Menu

logo new 2015-5-11

Shamrock-png

පොලීසියේ පාතලය අවසන් වන්නේ කවදාද ?

පොලීසියේ පාතලය අවසන් වන්නේ කවදාද ?

ගතවූ කාලය තුළ පොලිසිය විසින් මහජනතාව වෙත එල්ල කෙරුණු දැඩි ප්‍රහාරයක් හා බලපැම්හි වර්ධනයක් දක්නට ලැබුනු අතර මෙය පොලීසිය පාතාලයක් ලෙස අර්ථ දැක්වූ අවස්ථා ද විය.

පොලීසිය පාතාලයේ කෙරුවාවට අත ගසා ඇද්ද යන්න විමසිය යුතුය. නව පොලිස්පතිවරයෙකු යහපාලන ආණ්ඩුව යටතේ පත්ව ඇති අතර ඔහුගේ ක්‍රියකාරීත්වය සම්බන්ධයෙන් සුපැහැදිලිමත් කමක් බොහෝ තැන්වලින් ඉස්මතු විය. දේශපාලනයෙන් තොර නීතිය අකුරට ඉටු කිරීම, වැනි දෑ සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇතැමුන් ඉහවහා ගිය ප්‍රිතියකින් වාක්‍යයන් ලිවීය.
එහෙත් සුපුරුදු පොලිස් වැඩකිඩ ඔහු යටතේ වන නිලධාරීන්ගෙන්ද සිදුවීමට පටන් ගැනීම ඔහුට ඇති සුදු චරිතයට කැළලක් වන්නට පටන් ගැනෙනුයේ සිදුවන සිදුවීම්හි පොලීසිය වෙත වන ඇගිල්ල දිගුවීමේ අඩුවක් නොවන බැවිනි.
කිසියම් හෝ පොලිස් නිලධාරියෙකුගෙන් වරදක් සිදුවීද එසැනින් මාධ්‍යය වෙත නිවේදනයක් සිදුකරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කොට සිටින්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන දියත් කොට ඇති බවත්, එයට සම්බන්ධ පොලිස් නිලධාරීන් එම පළාතෙන් මාරු කිරීමට පියවර ගත් බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිය අකුරට ඉටු කරනවා යන්නය. එහෙත් මෙවැනි තත්වයන් යළි යළිත් පොලීසිය තුළින් වාර්තාවීම මගින් එම නිලධාරීන් සම්බන්ධයෙන් මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරිම පමණක් ප්‍රමාණවද්ද යන්න සම්බන්ධයෙන් පැන නැගෙන්නා වූ ගැටළුවකි.
සිදුවීම් සිහිපයක් සම්බන්ධයෙන් සිහි එළවා ගන්නේ නම් ඇඹිලිපිටියේ සිදුවීම, සේයාගේ මිනී මරුවන් අත්අඩංගුවට ගැනිමේදී පොලිසිය විසින් සිදුකළ ක්‍රියාදාමය, රත්නපුරයේදී කාන්තාවකට පහරදීම, ශිෂ්‍ය උද්ඝෝෂණයකදී පොලීසිය විසින් එල්ල කෙරුණු ප්‍රහාරයන් (එච්.එන්.ඩී.ඒ. උද්ඝෝෂණය ඇතුලුව) ,පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියෙකු විසින් මාධ්‍ය වේදියෙකුට කරනු ලබන මරණ තර්ජනය, කඩවත ප්‍ර දේශයේදී රාත්‍රී වෙළද සැලකට පැන සිදුකරනු ලබන පහරදීම, මේ වන විටත් පරීක්ෂණ සිදුකරමින් පවතින හම්බන්තොට බදගිරියේ තරුණයෙකු අත්අඩගුවට ගැනීමේදී සිදුව ඇති සිදුවීම ඇතුළු සුළු මට්ටමේ සිට මාරාන්තික තත්වයන් දක්වා වූ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකාරීත්වය නීතියේ හා වගවීමේ මූලිකාර්ථයන් පැහැරහරිනු ලබන අවස්ථාවන් කිහිපයක් පමණක් වේ.
මෙකී සෑම සිදුවීමකටම පොලිසියට දිය හැකි පොදු පිළිතුරක් වන්නේ අප මේ සදහා නිතියට අනුකූලව ක්‍රියාත්මකව ඇති බවය යන්නය. එහෙත් එවැනි තත්වයක් යටතේ මෙවැනි සිදුවීම්හි අඩුවක් නොවේ නම් පොලීසිය තුළද ක්‍රියාත්මක නොවන තම නිළයේ වගවීමේ කාර්යයේ අඩුවක් බලනොපවත්වන්නේද යන්න විමසිය යුතු කරුණකි.
එබැවින් කෝකටත් තෛලයක් සේ මුමුණන වාක්‍ය ඛණ්ඩයක්ගෙන් එහා ගිය පොදු නීති රාමුවක් හෝ සදාචාරවත් හැසිරීමක් පොලීසිය වෙත හදුන්වාදීම සිදුකළ යුතු නොවේද යන්න පොලිස්පතිවරයා වෙත දමා ගැසීමට සිදුවන ප්‍රශ්නයන්ගෙන් එකක් වන්නේය.
ආසන්න සිදුවීම වන හම්බන්තොට තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඔහු අත්අඩංගුවේ සිටියදී පළාගියේයැයි සදහන් කොට ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණයන්හි වන ඇල් මැරුණු තත්වයන් පොලිස් දෙපාර්තමේන්තුවට එතරම් සුබාදී දෘෂ්ටියක් ඉතිරි කරන්නක් නොවන්නේය.
අදාළ තරුණයා අතුරුදහන්ව මේ වනවිට දින 10ක් ඉක්ම ගොස් ඇති අතර රහස් පොලීසිය, විහේෂ කාර්යය බලකාය, පොලිස් බුද්ධි අංශ, පොලිස් කොමිසම ආදී අනේක විධ පොලිස් නිලයන්හි යම් අඩුවක් බල නොපවත්වන්නේද යන්න විමසිය යුතු තත්වයක් වන්නේය.
කෙසේ වුවද සියලු පොලිස් නිලයන් මෙකී යම් තත්වයක් විසින් නිර්දය විවේචනයට ලක් නොකරන නමුත් යම් යම් සිදුවීම් මගින් මුළු මහත් පොලීසිය වෙතම ඇගිල්ල දිගුවීම වළකාලිය නොහැකි වන්නේය.
එබැවින් මහජනතාව වෙත සේවය සැලසීම ඒකායන අරමුණ බවට පත්ව ඇති පොලීසියේද ක්‍රියාකාරීත්වය වෙනත් දුෂිත දෙපාර්තමේන්තු මෙන් වුවහොත් නිළ කබායේ ධර්ම චක්‍ර ගසා ඊට ඉහලින් ධම්මෝ භාවේ රක්ඛති ධම්ම චාරී යන බුද්ධ දේශනාවන් පැළදීම, වාක්‍ය ඛණ්ඩයක් පැළගෙන එහේ මෙහේ යන කාකිධර නිළයක් පිරිසක් වුවහොත් පොලීසියේ මූලිකාර්ථයන් සුනු විසුනු කර දැමීමක් නොවන්නේද ? එබැවින් නව පොලිස්පතිවරයාට ඇති වගකීමක් ලෙස පොලීසිය ඇතුලතත පිරිස් ධර්මයේ හැසිරවීම අනිවාර්යයක් වී ඇති බව පමණක් පවසා සිටිය යුතුමය.

- තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.