Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 08 April 2017

මහින්දගේ ආණ්ඩුවේ සියලු දූෂණ තව මාසයකින් එළියට දානවා - රාජිත කියයි

පසුගිය රජය විසින් සිදු කළ මනුෂය ඝාතන, දුෂණ හා වංචා පිළිබද සියළු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read more...

උදයංගට රුසියාවෙන් සල්ලි ගැලූ හැටි හෙළිවේ

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් වලට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් ලැබී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ. යුක්රේනයේ නිෂ්පාදිත MiG-27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් රජයට සිදුවූ අලාභය පිළිබඳ පරීක්ෂණ කිරීමේදී මේ බව හෙළිදරව් වී තිබේ.

Read more...

විශ්‍රාම වැටුප වෙනස් වෙයි

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට සේවය හැර යන අවස්ථාවේ ප්‍රමාණවත් දීමනාවක් රජයේ සේවකයාට ලබාදෙන නව ක්‍රමයක් සම්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙමින් තිබෙන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

Read more...

කැබින්ට් අනුමැතිය නොමැතිව රට හාල් ගෙනැවිත් සතොසට කෝටි 1515 අළාභයි

සතොස විසින් කැබිනට් අනුමැතිය නොමැතිව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව පසුගිය ආණ්ඩු සමයේ මාස පහක කාලයක් තුළ සහල් මෙට්‍රික් ටොන් 2,57,559ක් ආනයනය කිරීම නිසා රජයට රුපියල් කෝටි 1515කට අධික අලාභයක් සිදුව ඇතැයි පාර්ලිමේන්තුවට ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.

Read more...

මැයි දිනේට අධිවේගය මුදල් අය නොකරයි

මැයි දින සැමරුමට සහභාගීවන සියලු පක්ෂවලට මැයි දිනයේ දී සියලු අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සළසා දෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read more...

පාදෙනිය සෑර් වෙත - චමීර ජීවන්ත

මුලින්ම කියන්ඩ ඕනෙ බුදු සෑර් මේකෙ ග්‍රැමර් මිස්ටේක්, ස්පෙලිං මිස්ටේක් හෙම තිබුණා කියා තරහා වෙන්ඩ එපා ය.... මම මේ ලියන්නේ ජීවිතේට ලියන්ඩ හිතාන උන්නු ලියමනක් නෙවේය... ඇරත් සෑර්ලා වගේ මතු බුදුවන හුත්--සමාවන්න, "උත්තමයන්ට" ඇඩ්‍රස් කරලා ලියුං ලියන්ඩ අපි වගේ හිච්චං බුවාලා කවුද නේද ය.. සෑර්ලා පට්ට ලොකු ය.. අපි පට්ට පොඩි ය.. එහෙව් එකේ මේ ලියමනත් හරිනං අවුල් ය.. ඒ වුණාට මගේ පුංචි හිතට දැනෙන සතුට මට සෑර් එක්ක බෙදාගන්ඩ ඕනෑම ය... නැත්නම් දවාට කෑවෙ නෑ වගේ ය... ඒ නිසා ඉවසිල්ලෙන් තරහ අවසර ඇතුව කියවන්ඩ ය....

Read more...

ශ්‍රිලනිප ඇමතිවරුන් නිකමුන් කළ රනිල්ගේ ප්‍රකාශය ගැන පෙත්සමක් ජනපතිට

රාජ්‍ය දේපළ විදේශ සමාගම්වලට පැවැරීමේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙළට දායකවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් බැවින් ඒ සඳහා වහා මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

Read more...

වසන්ත ඔබේසේකර සමුගනී

යහපත් ශ්‍රී ලාංක සිනමාවක් වෙනුවෙන් විසල් මෙහෙවරක් කළ මහා සිනමාවේදියෙකුවන වසන්ත ඔබේසේකර සිය මෙහෙවර නිමාකර නික්ම ගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 80 වූ අතර ශෛළ්‍ය කර්මයන් කිහිපයකට භාජනය කිරීමෙන් අනතුරුව කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු මිය අද මිය ගියේය

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.