Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 04 April 2017

විස්සයි විස්සෙන් ලංකාවට කඩුලු 06ක ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්තේය.

Read more...

සිරියාවට රසායනික ප්‍රහාරයක්

සිරියාවේ ඊසාන දිග පිහිටි කැරලිකරුවන් යටතේ පවතින කාන් ෂෙයිකුවාන් නගරයට එල්ල කරන ලද රසායනික ප්‍රහාරයකින් 58 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානය සංවිධානය පවසන්නේ සිරියානු රජයට හෝ රුසියාවට අයත් ජෙට්යානා මගින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.

Read more...

මගේ පුතාට බලකායවල් නෑ - මෛත්‍රී පුතා ගැන කියයි

වසර 13 කට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව පසුගිය (02) දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව තරුණ පෙරමුණු සභාපති ශාන්ත බණ්ඩාර සහ ලේකම් එරික් වීරවර්ධන මහත්වරුන්ගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් හා තරුණ නායකයන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර පවුලකට උරුම වූ පක්ෂය නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය පිරි පක්ෂයක් බවටපත් කර ගනිමින් ඉදිරියේදී තාරුණ්‍යයේ ශක්තියෙන් රටේ අනාගතය භාරකාරත්වය තිරසාරව ඉදිරියට ගෙනයන ආකාරය පිළිබඳව අදහස් ඉදිරිපත් කෙරිණි.

Read more...

ඇමති මාරුවට එජාපය අවි අමෝරයි

පක්‍ෂයේ එකඟත්වයකින් තොරව ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කළහොත් පක්‍ෂයක්‌ ලෙස ඊට එරෙහිවීමක්‌ වශයෙන් ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවට එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ පක්‍ෂ නායකත්වයට යෝජනා කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Read more...

ටිකට් නොදෙන බස් රථ වැටලීම් සාර්ථකවේ

පෞද්ගලික මගී බස් රථවල ප්‍රවේශපත් නිකුත් නොකරන බස් රථ සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් සාර්ථක වී ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

Read more...

අර්ජුන්ගේ උණ්ඩෙට බය නොවුනු සේපාල කට අරී

 

හිසට තුවක්‌කුවක්‌ එල්ල කළත් ටෙන්ඩර් මණ්‌ඩල සාමාජිකයන්ට අනුන්ගේ තීරණ පිළිගත නොහැකි බව තමා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ වලට විරෝධය පළ කරමින් 2015.02.27 දින ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ එවකට භාණ්‌ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් මණ්‌ඩලයේ සාමාජික සේපාල රත්නායක මහතා ඊයේ (03 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් කීවේය.

Read more...

ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජනපතිගෙන් රෑ කෑමක්

දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් විස්සයි-20 තරගාවලි ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරිහූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

Read more...

මේ දිනවල ලංකාව රත්වීමට හේතු මෙන්න

ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 30 ඉක්මවා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම හෙට (5) සිට ඇරඹෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read more...

පැකර්ගේ ඉඩමේ හතරමායිම් සොයයි

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් දැනුම් දුන් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මෙම ඉඩම ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට විගණකාධිපති වාර්තාවක් මගින් දැනුම් දී ඇති බව කී අමාත්‍යවරයා එහිදී කිසියම් වරදක් සිදුවී ඇත්නම් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ද සඳහන් කළේය.

Read more...

උද්ඝෝෂණ කළාට සයිටම් වහන්නේ නෑ - කිරිඇල්ල කියයි

කිසිසේත් සයිටම් ආයතනය වසා නොදමන අතර වැඩවර්ජන, උපවාස, උද්ඝෝෂණවලින් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල කියයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.