Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ප්‍රලාපවාචී දේශහිතෛෂීන් උඩුබිරුම් හා සොරුන්ගේ කෝට් ගැලවීම

ප්‍රලාපවාචී දේශහිතෛෂීන් උඩුබිරුම් හා සොරුන්ගේ කෝට් ගැලවීම
බලයට පත්වී වසරක් ඉක්ම ගියද යහපලාන ආණ්ඩුවෙන් සිදුවන සේවාවක් නොමැති බවට මේ වනවිට ජනතාවගේ එකම පිළිතුර වී ඇත. අනෙක් පසින් මේ ආණ්ඩුව සොරු ඇල්ලීමට බලයට පත් වූ බවත් නමුත් අල්ලන ලද සොරෙකු නැති බවත් ඒ වෙනුට සිදුකරමින් පවතින්නේ තෝරුන් මෝරුන් සිටිද්දී හාල් මැස්සම් අල්ලා දණ්ඩන ලබාදීමට බවද ප්‍රචාරක තලයේ ජනතාවගේ අදහස බවට පත්ව ඇත.
ආණ්ඩු පාර්ශවයේ කිසියම් කෙනෙකු මේ අදහස සම්බන්ධයෙන් කිව හැක්කේ එසේ නම් අපි සියඹලා ගෙනැවිල්ලම නැද්ද යන්නය. එයටද පිළිතුරු ජනතාව සතුව ඇති අතර මේ සියලු තත්වයන් කළමණාකරණය කළ යුතුව ඇත්තේ ජනතාව විසින්ය.
කෙසේ නමුත් ආණ්ඩුව මේ වන විට සොරුන් ඇල්ලීම සාධනීය තත්වයේ ලා සිදුකරමින් පවතින අතර විටින් විට තෝරුන්ගේ මෝරුන්ගේ පැටව්න් අල්ලනු පේනේ. 
තෝර මෝර පැටව්න් ආභාෂයද පෝෂණයද ලැබූ වේ මහ මෝරුන්ගෙන් වීම හේතුවෙන් උපාසක මෝරුන් උපාය ශිලීය තම වංචාවන් යට ගැසීමේ කූඨ උපක්‍රමයන් යෙදීම විසින් අධිකරණ පද්ධතිය මෙන්ම ආරක්ෂක පද්ධතියද අසරණ කිරීමට තරම් ඒවා ප්‍රබල වී ඇත.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඒ සෙවනේ ආශිර්වාදයෙන් ජාතික ආරක්ෂාව උඩ දමා යටින් ගැසූ ගේම් සම්බන්ධයෙන් මේ වන විටත් තොරතුරු රාශියක් මෙන්ම ඒ සම්බන්ධයෙන් වන නීතිය ක්‍රියාත්මක වීම සිදුවෙමින් පවතින බවට යම් විශ්වාසයක් ගොඩනගා ගත හැකිව ඇත.
ඒ අතර ඇවන්ගාර්ඩ් නැමැති ආරක්ෂක සේවාව ප්‍රමුඛතාවයක් ගන්නා අතර එය ඉදිරියට දමා කොපමණ වංචා ප්‍රමාණයක් සුධීමතුන් යැයි කියා ගන්නා පිරිස් තම නිළයන් භාවිතා කොට සිදුකිරිම,  අතිශය තුච්ඡ ක්‍රියාදාමයක් බව සදහන් කළ යුතුව ඇත.
කිසියම් හමුදාවක එහි ඉහලතම නිලධාරියා වංචාවන්ට හවුල් වීමෙන් සිදුවන්නේ එකී හමුදාවම එම අපවාදය විදීමට සිදුවීමය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අතිශය ගරුත්වයක් හිමිකරගෙන සිටි පිරිස් පවා අද වන විට සොරුන් ලෙස නාමකරණය වීම හේතුවෙන් විරුවන් යැයි සම්මත වූ පිරිස් වංචනිකයන් බවට පත්ව ඇත.
යුද්ධය පැවැති සමයේ උතුරේ ජනතාවගෙන් උදුරාගත් ධනය සේම එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව පැවැති ධනය කොපමණවීද ඒවා කොහි අතුරුදහන් වූයේද යන්න සම්බන්ධයෙන් මේ ඉහල නිළයන් වගකිව යුතුව ඇත. 
මීට අමතරව අවි ගණුදෙනු, ප්‍රහාරයක යානා ගණුදෙනු, රත්‍රන් සොරකම් වැනි එකී මෙකී වංචාවන්ට මේ ඉහල නිළයන් අනිවාර්යෙන් වගකිව යුතුව ඇත. එසේ පවසනුයේ මෙකී ධනය යුද්ධයෙන් පසුව රාජ්‍ය භාණ්ඩාගාරයට හැර අන් කිසිදු තැනකට ගමන් නොකළ යුතු නිසාවෙනි. යුද්ධය සදහා  දරදිය ඇද්දේ ජනතාවගේ මිල මුදල්ය. එවක යුද්ධය සිදුකිරීම සදහා දුප්පත් මිනිසාගේ සිට පොහොසත් මිනිසා දක්වා බදු අය කළේය. ඒ මගින් යුද්ධයේ වියදම ජනතාව මත පැටවීය. එය එසේ විම විසින් යුද්ධය අයිති ජනතාව මතය. ඒ සදහා තීන්දු තීරණ ගැනීමේ පාලකයන් පත් කරනු ලැබූවේ ජනතාව වීම විසින් මහා සාධකය ජනතාවය. එබැවින් එකී යුද්ධයෙන් ඉතිරි වූ කිසියම් හෝ ආර්ථිකමය ප්‍රතිලාභයන් වේද ඒවා සියල්ල ජනතාව වෙත නැවත ලැබිය යුතුමය. 
මේ වනවිට දඩුවම් ලැබීමට ලක්ව අධිකරණයේ විනිශ්චය වෙමින් පවතින හමුදා ඉහල නිළයන් කිහිප පොළක් සම්බන්ධයෙන් ඇති චෝදනාවේ සත්‍යය වන්නේ එසේ ජනතාවගේ මුදල් කොල්ල කෑමේ වරදය. එබැවින් දේශහිතෛෂීන් කියා ගන්නා පිරිස් රණවිරුවන්ට අණ  දුන් මහා රණවිරුවන් අධිකරණයට පැමිණවීම ආනන්තර්ය පාප කර්මයක් ලෙස හුවා දැක්වීම නිෂේධනීය වන්නේ අන් කිසිවක් නිසා නොව නිළයට නොඔබින සොරකම්හි නිතරත වීම හේතුවෙනි. 
හමුදා නිළයන් නිර්මාණය වන්නේ ඕපපාතිකව නොවන බවද මෙහිලා සදහන් කළ යුතුව ඇත. සාමාන්‍ය හමුදා සෙබළෙකු ලෙස හමුදාවට බැදෙන පුද්ගලයෙකු අදාළ නිළයන් වෙත ගමන් කරනුයේ පියවරෙන් පියවර එහි ඇති ගුණාත්මක භාවයන් ජීවිතයට අවශෝෂනය කරගෙන දක්වන දක්ෂතාවයන් මගිනි. ඒ සියල්ල හමුදාවක දැඩි කැපවීම මගින් හා තවත් අයෙකුගේ දක්ෂතාවයන් කිසියම් ක්‍රමයකින් සාපේක්ෂව මැන බැලීමක් මගිනි. 
මේ නිසා ඇවන්ගාර්ඩ් සොරකම් සම්බන්ධයෙන් අධිකරණයට පමුණුවා ඇති නාවුක හමුදාපතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් වන්නේද ඉහත සාධාරණය බැවින් ඔවුන්ට එරෙහිව කුමන දඩුවම ක්‍රියාත්මක කළද එය සාධාරණය. අතිශය සාධාරණය. 
ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවන් සම්බන්ධයෙන් වන තත්වයන් ලේඛකයෙකුගේ සටහනක දැක් වූයේ මෙසේය . 
අනෙකුත් ආරක්ෂක ආයතන මෙන්ම ශ්රීම ලංකා නාවික හමුදාව මුහුණ දුන් තත්වයද එහිදී අතිශය කනගාටුදායක බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. එහි උච්චතම අවස්ථාව ලෙස හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාගේ කාලච්ඡේද සඳහන් කළ හැකිය. අද්මිරාල් ඩි. ඩබ්. ඒ. එස්. දිසානායක (සේවා කාලය :15.1. 2011 – 26.9. 2012) , අද්මිරාල් ජේ. එස්. කේ. කොළඹගේ ( සේවා කාලය: 27. 09. 2012 – 30. 06. 2014 ) සහ අද්මිරාල් එස්. ඒ. එම්. ජේ. පෙරේරා ( 01. 07. 2014 – 10 .07. 2015 ) යන නාවික හමුදාපතිවරුන් තිදෙනා මේ වන විටත් අධිකරණ ක්රි යාමාර්ගයක විත්ති කරුවන් ලෙස නම් කොට තිබේන්නේ එහි ප්ර2තිඵලය ලෙසය. ආයතනයකට විඳිය හැකි උපරිම ලැජ්ජාව එය නොවේද?
මෙම සටහන ලියන මොහොත වන විට, ඊට සම්බන්ධ අයවලුන් විසින් රෑ දහවල් නොබලා සිදු කරන දුරකථන සංවාද මෙන්ම පෞද්ගලික හමුවීම් රාශියකගෙන් පෙනී යන්නේ තත්වය කෙතරම් සංකීරණ වී තිබේද යන්නයි. කෙසේ වෙතත්, මෙම කාරණය රටේ ශක්තිමත් ස්වාධීන අධිකරණයක් පවතින බව ලෝකයට ආදර්ශයෙන් පෙන්වා දිය හැකි නිදර්ශනයක් බව සිහිපත් කළ යුතු වේ.  
 ''ප්රිචණ්ඩත්වය සංස්කෘතිය හා බැඳී පවතින කාරණයකි. මර්ධනය කරනු ලැබූ සමාජයක ප්රදචණ්ඩත්වය යනු ප්රඑතිචාර දැක්විය හැකි එක් මූලික උපායකි. නැසිය යුත්තේ රෝගකාරකය මිස රෝග ලක්ෂණ නොවේ. ඒ සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබේද යන්න තවමත් අපැහැදිලි කාරණයකි.''
මෙම නාවික හමුදාපතිවරුන් තිදෙනාගෙන් පළමු දෙදෙනා එනම් අද්මිරාල් දිසානායක සහ අදමිරාල් කොළඹගේ නාවික හමුදාවෙන් මෙන්ම ඉන් පසු ඔවුහු සම්බන්ධ වූ සමුද්රානරක්ෂක සහ අවි ප්රඅවාහනය කළ පෞද්ගලික සමාගමෙන් ඉතා යහමින් උපයාගත්හ. ලබැඳියාවන් අතර විසම්මුතියේ අප්රකසන්න අවස්ථාවක් වූ එමඟින් ක්රෞමයෙන් හීන වෙමින් පැවති නාවික හමුදාවේ ගරුත්වය තව දුරටත් දියාරු කිරීමට මොවුහු අකටයුතුකම් හේතු විය. ඔවුන්ගේ ඉලක්කය වූයේ තම තමන්ගේ හුදු පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම පමණය. (උපුටා ගැනීම - නිලන්ත ඉලංගමුව )
 
මේ නයින් බලන කළ ප්‍රලාපවාචී දේශහිතෛෂීන් විසින් නගන පුහු තර්කයන් රණවිරුන්ට දඩුවම් දීම යන තැනින් ඔබ්බට ගමන් කරනු ලබන්නේ  ජනතාවට වගකිව යුතු නිළයන්දරා ජනතාවට ද්‍රෝහීන් වීම යනු දඩුවම් ලැබිය යුතුම වරදක් වන බැවිනි.
පෙර සදහන් කළ පරිදි මොවුන් විසින් සිදුකළ මහා පරිමාණ රත්‍රං ජාවාරම පමණක් ගත්තත් ඔවුන් මීට පෙර දඩුවම් ලැබිය යුතු වූන් අතරට පත්වේ. එසේම ඔවුන්ගේ අයිතීන් මකා දැමීමට තීන්දු තීරණය ගැනීමට අධිකරණය විසින් ගනු ලබන තීරණයද සාධාරණය. රත්‍රන් සොරකමේ මූලයන් විමසා බැලිය යුතුය. 
 පසුගිය ආණ්ඩුව යටතේ සිදු කළ මහත්ඵල මහනිසංස පිනක් ලෙස අර්ථ නිරුපණය කළ විශාල කටයුත්තකි. මේ සඳහා ත්‍රිවිධ හමුදා වලින් සිදුකළ දායකත්වය ඉතා විශාල එකකි. ව්යා පෘතිය සඳහා අවශ්යගය මූලික අමුද්රනව්යනය සම්බන්ධයෙන් එකල විශාල ප්රහසිද්ධියක් ලබා දෙනු ලැබීය. ඒ අනුව 16x8x2 ප්ර මාණයේ ගඩොල් කැට මිලයන 30ක්, හුණු කිලෝග්රෑලම් මිලියන 9.5ක්, ග්රැ.නයිට් කුයුබ් 50,000 ක්, සිමෙන්ති කිලෝග්රෑාම් 50 බෑග් 130,000 ක් ආදී වශයෙන් ඊට අවශ්යිය අමුද්රෑව්යරය ගැන සඳහන් විය. අවශ්ය ය සියලු අමුද්ර ව්ය,ය එකතු කරගැනීමෙන් පසු ව්යා්පෘතිය ආරම්භ වූ අතර එහි කොත සහ සර්වඥධාතු තැම්පත් කිරීමේ අවස්ථාව උදා විය.
එකල නාවික හමුදාපති ලෙස කටයුතු කරනු ලැබුවේ අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාය. මේ සඳහා අවශ්යරය රත්රතන් සැපයීම නාවික හමුදාවේ ධන පරිත්යාරගයක් ලෙස සිදු කළේය. අදාළ රත්රඅන් නාවික හමුදාව විසින් අල්ලා ගනු ලැබුවේ, රන් ජාවාරමේ යෙදෙන බෝට්ටුවක් කොටු කර ගැනීමෙනි. අදාළ බෝට්ටුවේ තිබූ රන් පළමුව නාවික හමුදාව භාරයට සහ ඉන් පසු රෙගු බාරයට පත්විය. ඉන් විශාල ප්රුමාණයක්  සඳ හිරු සෑය සඳහා අවශ්යටබව කියමින් යළි නාවික හමුදා  භාරයට ලබාගත් අතර එය වැලිසර පිහිටි නාවික හමුදා කඳවුර වෙත රැගෙන යනු ලැබීය. ප්ර තිඵලය වූයේ ඉන් කිලෝග්රෑයම් අටක ප්රබමාණයක් සඳ හිරු සෑයේ කොත වෙනුවෙන් පරිත්යාැග කොට මහා පුණ්යඳ කර්මයක් සිදු කළ අතරතුර ඉතුරු රන් කිලෝග්රෑාම් විශාල ප්රුමාණයක් ගණන “මාටියා” ගැසීමය.
දැන් විනිශ්චය ඉතා පැහැදිලිය. රාජපක්ෂ ආණ්ඩුවේ දෙබිඩි කටයුතු සම්බන්ධයෙන් ඒ සදහා වන උපාය උපක්‍රමයන් යෙදීම හා ඒ සදහා උදව් කොට හමුදා නිළයන්ගේ කීර්ති නාමය රාජපක්ෂ වරුන්ගේ ගෙයි පිළිකන්නේ දිය කර හැරීම සමස්ථ හමුදාවන්ට කරනු ලැබී නිග්‍රහයකි.
එබැවින් දේශහිතෛෂීන්ගේ ප්‍රලාපයන් කුමන අර්ථ දැක්වීමක පැවතියේද ඒ සියල්ල ජනතාවගේ පරමාධිපත්‍යය හමුවේ මුළුමනින්ම නිෂේධ වන්නේය. 
 
තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.