Menu

logo new 2015-5-11

Shamrock-png

බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතිය

බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතිය

උමා ඔය බහු විනාශකාරී ව්යාපෘතිය හේතුවෙන් මේ වනවිට නිවාස 4625ක් ඉරිතලා පුපුරා ගිලාබැස හානියට ලක්ව ඇතග බොහෝ නිවාස මුළුමනින්ම බිමට සමතලාව ඇති ඇති අතර ලිං උල්පත්ල දියකඳුරු 2333ක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත.

පොදු ස්ථාන ගණනාවක් පුපුරා විනාශවී ඇති අතර මකුල්ඇල්ල විද්යාලයල මකුල්ඇල්ල විහාරස්ථානයල එගොඩගම විහාරස්ථානයල හීල් ඔය විහාරස්ථානයල කුරුඳුගොල්ල විහාරස්ථානයල උඩපේරුව භාවනා මධ්යස්ථානයල දික්අරාව මෙහෙනියාරාමයල මැදපේරුව මුස්ලිම් පල්ලිය මේ අතර ඇත.

එමෙන්ම ජලය නොමැති කමින් ඉඩම් අක්කර දහස් ගණනක වගා කටයුතු අතහැර දැමීමට ගොවීන්ට සිදුව ඇතග මේ අතර කුඩා තේවතු හිමියන්ව්යා පාරිකයන් ස්වයංරැකියා ලාභීන් විශාල ප්රමාණයක්ද සිටිති.

බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැගිල්ලල කුමාරි ගොඩනැගිල්ල සහ අළුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැගිල්ල ආශ්රිත කලාපය දැඩි ගිලාබැසීම්වලට ලක් වී ඇති අතර ඉදිරියේදි දැවැන්ත ගිලා බැසීමක ලකුණු දැනටමත් මෙම ප්රදේශයේ පෙනෙන්නට ඇත.
බණ්ඩාරවෙළල උඩ පේරුවල පහළ පෙරුවලමැද පේරුවල අමිපිටියල පල්ලේපේරුව කරගහවෙල බොරලන්දල රජ කොටුවල පුහුල්පොල දික්පිටියල ඉහළකොටවර පහළ කොටවරල මඩුවෙී ගෙදරල අඔ දණ්ඩා ගම අභයපුර කන්දේකැටිය ජනතාවට බීමට දිය පොදක් නොමැති තරමට ලිං සිදී ගොස්යග දැනට මෙම ප්‍රදේශ වලට වතුර ලීටර් 180000 දිනකට සපයනු ලබන්නේ බණ්ඩාරවෙල ප්‍රදේශිය ලේඛමි කාර්යාලය මැදිහත් වීමෙනිග යහමින් ජලය තිබූ මාධ්‍යම කදුකරයේ දැනට දැවැන්ත ජල හිගයක් උමා ඔය බහු විනාශකාරී ව්යාපෘතිය විසින් අත්පත් කර දී ඇත.

ෆරාබ් සින්ද කදුකරයේ ජල නිදිය

ෆරාබ් ඉරාන සමාගම විසින් උමා ඔයේ කැණිම කිරීම හා භූ ගත ජල නලය කණින විට විටින් විට සිදු වූ ජල කාන්දු වීමි නිසා මධ්යම කදුකරයේ ජල උල්පත් දහස් ගණනක් මෙි වන විට සිදී ගොස් අවසන්ය.

පසුගිය වසරේ හා මෙි වසරේ උමග කැනීමි අතර තුර මෙරට ජනතාවගේ ජල අවශයතිව සපුරා ලීමට හා ගහ කොළ සතා සිවිපාවගේ ප්‍රයේජනයට ගැනීමට තිබු ජල ලීටර් කොටී ගණනාවක් අපතේ ගියේයග උමග විදින විට මෙම ජල උල්පත් හා භූ ගත ජල තැටි හමුවන බව එම සමාගම දැන සිටිය යුතුය. එයට හේතුව උමග කණන මාර්ගය සමිබන්ධව ඔහුන් දැන සිටිම හා අධ්‍යන වාර්ථා මගින් එය පෙන්වා දීමය. නමුත් මෙරට ජල සමිපත පිළිබද තුටිටුවකට ගනන් නොගත් මෙරට පරිසර අධිකාරිය හා අනෙක් ආයතනත් මැති ඇමති වරුත් කොමිස් කුටිටි ගලවා ගැනීමට මාධ්‍යම කදුකරයේ ජල උල්පත් හා භූ ගත ජලය විනාශ කිරීමට ඉහත කී ඉරාන සමාගමට අවසර දෙන ලදී.


මෙකි අවසරයේන සින්දවන ලද මධ්යම කදුකරයේ ජල උල්පත් ජලය සැපවු යේ බණ්ඩාරවෙල හා අවට ප්රදේශ වලට පමනක් නෙවල මධ්යම කදුකරයේන රුරා ගලන ගංගා එකසිය තුනට හා දියකදුරු දහස් ගණනකටය.

01, රූප සටහනෙන් පෙන්වා දී ඇත්තේ භූ ගත ජල තැටි පවතින අකාරයයි වැස්සේන වැටෙන ජලය පස තුල ඇති කුහර තුලට හා මවි පාෂාණය හා මතුපිට පාෂාණය අතරත් මවි පාෂණය තුලත් ගබඩා වෙි මෙිසේ ගබඩා ව ඇති ජලය පහළ ස්ථාන වලින් උල්පත් ලෙස ගංගා ඇල දේාල වලටත් ලිං වලටත් එක් වෙි ජල ගබඩාවන් හරහා උමං හාරන විට ජල ගබඩාව සිදුරු ව එහි ඇති ජලය සියල්ල උමං මාර්ග දිගේ ගලායන අතර උමාඔය ව්යාපෘතියේ කැණිමි තුලින් සිදු වූයේ මෙයයි.

ස්භාවයෙන්ම මධයම කදුකරය සිදුකරන්නේ වැස්සේන වැටෙන ජලය ජල ගබඩාවක් ලෙස ආරක්ෂා කර තබාගන වැසි නෙමැති කාලවල එය ගංගා තුලට නිදහස් කිරීමයි එලෙස නිදහස් කිරීමට තිබූ ජල ගබඩාවන්ගේන සැළකිය යුතු ප්‍රමාණය දැනට සිදුවන ජල කාන්දු නිසාත් සමස්ථ උමා ඔය ව්යාපෘතිය නිසාත් සිදුවිය . උමා ඔය ව්යාපෘතිය සමග පැන නැගී ජල හිගය පළමුව බණ්ඩාරවෙලට බලපෑවද දෙවනුව හා තෙවනුව සමස්ථ රටටම බලපානු ලබයිග මෙය බණ්ඩාර වෙල මිනිසුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොව රටෙි සෑමගේම ප්‍රශ්නයකි වෙනස ඇතතේ ප්‍රදේශයෙන් පිට සිටින අයට තවම මෙය නොදැනීමයි.

මීරිය බැද්ද නාය යෑම හා තවත් නාය යෑමි

විශේෂයෙන්ම මීරියබැද්ද නායයෑමටද උමා ඔය ව්යාපෘතිය විසින් මාධ්‍යම කඳුකරය මතින් සිදුකරගෙන යනු ලබන ක්‍රියාකාරකම් මත ඇතිවූ විනාශයන් හේතු වී ඇත එයට හොඳම උදාහරණය වන්නේ ඩයබරා සිට රාවණා ඇල්ලට මදක් පහලට වනතුරු කිලෝ මීටර 23 ක් අභ්යන්තරයට විහිදී යන සේ උමඟක් මහා පරිමාණ යන්ත්ර සූත්ර යොදාගනිමින් හාරමින් තිබීමයි.

මාතැටිල්ල ඔය අසලින් ආරම්භ වී රාවණා ඇල්ලට පහළින් මතු වන කිලෝමීටර් 23 දිග උමං මාර්ගය සැකසීම සඳහා මෙරට උමා ඔය ව්යාපෘතියට සම්බන්ධ වු ඉංජිනේරුවන් විසින් ග්රල් ඇන්ඞ් බලාස්ට් ක්රමවේදය(grille and blast ) හා ග්රිරිලින්(Griling )ක්රමවේදය යොදාගෙන ඇතග කුමන ක්රමවේදයක් යොදාගත්ත ද අඩු වැඩි වශයෙන් දෙදරීම් සිදුවේග මෙලෙස කදුවල සිදුවන දෙදිරීම් නායයෑම් වලට මූලික හේතුවක් වන අතර ලෙව පුරා එවන් අත්දැකීමි විශාල වශයේන් ඇත.

කෙසේ වෙතත් උමා ඔය ව්යාපෘතියේ උමග කැනීම ආරම්භ වූ දා පටන් ඩයබරාල මාතැටිල්ල ඔය ඉවුරු හා ඒ ආසන්න ප්රදේශ විශාල වශයෙන් නායයෑම ආරම්භ වියගඑම නාය යැමි තව දුරටත් තීවෘර කරමින් බණ්ඩාරවෙල අශ්රීත ප්රදේශය මෙි වන විට කුඩා නාය යෑමි වලට ලක්වෙිමින් ඇති අතර තව වසර ක්ිහිපයක් ඇතුලත බණ්ඩාරවෙ අශ්රීත ප්රදේශ ගණනාවක් නාය ගෙස් මිනිස් ජීවීත විනාශ වීම වලකා ලිය නොහැක.

19 වන සියවසර මුල් මුල්භාගයේ කළ මෙවන් ව්යාපෘතීන් නිසා ප්රංශයේ නැගෙනහිර ප්රදේශයේ නායයෑමෙන් මිනිසුන් 450 ට වැඩි ප්රමාණයක් ජීවිතක්ෂයට පත් වු අතර ගම්මාන ගණනාවක් විනාශ වී ගියේ ය.

20 වන සියවසේ මුල් භාගයේ ඉතාලියේ වාජෝන් ගම්මානයට ආසන්නව සිදුකරමින් තිබුණු උමං හෑරීම සහ ජලාශ්ර ඉදිකිරීම නිසා නායයෑමෙන් 2500 ට වැඩි පිරිසක් මිය ගියේ යගඑසේම පැනමා ඇළ කැනීමේ දී ඒ අවට කදුපන්ති හැටහය වතාවක් නායගොස් ඇති අතර පරිසර පද්ධතිය තුළින් උමං මාර්ග හෑරීමේ දී හා ජලාශ ඉදිකිරීමේ දී ලොවපුරා මෙලෙස විශාල වශයෙන් නායයෑම් සිදු වී ඇත.

උමා ඔය විනාශය ෆරාබ්ට (http://www.farab.com/ )ලාභයක් වූ හැටි

ෆරාබ් සමාගම ඉරානයේ විනාශකාරී ව්යාපෘති සදු කල සමාගමකිග ජලය හා බලශක්තිය සමිබන්ධව සිය ව්යාපෘති දියත් කරන මෙම සමාගම සිය ව්යාපෘති ලෝකයේ රක්ෂණ සමාගමිවල රක්ෂණය කර ඇතග එමෙන්ම ෆරාබ් සමාගමට අයිතිවාසිකමි කියන ඉරානයේ තෙහෙරාන් නුවර පිහිටි ෆරාබ් රක්ෂණ සමාගමක් ඇතග ලොව පුරා උමා ඔය වැනි ව්යාපෘති සියල්ල Insurenc Exper Farab රක්ෂණය කර ඇති අතර එම රක්ෂණ සමාගම වෙනත් රක්ෂණ සමාගමි වල නැවත රක්ෂණය කර ඇතග උමා ඔය ව්යාපෘතිය නිසා හානි සිදුවන සෑම මෙහොතක ව්යාපෘතියට සිදු වූ හානිය වෙනුවෙන ඔහුන් දිගින දිගටම මෙවැනි ව්යාපෘතිවලින් වන්දි ලබාගනු ලබයි ගඑම නිසා ලංකාවට සිය පරිසරයත්ලජනයාට සිය දිවියත් අහිමිවන වාරයතක පාසා තෙහෙරාන් නුවර සාහිද් සාමති අංක 41 පිහිටි ව්යාපාරක ස්ථානයට මුදල් ගලා එන අතර එයන් කෙටසක් ලංකාවෙි පාලකයන්ට මෙම විනාශය යට ගැසීමට කොමිස් ලෙස ගෙවනු ලබයි .

ලංකාවෙි ව්යවස්ථාවට අනුවත් පරිසරය ආරක්ෂා කිරීමට රටක් ලෙස රජය බැදී සිටි නමුත් සිදුවන්නේ තවකෛකුගේ ලාභය පදනමි කරගන සියල්ල විකිණිිමයිග උමා ඔය ව්යාපෘතිය මෙරට අසාර්ථකම ව්යාපෘතියකිග නමුත් තව දුරටත් පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් එය ඉදිරියට ඇදි යාමට ආණ්ඩුව උපකාර කරමින් සිටිග සියලු පරිසර නිතී මෙහිදී උල්ලංඝනය කැර ඇති අතර දණඩ නීති සංග්රහය අනුව පරිසර යට හානි කිරීම අපරාධයකිග නමුත් අපරාධ කරන්නේ රජයන්ය ග සාමාන්ය මිනිසුන් ඒවාට වන්දි ගෙවමින් සිටිති. තෙරුමි ගත යුතු ඇතතක් ඇත මෙි සියල්ල පරාජය කිරීමයනමි අප එකා මෙන් එක් විය යුතු බවය .

රවින්ද්‍ර කාරියවසම්

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.