද යන්නේ පිළිඹිබුවක්ද සදමිනි.
විනයෝ නාම සාසනස්ස ආයූ , යැයි බුදුන් වහන්සේ වදාලේ විනය සාසනයේ ආයුෂය යන්න පවසමිනි. ඒ අනුව බුදුන්ටම අනුව දැන් බුදුන්ගේ සාසනය අතුරුදහන් ව ඇත. කවර විනයක්ද යන්න විමසීමට ලෝකවාසී බොදුනුවන්ට ඊයේ හෝමාගම අධිකරණ භූමියේ රංගනය මහෝපකාකරී කර ගත හැකි වනු ඇත. මෙකී චීවර ධාරීන් ප්‍රසිද්ධ ස්ථානයක එසේම අධිකරණ භූමියක් ඉදිරියේ නීතියේ නාම මාත්‍රික හෝ සටහනක් ඇති තැනක හැසිරීම මෙය වන්නේ නම් එක් එක් අරම අභ්‍යන්තරයේ කෙලින පිස්සු වටහා ගත හැකි වනු ඇත.
ඒ අනුව ඥානසාර නම් හිස උදුම්මාගත් ආගමික ත්‍රස්තවාදී නායකයා විසින් මෙහෙය වනු ලැබූ තවත් ත්‍රස්තයින් පිරිසක් උසි ගන්වා සිටියේ අධිකරණයට හූ කියා හෝ තමාව මේ උගුලෙන් නිදහස් කර ගන්නේ නම් එය කළ යුතු බවත්ය. ඒ අනුව අධිකරණයේදී එකී නඩුව විභාගයට ගනිත්ම කුපිත ත්‍රස්ත කල්ලිය බුදු පාර්ට් රංගනය කරනු ලැබීය. එක් චීවර ධාරියෙක් මහා පරුෂ වාග් මාලා රාව ප්‍රතිරාව නංවද්දී ඒ අනුගමනය කළ තවත් පිරිසක් ඒ සදහා අටුවාද ටිකාද ටිප්පනිද එක්කොට ඒ ඒ වහන්සේලා හුරු කරවූ කුණු හරුපයෙන් ධර්මය දේශනා කොට වදාළේය.
මෙය ගොන්පාර්ට් වන්නේම වැරදිකරුවෙකු වූ ඥානසාර නැමැති චීවර ධාරියා නඩු විනිශ්චයෙන් පසු බන්ධනාගාරය වෙත රැගෙන යාමට තිබූ බස් රථයේ ටයර් යටට වී දැක්වූ අපූරු රංගනයක් විසිනි. ඔවුන්ට සක් සුදක්සේ පසක් වන කරුණක් ව තිබූ කරුණ නම් එම බස්රථය වැරදිකරුවන් රැගෙන යාම අනිවාර්ය කරුනු ලැබූ බස් රථයක් වීම හා ඒ සදහා නෛතික බලයට අනුව විශාල හමුදාවක් හෝ යොදා ඒ සදහා කටයුතු කිරීම සිදුවන බව දැන දැනත් පොරත්වය ආරෝපනය කර ගනු වස් දැක් වූ රංගනය ගොන් පාර්ට් මිස අන් කවරක් හෝ නොවන බැවිනි.
දැන් පොලීසියට හමුදාවට කාර්යයක් ඇත. කවර හෝ කහ සිවුරු දරන්නන් මෙවැනි නිර්ලජ්ජිත තුප්පහි වැඩක නිරත වන්නේ නම් ඔවුන්ට මඩුවලිගයෙන් හෝ දෙවරක් නොසිතාම අතේ ඇති දණ්ඩෙන් නෙලා හෝ ආගම සිහිපත් කර දීමය. ඒ මන්දයත් බුදු දහමේ සියලු හරයන් සියයට දශමයක් හෝ මායිම් නොකිරීමේ වරදට දඩුවම් පැමිණිය යුතු බැවිනි.
බණ කීමට ඇති කට පමණක් වන පුද්ගයන් විසින් සිවිල් නීතියක් තමා වෙත පවරාගෙන මේ නටන නරි නාටය අවසන් කළ යුතුමය. නොඑසේ නම් ආගමික සංස්ථාව සදහා වන අනාගත පරපුරෙහි ඇස් අදහා ගත නොහැකි මට්ටමේ පිරිහීමක් ලග ලගම භාවිතාවට නැගෙනු ඇත. භික්ෂූන්ට අත පෙවීම පිරිහුණු ගරහන සංස්කෘතික ලක්ෂණයක් සේ සමාජය ඉදිරියේ ගැරහීම් ලද හැකි නමුත් මෙකී චීවර ධාරීන්ගේ නරුම කම් හා පාදඩ ගති සමාජගත වන්නේ නම් ඉන් බිහි වනුයේ නිර්මාල සාසනික කාර්යාවලියක් නොව දේවදත්ත සාසනයක ඵල දැරීමකි.
එබැවින් ලේ පිපාසිත තුප්පහීන් විසින් ගෙන යන ලේ පිසාචත්වය පරාජය කළ යුතුමය.
- තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.