Menu

logo new 2015-5-11

Shamrock-png

කතා එපා - අපේ ධනය අපට දෙන්න - කැමරන්ට බුහාරිගෙන් ටොක්කක්

කතා එපා - අපේ ධනය අපට දෙන්න - කැමරන්ට බුහාරිගෙන් ටොක්කක්

අධිරාජ්‍යවාදී රටවල් තමන්ගේ අතෙහි කිසිදු වරදක් නොවන සේ අත සොදා පිරිසිදු යැයි ලොව කියා පෑමට නොයෙක් ආකාරයේ උපක්‍රමයක් භාවිතා කිරීම සුලබ ලක්ෂණයක් වී ඇත. එවැනි එක් සංදර්ශනයක් මේ වනවිට බ්‍රිතාන්‍ය යේ සිදුකරමින් පවතී. ඒ ලන්ඩන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී සමුළුවයි. එවක හිරු නොබසින අධිකරාජ්‍යය ලෙස නම් කොට තිබූ මහා බ්‍රිතාන්‍යය ලොව නන් දෙස රාජ්‍යයන් තමන් විසින් යටත් කර ගනිමින් ඒවායෙහි තිබූ ධනය සූරා ගෙන තමන්ගේ රාජ්‍යය පෝෂණය කිරීම සදහා යොදාගත්තේය.

ඒ ඒ රාජ්‍යයන් සතුව තිබූ වටිනා ධනස්කන්ධයන් මෙන්ම වටිනා භාණ්ඩ මේ වනවිටත් කෞතුක වස්තූන් ලෙස තම ග්‍රහණයේ තබාගෙන සිටින බ්‍රිතාන්‍යය අනෙකුත් රාජ්‍යයන්ට පාඩම් කියා දීම සදහා දූෂණ විරෝධී සමුළු පැවැත්වීම විහිළුවකට ලක්වන අවස්ථාවක් මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී සමුළුවේදී දැකිය හැකි විය.
මෙය මතු වූයේ නයිජීරියාව වෙත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිට් කැමරන් විසින් දූෂණ බහුලත්වය සම්බන්ධයෙන් වන ඇගිල්ල දිගු කිරීමත් සමගය. ඒ සදහා පිළිතුරු දුන් නයිජිරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරි එම ප්‍රකාශයෙන් තමා කිසිවෙකුගෙන් සමාව ඉල්ලා නොසිටින බවත් තමා ඒවෙනුවට සිදුකරනු ලබන්නේ තම රට යටත් කොටගෙන සිටින විට තම රටෙන් සොරකම් කරන ලද ධනය හා වත්කම් මහා බ්‍රිතාන්‍යෙයේ තවමත් පවතින බවත් එම සම්පත් තම රටට ලබාදෙන ලෙස කරනු ලබන ඉල්ලීමක් පමණක් සිදුකරන බවත්ය‍.
ලෝක සමුළුවකදී මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට තරම් වන ධෛර්යයක් සම්බන්ධයෙන් නයිජිරියානු ජනාධිපතිවරයා තිබීම පැසසුම් කළ යුත්තකි. තවත් එවැනි බොහෝ රටවල් මෙම සමුළුව නියෝජනය කළද ඔවුන් බ්‍රිතාන්‍යයට කොන්ද නමාගෙන තම රාජ්‍යයන්ගෙන් කොල්ල කන ලද ධනය බ්‍රිතාන්‍යය විසින් සිදුකළ මහා පරිමාණ දූෂණයක් නොවේද යන්න ප්‍රශ්න කිරීමට නොයෑම අභාග්‍ය සම්පන්නය.
රාජ්‍යයන්ගේ දූෂණයන් ඒ ඒ රාජ්‍යයන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් වන අතර එවැනි කුඩා රාජ්‍යයන් ලෝක පරිමාණ දූෂණ සිදුකරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පවතී.
කැමරන් කැදවූ මෙම ජාත්‍යන්තර දූෂණ විරෝධී සමුළුවේදී සිදුවිය යුතු වන්නේ ලෝක පරිමාණයෙන් දූෂණයන් හා වංචාවන් සිදුකළ බලවතුන් දෙසට ඇගිල්ල දිගු කිරීම වන අතර එවැනි විරෝධයක් මතු වන්නේ නම් කැමරන්ලා හෝ ඔටුනු පලන් රාජිනියන් කෙදින හෝ මෙවැනි සමුළුව පැවැත්වීමට අර අදින්නේ නැත . එබැවින් නයිජිරියානු ජනාධිපතිවරයා වැනි තවත් අයෙකු හෝ දෙදෙනෙකු සිටියේ නම් ජාත්‍යන්තර දූෂණ විරෝධීන්ගේ රෙදි ගැලවීම අනිවාර්යය වනු ඇත. ඒ වෙනුවට පෙර දවස අපගේ රිරී මාංෂ සූරා කෑ බලපුළුවන් කාරයින් වෙතම ගොස් පඩුරු පාක්කුඩම් හා අනෙකුත් සම්මානයන් දක්වා එකත් පසෙක සිටීම. තවත් ජාත්‍යන්තර දූෂීතයන්ට පාවඩ එළීමක් නොවන්නේද ?

තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.