Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

හෝද හෝදා එළියට බස්සන මාලඹේ වෙද කඩේ

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ගැන අපි කිහිප වතාවක්ම ලිව්වා. නමුත් නැවත වරක් ඒක ලියන්න වෙන හේතුවක් තියෙනවා. ඒ තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දකුණු ආසියානු ආයතනය හෙවත් SAITTM ආයතනයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව දෙන්න කියලා අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව පිරිසක් ප‍්‍රකාශ කිරීම. මේ පිරිස තමන්ව හඳුන්වා ගත්තේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ මව්පිය සංගමය විදියට. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සඳහා මව්පිය සංගම් නමින් ප‍්‍රකාශ නිකුත් කරන්නේ ප‍්‍රවාහන සේවය පෞද්ගලිකරණය උපරිම භුක්ති විඳින අයෙක්. ඔහු පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න. ගැමුණුත් ඇතුළු මව්පියන් යැයි කියන පිරිසක් මේ දිනවල මාධ්‍ය සාකච්ඡා පවත්වමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුවට රජයේ රෝහල් දෙන්න කියලා අධිකරණය නියෝග කළා, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ නියෝගය කඩ කරනවා කියලා ආඩපාලි කියනවා.

Read more...

සමලිංගික විවාහයෙන් දරුවෙක් ලද ලංකාවේ දිල්

අයර්ලන්තයේ ”නිව්ස්‌ ටෝක්‌” ගුවන් විදුලි සේවයේ, සේවය කරන දිල්හානි වික්‍රමසිංහ නම් ශ්‍රී ලාංකික තරුණියක්‌ ඇය විසින් මෙහෙයවනු ලබන ”ග්ලෝබල් විලේඡ්” සජීවී වැඩසටහනේදී තම පෙම්වතියට විවාහ යෝජනාවක්‌ ඉදිරිපත්කොට තිබේ.

Read more...

යහපාලනයටත් ගඳ කැන්දන දෙයියන්ගේ කැඳ ජාවාරම

මහින්ද රාජපක්ෂ පාලන කාලය ලංකාවේ රාජ්‍ය පාලනය තුළට ආගමික හා මිත්‍යා විශ්වාස ඈඳා ගත් යුගයක් වූ අතර මහින්ද පාලනයේදී රාජකීය දෛවඥයකු විසින් රාජ්‍යයට සම්බන්ධ කාර්යයන් සිදුවිය යුතු වේලාව තීරණය කරනු ලැබීය. මැතිවරණ පැවැත්වූවේද දෛවඥයා ලබාදුන් වේලාවටය.

Read more...

ලොකු සන්නාට පොඩි සන්නාගෙන් ලියුමක්

පළමුව හදවතට එකඟව මා ඔබේ ගෝලයෙක් වීම පිළිබඳව අප්‍රමාණව තුටු වෙමි. දෙවනුව මා ඔබේම පාසලේ ආදී සිසුවෙකු වීම පිළිබඳවත් ඊට සමව තුටු වෙමි. තෙවනුව මා ලාංකිකයෙකු ලෙස සන්නස්ගල නම් වර්තමාන දේශපාලන තක්කඩියාට තරයේ වෛර කරමි. හසල දැනුමෙන් ඔබ මෙන් සිංහල වනන්නට මට නොහැකි බව සත්‍ය මුත්, දන්නා සිංහලෙන් ඔබට නොතේරෙන දෑ ලියා තබන්නට අදහස් කලෙමි.

Read more...

යුද සැමරුම් කුමටද ?

දශක ගණනාවක් තිස්සේ දිගහැරුණු ජාතීවාදී යුද්ධය අවසන් වී දැනට වසර 06ක් ගත වී ඇත. එම ජාතීවාදී යුද්ධයේ රුදුරු ගිනි පුපුරු තවමත් අළු යට දැවි දැවී පවතී. එවැනි තත්ත්වයක් තුළ පාලකයින් යුද්ධය ජයග‍්‍රහණයක් ලෙස හුවාදක්වමින් සිටී. ඉන් නොනැවතී යුද සැමරුම් ද පවත්වයි. මෙවරද සම්පූර්ණ ජන ජීවිතය අඩාල කරමින් යුධ සැමරුම මහත් උත්කර්ෂවත් අන්දමින් මාතරදී සමරන ලදි.

Read more...

වියපත් සෝමවංශ ජවිපෙ හැරදා පන්සල් යාමේ විගඩම

පශ්චාත් ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල මත පදනම්ව, පසුගිය මාස තුනකට ආසන්න කාලය තුළ තීව්‍ර වූ ලාංකීය දේශපාලන අර්බුදයට එකතු වූ අලුත්ම මාතෘකාව ජවිපෙ හිටපු නායකයාගේ ඉල්ලා අස්වීමයි. මෙය හුදු සිදුවීමක් හෝ වත්මන් දේශපාලන පසුබිම මත පමණක් පදනම්ව විග්‍රහ කළ හැකි හෝ විග්‍රහ කළ යුතු මාතෘකාවක් හෝ උඩින් පහළින් අතගෑ බැලිය යුතු මාතෘකාවක්ද නොවේ.

Read more...

අනුරගේ වගේම ගුණරත්නම්ගේ මතයත් ජනතාවට වැදගත් - උපුල් ශාන්ත සන්නස්ගල

ස්‌වාධීන රූපවාහිනි සේවය ඔස්‌සේ විකාශය කරනු ලබන "සත්‍යාගාරය" වැඩසටහන පසුගිය සතියේ විකාශය නොවිණි. එදින සත්‍යාගාරයට පැමිණෙන දේශපාලන චරිතය සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක්‌ කර නොතිබූ අතර හිටි හැටියේම සත්‍යාගාරය විකාශය නතර කර තිබුණි. එය වාරණයට ලක්‌ වූවාද? අප මේ පිළිබඳව සත්‍යාගාරය මෙහෙයවනු ලබන උපුල් ශාන්ත සන්නස්‌ගලගෙන් විමසුවෙමු. මේ දිග හැරෙන්නේ අප ඔහු සමඟ කළ සංවාදයයි.

Read more...

මහින්දට රෝ බිය හා විමල්ට මළ බර ඇති කළ මෝඩිගේ ගමන

odiඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව අමතා කතා කරන්නට සැරසුනේය. හිටපු ඇමති විමල් වීරවංශ මහතා අසුනෙන් නැඟිට සභාවෙන් පිටව ගියේය. එය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කරන ලෙස මෝඩි විසින් කරන ලද ප‍්‍රකාශයට නිහඬ විරෝධය පෑමක් බව ඊට පසුව ඔහුට අයත් වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි. තවත් කිසිවෙකු විසින් පවසා සිටියේ මෝඩිගේ කතාව අතර තුරම විමල්ට වැළදී ඇති රෝගයක් වන මළ බද්දයෙන් නිදහස් වීම සදහා වැසිලිකියක් වෙත ගිය බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මෝඩිට සිහින් ටොක්කක් ඇන තිබිණි.

ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට ප‍්‍රකාශයක් ලබා දෙමින් ඔහු පවසා තිබුණේ තමන් බලයෙන් පහ කිරීම ඇමරිකානු හා බි‍්‍රතාන්‍ය රහස් ඔත්තු සේවා සමඟ එක්ව ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ක‍්‍රියාත්මක කළ මෙහෙයුමක ප‍්‍රතිඵලයක් බවයි. කෙසේ වෙතත් ඊට මෝඩිගේ සම්බන්ධයක් නැතැයි මහින්ද රාජපක්ෂ මහතා ‘නිල වශයෙන්’ පවසා තිබිණි. ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ මෝඩි පැමිණ තවමත් අවුරුද්දකට වඩා ගෙවී නැති බවයි. කෙසේ වුවත් ‘රෝ’ ඔත්තු සේවය ක‍්‍රියාත්මක කරන්නේ ඉන්දියාවේ දේශපාලන න්‍යාය පත‍්‍රය බවත් එය සකස් කරන ප‍්‍රධාන පුද්ගලයන් කිහිප දෙනා අතර ඉන්දීය අගමැතිවරයාද සිටින බවත් ඕනෑම අයකු දන්නා කරුණකි. ඒ නිසා මහින්ද රාජපක්ෂ විසින් සිදු කර තිබෙන්නේ එක් ආකාරයකින් මෝඩි ලංකාවට එන ඇසිල්ලේ ඔහුට තම විරෝධය පෑමකි. ඒ හැරුණු කොට වෙනත් කිසිවකුත් මෝඩිගේ පැමිණීමට විරෝධය පළ කර තිබුණේ නැත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මාරාන්තික ලෙස හැපෙන ජාතික හෙළ උරුමය පවා මෝඩිගේ සංචාරය ඊට වේදිකාවක් කර ගැනීමට අදහස් කර තිබූ බවක් පළ නොවීය. ඉන්දීය අගමැතිවරයකු ලංකාවේ සිදු කරන සංචාරයක වැදගත්කම හැරුණු විට මෝඩිගේ සංචාරය විශාල දේශපාලන වැදගත්කමක් සහිත එකක් ලෙස පෙනුනේද නැත. ඔහු ලංකාවට පැමිණ ලංකාවේ ආණ්ඩුකරණයට සම්බන්ධ බලපෑම් සහගත පුද්ගලයන් හමු වූ අතර ලංකාවට එන ඕනෑම රාජ්‍ය නායකයකු කරන ආකාරයට උතුරු පළාතේ මහ ඇමතිවරයාද හමුවිය. ඔහු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හමුවූයේ ඇය මේ මොහොතේ ලංකාවේ ආණ්ඩුකරණ ක‍්‍රියාවලියේ වැදගත් භූමිකාවක් ඉටු කරමින් සිටින නිසා විය යුතුය. ඊට අමතරව ඉන්දියානු සමාගම්වල මැදිත්වීමෙන් ඉදි කරන ලද උතුරු පළාතේ දුම්රිය මාර්ගයක කොටසක් විවෘත කිරීමටද සම්බන්ධ විය. ඔහුගේ සංචාරය තුළදී ගිවිසුම් හතරකට අත්සන් තැබිණි. එහෙත් ඒවා දේශපාලන වශයෙන් ඒ තරම් වැදගත් ගිවිසුම් නොවීය.


ගාන්ධි සහ මෝඩි

එහෙත් මතු පිටින් පෙනෙනවාට වඩා විශේෂත්වයක් මෝඩිගේ සංචාරය තුළ තිබෙන බව පැහැදිලිය. ඉන්දීය අගමැතිවරයකු ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේ අවුරුදු 27කට පසුවයි. අවසාන වරට ලංකාවට ඉන්දීය අගමැතිවරයකු පැමිණියේ 1987 ඉන්දු - ලංකා
ගිවිසුම අත්සන් කිරීමටයි. ඒ එවකට ඉන්දීය අගමැතිවරයා වූ රජිව් ගාන්ධිය. රජිව් ගාන්ධිගේ පැමිණීමේ හා මෝඩිගේ පැමිණීමේ සමානකම්ද නැත්තේ නොවේ. විශේෂයෙන්ම මෙම අවස්ථා දෙකේදී ලංකාවේ භූමිකාව ඉන්දියාවට සාපේක්ෂව සමානය.
රජිව් ගාන්ධි ලංකාවට එන අවස්ථාව වන විට ලංකාව පාලනය කළේ ජේ.ආර්. ජයවර්ධනයි. ඔහු ඇමරිකානු හිතවාදී ස්ථාවරයක් අනුගමනය කළ අතර දකුණු ඉන්දියානු කලාපයේ බලවතා වූ ඉන්දියාව නොසලකා හැරියේය. ඒ මොහොතේ ඉන්දියාවේ හැසිරීම කෙතරම් ආක‍්‍රමණශීලි වූවාද යන්න එවකට ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයා වූ ඩික්සිත් විසින් ලියන ලද  කොළඹ භූමිකා ග‍්‍රන්ථයේ සඳහන් වේ. ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව ආක‍්‍රමණය කළේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් ඉන්දු - ලංකා ගිවිසුමට ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අත්සන බලහත්කාරයෙන් ගත්තේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද පුහුණුව දීමටද ඉන්දියාව කටයුතු කළේ එම සංවිධානය හරහා ලංකාවේ දේශපාලනය මෙහෙයවීම සඳහාය.


මෝඩි ලංකාවට එන අවස්ථාව වන විට ඉන්දියාව ඇමරිකාව දෙසට හැරී සිටි අතර ලංකාව චීනය දෙසට හැරී සිටියේය.
ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඇමරිකාව ජාත්‍යන්තර තලයේදී බලපෑම් කරමින් සිටියි. ඉන්දියාව ඒ හමුවේ නිහඬ ස්ථාවරයක සිටින අතර එය ලංකාවට වාසිදායක නැත. ලංකාව වෙනුවෙන් පෙනී සිටි රටවල් වූයේ චීනය හා රුසියාවයි. ඒ නිසා ජාත්‍යන්තර තලයේ ලංකාවේ ආරක්ෂකයා ලෙස රාජපක්ෂ පාලනය විසින් චීනය තෝරා ගෙන තිබූ බවක් පෙනෙන්නට තිබේ.

ආර්ථික තලයේදී ලංකාව තුළ චීනයේ මැදිහත්වීම විශාල වශයෙන් ඉහළ ගියේය. ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් චීන සමාගම් විසින් දියත් කරමින් සිටින අතර ලංකාවේ ආණ්ඩුව අන් කවරදාටත් වඩා වැඩියෙන් චීනයෙන් ණයට මුදල් ගත්තේය. මේ ආකාරයට ලංකාව හා චීනය අතර ආර්ථික සම්බන්ධතාද ඉහළ නැංවිණි.


මෙම සම්බන්ධතා ශක්තිමත් වන අතරේ චීනයේ යුද දේශපාලන න්‍යාය පත‍්‍රයේ කොටසක් බවටද ලංකාව පත් වෙමින් තිබිණි. චීනය ඇමරිකාවට එරෙහිව මුතුපොටක ආකාරයට එලන මුහුදු ආරක්ෂක දැලේ වැදගත් ස්ථානයක් ලංකාවටද හිමිය. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මෙන්ම ගාලූ මුවදොර ආශ‍්‍රිතව ඉදි කෙරෙන වරාය නගරයද දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වනවා සේ ම චීනයේ යුද දේශපාලන උපායට අනුව ඉදි කෙරෙන මර්මස්ථාන

බවටද සැකයක් පවතී. විශේෂයෙන්ම චීනයේ සබ්මැරීන් ලංකාවට පැමිණි බවටද චෝදනාවක් එල්ල වී තිබේ. මේ නිසා චීනය සහ ඉන්දියාව අතර පවතින උණුසුම් සහගත වාතාවරණය තුළ ලංකාව ස්ථානගත වෙමින් සිටියේ චීනයට වඩාත් සමීප ස්ථානයකය. මේ තත්වය තමන්ට අනතුරක් බව ඉන්දියාව තේරුම් ගෙන සිටි බව පැහැදිලිය.

ලංකාවේ සිදු වූ ආණ්ඩු පෙරළියට ඉන්දියාවේ සම්බන්ධයක් තිබෙන්නට ඇති බව විශ්වාස කළ හැකි සැකයක් වන්නේ ලංකාවේ සෑම දේශපාලන ක‍්‍රියාකාරීත්වයකටම ඉන්දියාව යම් යම් ආකාරයෙන් අත පෙවීම් කරන නිසාය. විශේෂයෙන්ම උතුරේ, නැෙඟනහිර හා වතුකරයේ දේශපාලන පක්ෂ හරහා ලංකාවේ දේශපාලනය හැසිරවීමට ඉන්දියාව නිරන්තරයෙන් උත්සාහ දරයි.


මහින්ද සහ විමල්

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා කියන ආකාරයට ඔහු පරාජය වූයේ ඉන්දියාවේ කුමන්ත‍්‍රණයක් හේතුවෙන්ද? ඔහුට තවත් වසර දෙකක කාලයක් ඉතිරිව තිබියදී හදිසි ජනාධිපතිවරණයකට යාමට බල කරන ලද්දේ ඉන්දියාව නොවන බව පැහැදිලිය. එය ඔහු සහ ඔහුගේ දෛවඥයන් එක්ව ගත් දේශපාලන වශයෙන් අමනෝඥ තීරණයකි. ඔහු මැතිවරණය කැඳවන අවස්ථාව වන විට ඔහු වටා සිටි ඔහුට හිතවත් බලවේග, පුද්ගලයන් හා කණ්ඩායම් ගණන සීමා සහිත විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ගෙන ගිය අත්තනෝමතික පාලනයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තම පවුලේ බූදලයක් බවට පත් කර ගැනීමත් නිසා ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධයට පාත‍්‍ර වී සිටියේය. මෛත‍්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ පසුබිම සැකසුනේ එසේය. එමෙන්ම, රාජපක්ෂ පාලනය ගණන් බලන ලද්දේ සිංහල බෞද්ධ ඡුන්දවලින් පමණක් මැතිවරණය ජයග‍්‍රහණය කළ හැකි බවයි. එහෙත් සිංහල ඡුන්දදායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද රාජපක්ෂ පාලනයේ මර්දනකාරී, අත්තනෝමතිකත්වයට එරෙහිව සිටියහ. විශේෂයෙන්ම ජනමත නායකයන්ගෙන් බහුතරය සිටියේ රාජපක්ෂ පාලනයට එරෙහිව හඬ නැඟිය හැකි අවස්ථාවක් ලැබෙන තුරුය. ඔවුන්ට ඒ අවස්ථාව ලැබිණි. ඒ අවස්ථාවෙන් ඔවුහු ප‍්‍රයෝජන ගත්හ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමන්ගේ සැලසුම රිසි සේ එලා ගැනීමට අවස්ථාව උදා වූයේ මහින්ද රාජපක්ෂ විසින් කරන ලද මෙම වැරදි මිස අන් යමක් නොවේ. ඉන්දියාවෙන් ඈත් වෙමින් චීනයට ළං වෙමින් ගිය රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට රෝ ඔත්තු සේවය හොර ඡුන්ද නොදැමූ අතර ඔවුන් යම් වියදමක් කළා නම් ඒ වියදම මහින්ද එරෙහි ඡුන්ද බවට පෙරළුනේ ඒවා ඉන්දියානු රුපියල් හෝ ඩොලර් නිසා නොව මහින්ද වැරදි කර තිබූ නිසාය.

විමල් වීරවංශගේ විරෝධයද හුදු පුස්ස බිඳීමක් පමණි. ඔහු විරෝධය පළ කළේ ලංකාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතු යැයි මෝඩි කළ ප‍්‍රකාශයටයි. ගිවිසුම අත්සන් කර අවුරුදු 27කට පසුවත් ඉන්දියාවේ අගමැතිවරයකුට එවැනි ප‍්‍රකාශයක් කිරීමට හැකියාව තිබෙන්නේ ඇයි? දේශපේ‍්‍රමී මහින්ද රාජපක්ෂගේ දස වසරක පාලනයෙන් පසුවත් ඉන්දීය අගමැතිවරයකුට එසේ පැවසීමට හැකි වී
තිබෙන්නේ ඇයි? ලංකාවේ පාලකයන්ගේ ගැති බව, ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියේ දුර්වල බව හා ලංකාවේ පාලකයන් ලංකාවේ ජනතාවටම අවංක නොවීම නිසාය. 13 වැනි සංශෝධනය රටට උචිතද එය වෙනස් කළ යුතුද නැත්නම් එසේ පවත්වාගෙන යා යුතුද යන්න තීරණය කළ යුත්තේ රටේ ජනතාවයි. ඒ තීරණය ජනතාවගෙ න් ගැනීමට රාජපක්ෂ මහතා උත්සාහ කළේ

නැත. ඒ වෙනුවට ඔහු කළේ චීනයේ යුද දේශපාලන උපක‍්‍රම ලංකාවේ ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දෙන අතර ‘තර්ටීන් ප්ලස්’ දෙන බව කියමින් ඉන්දියාව සැනසීමට උත්සාහ කිරීමයි. බබාලා නලවන ආකාරයට රාජ්‍යතාන්ත‍්‍රික ගනු දෙනු කළ නොහැක. 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කළ යුතු යැයි මෝඩි කී නිසා සභාවෙන් නැගිට යන විමල් වීරවංශ මහතා අවංක නැතැයි පෙනෙන්නේ 13ටත් වඩා දෙන බව කී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් නැඟිට යාමට ඔහුට කිසිදු අවස්ථාවක කල්පනා නොවීම නිසාය.


චීනය සහ ඉන්දියාව

ඉන්දියාව යළිත් වරක් ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට සමීප ලෙස ඇඟිලි ගැසීමේ වරද බාර නොගෙන සිටීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකිය. ඉන්දියාවට ඒ ඉඩ සලසා දුන්නේ ඔහු විසිනි. ඔහු ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වය රැක ගන්නා ආකාරයේ රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රතිපත්තියක සිටියේ නම් මේ තත්වය මීට වඩා වෙනස් විය හැකිව තිබිණි. දැන් නැවත වතාවක් ඉන්දියාව ‘ලංකාව සම්බන්ධයෙන් වන තම අයිතිය’ අතට ගෙන තිබේ. අලූත් ආණ්ඩුව චීනයට, රුසියාවට වඩා ඉන්දියාවට, ඇමරිකාවට හා යුරෝපයට හිතවත් බව පැහැදිළිය.

මෝඩිගේ සංචාරයේ වැදගත් සිදුවීම් ඔහු මෙරට ගත කළ දින දෙක තුළ සිදු වූයේ නැත. වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වූයේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේය. ලංකාවේ මුළුමහත් ජනතාවගේම ජීවිත අවදානමේ හෙළන ඉන්දු ලංකා න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබන ලද්දේ මෝඩි ලංකාවට පැමිණි පසු නොව සිරිසේන මහතා ඉන්දියාවට ගිය මොහොතේය. එම
ගිවිසුම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සකස් කරන ලද එකකි. සිරිසේන මහතා ඊට අත්සන් තැබුවේය.

එමෙන්ම, මෝඩි ලංකාවට පැමිණීමට දින කිහිපයකට පෙර චීන වරාය නගරයේ ඉදි කිරීම් අත්හිටුවූයේය. ඉන්දියාව තමන්ට අවශ්‍ය දේ නව පාලනය හරහා සිදු කරමින් සිටියි. ඒ පිළිබඳව චීනයද ක්ෂණිකව ප‍්‍රතිචාර දක්වා තිබිණි. දැන් ලංකාව යළිත් චීනයෙන් ඉන්දියාවට ළං වෙමින් සිටී. අලූත් ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිපත්තියෙන් වෙනස් වන්නේ හාම්පුතුන්ගේ ලයිස්තුව වෙනස් කර ගැනීම නිසා පමණක්ද? ගැටලූව වන්නේ ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය විය යුත්තේ එය නොවන නිසාය.


ආර්.වී. ගමගේ

Read more...

මඩකලපු දෙමළියක් සීගිරි නළලාවගේ තනේ මිරිකීමේ වැරැද්ද

රිසානා නෆීක්ට අඩු වයසින් සෞදි අරාබියෙ ගෘහ සේවයට එන්න උනේ එයාගෙ වරදක් නිසා නෙවෙයි. ඇයට බලාගන්න ලැබුණෙ මාස කීපයක් වයසැති ළදරුවෙක්. නමුත් රිසානා බබෙක් නෙවෙයි. කිරි පිට උගුරෙ නොයන්න පොවන්න ඈ දැනගත යුතුව තිබුණා. අවාසනාවකට වැඩේ සිද්ද උනේ එහෙම නෙවෙයි. කිරි පිට උගුරෙ ගිහින් දරුවා මැරුණා, රිසානාට මරණ දඬුවම නියම උනා.

Read more...

සීගිරි සහෝදරිය නිදහස් කරනු !

සිතියමේ උතුරේත් නැගෙනහිරත් තව බොහෝ තැන්වලත් `පුරා වස්තු` මත මතු නොව, ජීවමාන මනුෂ්‍ය `හෘදය වස්තූන්` විෂයයෙහි මූනිස්සම් වර්ෂාවන් පතිත වන විට නීතියේ ඊනියා කන්‍යාවිය තිරිසනකු රැඳි ධජයක් මත සංසර්ගයේ යෙදෙමින් සිටියාය. ඇතැම්විට ඒ `සීරීම්` නොවූ නිසා විය හැකිය. මිනිස් මාංශයෙන් සුසැදි කැටපත් පවුරු රුධිර පින්තාරුවෙන් වැසී යද්දී නීතියේ වගන්ති `පොඩ්ඩක්වත් සීරුනේ` නැත. හදිසියේ ඉතිහාස බොරු නින්දෙන් විටින් විට අවදි වන ඊනියා කන්‍යාවිය ; `ලොජික්` විරහිත දේශයක `මැජික්` පෙන්වයි. ඒ; තාවකාලිකව තහනම් කර `දැඩි දඬුවම්` පැමිණවිය හැකි - විදෙස් ගමන් බලපත්‍රයක් තවමත් සාදා නොගත් අහිංසකයකු හෝ අහිංසකියක කුදලාගෙන යකඩ කූරු අතරට විසි කිරීමෙනි.

Read more...

නව ඖෂධ පනත, බිබිලේ පවුද?

වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් මාර්තු 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත් කෙටුම්පත වැඩි ඡුන්ද 67කින් මාර්තු 06 වැනිදා සම්මත විය. මෙම පනත් කෙටුම්පත සම්බන්ධ ඉතිහාසයේ ඉතා විසුළුකාරී සිදුවීම්ද ඇත.

Read more...

ශාක 70% ක්, සතුන්ගෙන් 62% වදවී අවසන්, ලංකාව කාන්තාරයක් අභියස

ශ්‍රී ලංකාව යනු ලෝකයේ ජෛව විවිධත්වයෙන් පොහොසත් රටකි. වන ජීවීන් මෙන්ම තුරුලතා විවිධත්වය ද අති මහත්ය. තර්ජනයට ලක්වූ වනජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළෙදාම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ආරම්භ වී අදට 40 ස් වසරකි. ලොව පරිසරවේදීන්ගේ පිළිගැනීම වන්නේ ජෛව විවිධත්වය පිළිබඳ එහි වටිනාකම හා රැකගැනීමේ අවශ්‍යතාව පිළිබඳ පොදු ජනතාව දැනුම්වත් කිරීම ලෝකයේ වන ජීවීන් ඇතුළු ජෛව විවිධත්වය රැකගැනීමට මහත් පිටිවහලක් වන බවයි. වමේ ලිපිය අදට යෙදී ඇති ලෝක වනජීවී දිනය වෙනුවෙනි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.