Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අලි පැටියෝ උඹයි, මමයි, පන්සලයි

අලි පැටියෝ උඹයි, මමයි, පන්සලයි

උඩුවේ ධම්මාලෝක හිමියන් අනවසරයෙන් අලි පැටියෙක් හදා වඩා ගැනීම සම්බන්ධනේ වන පුවත මේ වනවිට චිරප්‍රසිද්ධියට පත්ව ඇති සිදුවීමකි. කෙසේ නමුත් අදාළ අලි පැටවා නීති විරෝධීව රදවා තබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් ඒ හිමියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් හා නීති ක්ෂේත්‍රෙය් කිසිවෙකු හෝ කටයුතු නොකිරීම සසුන, දේශපලානය හා නීතිය සම්බන්ධයෙන් වන සහ සම්බන්ධීභාවයේ එක් අර්ථ නිරූපණයක් බවට පත්ව ඇත.

මේ අතර උඩුවේ හිමියන් විසින් පසුගිය (17) මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් පවසා සිටියේ පිංකමට ගෙනා අලි අතර සිටි අලි පැටවෙකු බැරි වීමකින් තමන්ගේ පංසලේ දමා ගොස් සිටියදී හදා වඩා ගැනීමට ගත් බවය.

සමස්ත සිදුවීම සම්බන්ධයෙන් විවේචනයක් ධම්මාලෝක හිමියන්ට විරුද්ධව ඇති අතර උන් වහන්සේට නීති ක්ෂේත්‍රෙය් ප්‍රබලයින් හා ජනාධිපතිවරයාගේ උදව් මගින් ගැලවී සිටීමේ හා බණ දේශනා කිරීමේ නිදහස ද සකසා දී ඇත‍.

කෙසේ නමුත් මේ වන විට උඩුවේ ධම්මාලෝක හිමියන් ජනතා අධිකරණ හමුවේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇත. නීතිය හා ආණ්ඩු දරන්නන් කුමන තීරණ ගත්තද ජනතාව නිදහසට කරුණු නොවිමසනු ඇත‍

කෙසේ වුවද මෙවැනි තත්වයකට උඩුවේ හිමියන් පත්වීමට හේතු වූ කරුණු සමාජයක් ලෙස අප සාකච්ඡා කළ යුතුව ඇත. ලංකාවේ බුදු දහමේ සංවර්ධනීය දිශානතිය වෙනස් වූයේ එය කතෝලික දහම සමග ජනප්‍රියවාදී ගමනකට මුල පිරිමත් සමගය. එතෙක් බෞද්ධ ආකෘතියේ ග්‍රාමවාසී හා අරණ්‍යවාසී භික්ෂුව ජනප්‍රියවාදී රැල්ලක් සම්බන්ධයෙන් කිසිදු අවශ්‍යයක් නොවූයෙන් උන්වහන්සේලාගේ ජීවිත අත්‍යන්තයෙන්ම බහු භාණ්ඩික හා ජනප්‍රියත්වයක් නොවූයේය.

එහෙත් ක්‍රිස්තියානි දහම නගරබදව විවිධාකාර සැනකෙලි සිරියෙන් අසිරි ගැන් වූ වටපිටාවක අන්‍යාගමික කරණය නැමැති මිත්‍යා සටන් පාඨ මගින් භික්ෂුව සටන් පෙරමුණක් ගොඩ නගා නගරබද තැන් තැන්හි ආරාමයන් ඉදිරිකරනු ලැබීය.

එකී ආරම්භය පසුව මෙවැනි ක්‍රිස්තියානි සටන් පෙරමුණ ගිලිහී ගියද නතර නොකොට පවත්වාගෙන යාමට භික්ෂුව උත්සාහ දරණු ලැබීය. වෙනත් සතුරන් සේ දුටු අන්‍යාගමික කරණය නැමැති මිථ්‍යාව සමාජයෙන් පහව ගිය පසු භික්ෂුවට නගරයේ ජීවත්වීමට විධික්‍රමයක් අවැසි විය.

ඔවුන් නාගරික අවිවේකී කලබලකාර ජනයාගේ ජීවිතවලට දම් දෙසීම සදහා බුදුන් අනු දැන නොවදාළ ආකාරයන් දේශනා සදහා ඉවහල් කරන ගනු ලැබීය. එහිදී විටෙක් කාව්‍ය මය ධර්ම දේශනා විලාසයද , තවත් විටෙක ගීතමය විලාසයන් මෙන්ම වචනාලේප ගත සුමධුර බවක් දේශනා සදහන් ඉවහල් කොට ගත්තේය.
එබැවින් විවිධාකාර චීවරයන් ගත දරා විවිධාකාර ලාලිත්‍යයන් ගෙන හැර පාමින් ධර්මය දේශනා කරනු ලැබීය.

වර්තමානයේද එවැනි භික්ෂු පරපුරක් අග නගරය ආශ්‍රිතව වැඩ වෙසෙන අතර එකී පරම්පරාවන් විසින් බහු භාණ්ඩික ආරාමයන් අසපු ලෙස නම් කොටගෙන බහු භාණ්ඩික ලෙස ජීවත්වේ.
එවැනි අසපු සදහා ගෙවතු අලංකාරයන්ද, බොන්සායි බෝධි රුක්ෂයෙන්ද අසපුව සරසා ඇති අතර තම අභිමානය කියා පෑම සදහා ඊට අදාළ කරන අනේක විධ භාණ්ඩයන්ද අරමට එක් කොට ඇත.

එවැනි ජනප්‍රියවාදී භික්ෂු පරපුරට මෑතකදී වැළදුනු රෝගයක් වුයේ අලි පැටවෙකු තම අසපු ගෙවත්තෙහි සිටීමෙන් එන යන උවස උවැසියන්ගේ චිත්තාකාර්ශනය දිනාගැනීම සදහා කදිම බහුභාණ්ඩික භාණ්ඩයක් විය.

මේ අර්ථයෙන් උඩුවේ හිමියන්ද අනේක විධ කතාන්දර ගොතා අලි පැටවෙකු අරමට ලබාගෙන ඇති අතර එම සත්වයා නීත්‍යනුකූල භාවයෙන් තොරව ඇති කිරීම මෙහි ඇති නීතිමය ගැටළුව බවට පත්ව ඇත.

සමනල බණ කියන උඩුවේ හිමියන් එම අලි පැටවා ඇති කිරීම සම්බන්ධයෙන්ද සමනල කතාන්දරයක් කියා පෑම උචිතද යන්න ජනී ජනයා අවබෝධ කොටගත යුතුව ඇත. අලි 35ක් පමණ නගරයේ උත්සවයකට ගෙනා පසුව ඉන් අලි පැටවෙකු දමා යාම විහිළු දනවන කරුණක් නොවන්නේද එය කාගේ හරි මග හැරීමයාමක් ලෙස උන් වහන්සේ පවසන දෑ අප විශ්වාස කරමුද ? බළල් පැටවෙකු බලු පැටවෙකු වැනි තැනට අලි පැටවෙකු ආදේශ කොට මෙවැනි දෑ බිනීමෙන් යම් ගරුත්වයක් හෝ ශෝභමාන ප්‍රතිරූපයක් උන් වහන්සේට ඇත්නම් එයබිදී නොයන්නේද යන්න භක්ත්‍යාදරයෙන් සිහිපත් කළ යුතුව ඇත.

කෙසෙ නමුත් අලි පැටවාගේ සත්ව අයිතිය ඌට හිමි විය යුතුව ඇත. ඌ තම මව් අසල හැදී වැඩීම සිදුවිය යුතුව ඇත. ඒ අයිතිය භික්ෂුවට හෝ අන් කවරෙකුට හෝ නොවැලැක්විය හැකිය. එබැවින් උඩුවේ හිමියන් ඇතුළු අලි සුරතල් හිමිවරුන්ට පැවැසීමට ඇත්තේ සත්වයින්ගේ මව් අයිතිය සුරකින ලෙසත් සතුන්ට නිදහසේ ජීවත් වීම සදහා වන අවස්ථාව උල්ලංඝණය නොකරන ලෙසත්ය. සැදැහැති බෞද්ධයෝ මෙකී ගෙනහැර පෑම් සම්බන්ධයෙන් උරණ නොවනු ඇත. මන්දයත් බුද්ධ භාෂිතය නම් සත්ව හිංසනය සිදු නොකළ යුතු යුතුය යන්න නිසාය.

තුසිත පතිරණ


මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යෙව්දීන් විසින් උඩුවේ හිමියන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමක් පහත දැක්වේ.
ප්‍රශ්නය – අත්අඩංගුවට ගැනීමට යන බව අසා දේශපාලනඥයකු හෝ වෙනත් බලවත් කෙනෙක් මේ ගැන ඔබ වහන්සේගෙන් විමසුවාද?


පිළිතුරු – ඔව්. ජනපති ජනවාරි මාසයේදී මට කථා කළා. මේ සිදුවීම දැනගෙන සිටියේ නෑ කිව්වා. මේක වහාම සමථයකට පත් කරන්න මැදිහත්වනවා කිව්වා. ඔබවහන්සේ වැනි පිළිගත් නමක් තිබෙන භික්ෂූන් වහන්සේ නමකට කරදරයක් වෙන්න දෙන්නේ නෑ කිව්වා.

ප්‍රශ්නය – ඔබ වහන්සේට එරෙහිව මේ ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක්ද ? දේශපාලන පළිගැනීමක් ද ?

පිළිතුරු – මම කාටවත් චෝදනා කරන්නේ නෑ. ලංකාවේ අලි වඳකරන කුමන්ත්‍රණය යටත් විජිත යුගයේ සිටම එන එකක්. මම ජනතාව එක්ක ඉන්න හාමුදුරුනමක්. එකට යම් බලවේග හරි තරහින් ඉන්නවා. අලි පෙරහරවල්වලින් අයින් කරන්න උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා. දැන් ක්‍රමය අල්ලලා රිමාන්ඩ් කරලා නඩු අහන එක. ඒ නිසා මේ සියලු දේ මම උපේක්ෂාවෙන් දරාගන්නවා.

ප්‍රශ්නය – ඔබ වහන්සේ හෝ ඔබේ පන්සලේ වෙනත් කෙනෙක් මේ වනජීවී බාරයට ගත් අලිපැටියාට ව්‍යාජ බලපත්‍රයක් පෙන්නුවාද ?

පිළිතුරු – නෑ. කිසිම බලපත්‍රයක් පෙන්නුවේ නෑ. අලි 20ක් 30ක් ආපු පිංකමකදී මේ අලි පැටවා දමා ගොස් තිබුණා. මම ඌට කන්න බොන්න දීලා ආදරෙන් බලාගත්තා. ඒ කාලේ වනජීවි ඇමතිටත් මේ ගැන කිවාම ‘අපි මොකක් හරි විසඳුමක් දෙන්නම්. ඔබවහන්සේ ළඟ අලියා තියාගන්න‘ කිව්වා.

ප්‍රශ්නය – ඔබ වහන්සේ අත්අඩංගුවට පත්වීමට සූදානමින් බලාගෙන ඉන්නේ ඇයි ?

පිළිතුරු – මම මේ දේ උපේක්ෂාවෙන් පිළිගන්නවා. පසුගියදා පුවත්පතක සඳහන් වුණා මා අත්අඩංගුවට ගන්න නීතිපති උපෙදස් දීලා කියලා. ඒක ඇත්ත වෙන්න ඇති කියලා මම හිතුවා. ඉතින් එන දේකට මුහුණ දෙන්න මම ලෑස්තියි. මුගලන් හාමුදුරුවන්ට වුණ දේ මට මේ වෙන්නේ කියලා හිත හදාගන්නවා. කැළණිතිස්ස මහරහතන්වහන්සේට වුණ දේ වෙන්නේ කියලා මම හිත හදාගන්නවා. මගේ තරහක් වෛරයක් නෑ. මම මෑතදී කිලෝ 12ක රන් කරඬුවක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කළා. ඒ ආශිර්වාදය මට තියෙනවා.

ප්‍රශ්නය – ඔබ වහන්සේගේ නමත් සමග තවත් ලංකාවේ ජනප්‍රිය ස්වාමින්වහන්සේලාගේ නම් කියවෙනවා මේ අලි ගැටළුව සම්බන්ධයෙන්. ඔබ වහන්සේ ඒ ස්වාමින්වහන්සේලා ව්‍යාජ අලි ළඟ තබාගෙන සිටින බවට විශ්වාස කරනවාද?

පිළීතුරු – මම ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් කියන්නේ නෑ. මොකද මේක අධිකරණ ක්‍රියාවලියක්. ඒක නිසා ඒ ගැන කථා කරන එක සුදුසු නෑ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.