Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ජවිපෙ නායකයා සමග බුකියෙක් හෘදය සාක්ෂිය ගැන කළ සම්මුඛ සාකච්ඡාවක්

q : ලැබුණු ප්‍රතිඵලය ගැන තෘප්තිමත්ද ?

ඇත්තටම අපි මීට වඩා දෙයක් , ලැබුණ ප්‍රතිඵලයට වඩා දෙයක් අපි බලාපොරොත්තු උණා. මේකෙන් අපි පසු බසින්නේ වැටෙන්නෙ නෑ. නමුත් ජනතාවගේ තීන්දුවට හිස නමනවා. අපි පෙන්නලා තියනවා මන්ත්‍රීධුර 1ක් තිබුණත් කොහොමද වැඩ කරන්නෙ කියලා. ඉස්සරහටත් ලැබුණු මන්ත්‍රීධුර ටිකෙන් රටට උපරිම දේ කරනවා.

Read more...

අපි කවුද බං..?

පෝය ඉවර වුනත් පොසොන් සද දියවන්නාවට උඩින් පට්ට යන්න ලස්සනට පේන්න ගත්තා. අම්මට සිරි ජෙෆ්රි බාවා මොකට මේකට කොතක් තිබ්බද මන්දා ඒකත් දිලිසෙනවා. ඒ මදිවට පාර්ලිමන්ට් ග්‍රවුඩ් එක පැත්තේ ඉදලා බලද්දී දියවන්නාවට සද රැස් වැටිලා එළම එළයි මළම පනියි කිව්වලු.

පාර්ලිමන්ට් ගේට් එක කිට්ටුවට වගේ වෙන්න ජොගින් පාරක් දමමින් ඉන්න කොට අර සදට උඩුබුරන බල්ලෙක් අපේ පාර්ලිමන්ට් එක පැත්තට කොචොක් එකට වගේ උඩුබුරනවා. අඩේ එහෙම පුළුවන්ද ගලක් අහුලලා ඒම් කරලා දුන්නා සුනඛ පෝතකයා සෙත්ත පෝච්චි වෙන්න කියලා.

ඌ හුකෑස් ගාගෙන දුවන ගමන් කිව්වා අඩෝ බැල්ලිගේ පුතා තොට තියෙන ... කේ අමාරුව මොකද්ද පාර්ලිමන්ට් එකට බිරුවම උඹලට මේකේ ගේට් එක ගාවටවත් ඇවිත් හූවක්වත් තියාගන්න පුළුවන්ද එහෙව් එකේ එනවා මෙතන ගල් ගහන්න ප...යා (වාසු කිව්ව ) වචනේ කියාගෙන යන්න ගත්තා.

තව ගලක් ඇහිදින්න පහත් වුනා විතරයි හෙන කදයා ගැහුවා වගේ බ්රාස් ගාගෙන ඇස්දෙක නිලංකාර කරගෙන මෙන්න යකෝ මොන්ටේරෝ කදක්.

නැගපං නැගපං...

කවුද ? යකෝ මට නැගපං කියන්නේ හැරිලා බලපි යකෝ මේ සුසියා නේ..
හාවකු හූවක් නැතුව නැග්ගා..

මොකද බං මෙතන කරන්නේ ..තව්..?

සුසියා සුපුරුදු ලිලාවෙන් ඇහුවා ..

දන්නේ නැද්ද ඉතිං අපි ඔයාලගේ ආණ්ඩුව හදපු ජොගිං වල එහේ මෙහේ යනවා නේ... බඩට බතක් නැතත් කකුල් කැඩෙත්තුවට මෙව්වයින් ප්‍රයෝජනයක් ගන්න එපැයි..
හෙක්හෙක් හෙක් ඒක ඇත්ත මචං ඉතිං..

ඉතිං කියන්නේ මොකද්ද සුසි මන්තිරි තුමා වෙන්නේ ඔයාගේ පට්ටමටත් කෙළවෙන්න යන්නේ නේ... ?

පිස්සුද බං මං එහෙම අයින් වෙන්නේ නෑ ඔය එක එක නරියෝ කියන කෑලි අල්ලගන්න එපා බං..
හරි එතකොට ඔයා මොන පැත්තේද අපේ යහපාලන මෙත්සිත් ජනපති පැත්තේද නැත්නම් රාජපක්ෂ මහී ලගද ?

උඹට කියන්න තව් මමවත් දන්නේ නෑ මම මොකාට සෙට් වෙලා ඉන්නවද කියලා ඌ එකක් කියන කොට මම ඒ පැත්තට එක්ක කියනවා මූ එකක් කියන කොට මූට සෙට් වෙන්න දෙකක් කියනවා. අපිවත් දන්නේ නෑ බං අපි කාගෙද කියලා..

අප්පට සිරි මාර කේස් එක නේ... එතකොට ගෙදර උන් ඔයා ගැන හිතාගෙන ඉන්නේ මොකද්ද ?

උඹ පිස්සු කියවනවා මම දන්නේ නැතිව මම කාගේ පැත්තේද කියලා උන් දන්නවද බං..
මල කෙළියයි බල්ලො හතයි කිව්වලු අනේ අනිච්චං කිව්වලු ඔයාගේ තත්වෙත් එතකොට ඕක තමයි නේ..

මාව ඉස්සරහින් දාගෙන යන්න පුළුවන්ද ?

හරි උඹට ඕන තැනකින් බැහැපං මොකද මචං අපි දන්නෙත් නෑ බං අපි යන්නේ කොහේද කියලා..හරි සී .. යූ .. එහෙනම්

සූසීයගේ දුක් ගැනවිල්ල අහගෙන ඉන්න බැරිම තැන පැලවත්ත හන්දියෙන් බැස්සා...
පාර ක්‍රොස් කරන්න ගත්ත ගමන් කළුපාට කැබ්එකක් අරවගේම බරාස් ගාලා නැවැත්තුවා.
ආ.... තව් සහෝදරයා කොහේද මේ...?

ආ... මේ දිසා සහෝ නේ...

මම මේ ගෙදර යන ගමන් ඔබ සහෝදරයා කොහේද මේ යන්නේ ...

හරි අපි යන තැන් දන්නේ නෑ ඔය සහෝදරයා ගෙදර පැත්තට ග්‍රොප්කරන්නම් නගින්න
නැග්ගා අවුලක් නෑ කියලා හිතාගෙන

ඉතිං සහෝ මොකද තත්වේ. විස්සට කෙළවෙයිද ගොඩයයිද ?

ඔය සහෝදරයට කියන්න ඕක ගොඩගියත් එකයි මඩ ගියත් එකයි අපිදැන් ගානට ෆීල්ඩ් එකට සෙට් වෙලා ඉන්නේ.. දැන් අපි මොනවා කිව්වත් ජනතාව අපේ පැත්තේ ඒ හින්දා උන් මොනවද කියන්නේ අපි ඒකට බැට් කරනවා.

එතකොට දිසා සහෝදරයා ඒකෙන් මොකද්ද වෙන්නේ ?

වෙන්නේද ඇයි තේරෙන්නේ නැද්ද අපිට මිනිස්සු කැමතියි අපි ඔය මොනවා හරි පටලවලා කියනවා මිනිස්සු අත්පොඩි ගහනවා. පොඩි කිග් එකක් දෙන්න වොයිස් එක ටියුන් කරලා මොනවා හරි කියනවා එතකොට ගොඩ..

මාරයිනේ... එතකොට සමාජවාදේ...

මේ දැන් ඔය සහෝදරයා බහින තැන හරි නේද අපි ආයෙත් හමුවෙලා කතා කරමු..
එහෙනම් බායි සී යූ..

මාව රාජගිරියෙන් බස්සලා ටටා කියලා ඒ සහෝදරයා යන්න ගියා...
සමාජවාදේ කැබ් එකේ දොරෙන් වැටුනාද එහෙමම තියෙනවද කියලා හිතාගන්නත් බැරි වුනා..

ගෙදර යාගන්න ඉතුරු ටික ත්‍රීවීලර් කට්ටකට අත දාන්න රාජගිරියේ ඉන්න කොට අඩේ ත්‍රීවිලර් එකක් කකුල මුලට ඇවිත් නැවැත්තුවා.
නගින්න කොහේද බං යන්නේ මේ ...

කිරි අප්පට බල්ලෝ පැඩ පැඩ පැඩපි කිව්වලු
වංශයි, වාසුයි, ගම්මන්පිලයි..!

තුන් දෙනෙක් යන්න හොද නෑ නේ මං වෙන එකක එන්නම්
අනේ මේ ... නැගපං බං හු..ව ගන්නේ නැතුව ..

වාසු පාර්ලිමන්ට් ටොක්ස් එකකින්ම උත්තර දුන්න නිසා නැග්ගා නෙවෙයි ඉඹේම නැගුනා කිව්වොත් හරි..

ඉතිං මොකද බං වෙන්නේ..

මමත් ඔබ තුමන්ලාගෙන් අහන්නමයි කට ඇරියේ..

අපිට මොක වෙන්නද බං..
නෑ වංශ මන්ත්‍රී තුමා මොකද්ද මේ වෙන්නේ ඔය ගොල්ලෝ අර මනුස්සයා උස්සන්න රට වටේම යන්නේ එයා ගේන්න පුළුවන් වෙයිද ?

අනේ මේ පිස්සු කෙළින්නේ නැතුව හිටපං අපිට පු... අමාරුවක් තියෙනවද බං ඔය එක එකා ගේන්න මේ වෙලාවේ ආතක් පාතක් නැතුව ඉන්න අපි මොකෙක් හරි අල්ලගන්න ට්‍රයි කරනවා.. උඹ හිතන්නේ පොර උස්සපු හින්දා නේ අපි ටී.ටී.එකටවත් වොයිස් කට් එකක් දෙන්නේ නැත්නම් මචං මුන් අපිව උන්ද මලාද කියලා දන්නවද

උඹ හිතපං මං ගැන.. ගම්මං කියවන්න ගත්තා මං අර උරුමෙන් එළියට ආවේ මොකද්දෝ තියෙන අමාරුවකට ඊට පස්සේ ඇතුලට යන්නත් බෑ නොන්ඩි හතයිනේ බං ඊට පස්සේ මහියව උස්සනවා ඇරෙන් මොනවා කරන්නද බං ...දැන් බලපං අපි ගැන කාටූන් කාරයෝ හරි අදිනවා නේ..නැත්නම් අපි පු...ත් නෑ..

උඹට කියන්න මං කැපෙන්න ඔන්න මෙන්න තිබ්බේ... වාසුවා කියවන්න ගත්තා
මං රනිල්ට කුණු හරුප දෙකයි කිව්වේ බලපං මං මාසයක් දෙකක් මීඩියා ෆීල්ඩ් එකේ නැගලා ගියානේ... ඕකයි මචං තත්වේ

එතකොට විස්ස ..?

පුකේ විස්ස අනේ මේ දැන් බොරැල්ලටත් ආව බැහැපං ..

තුන් දෙනාම මාව බිමට ඇදලා දාලා බායි කියාගෙන ගියා..

බොරැල්ලේ බිං ගේ ඇතුලට රිංගද්දී මට හිතුනේ ඇත්තටම මුං කවුද කියලයි..

අන්තිමට හිතුනේ අපි කවුද බං එතකොට..?

තව්තිසා...

Read more...

විල්පත්තුවේ වළහෙක් කි කතාව

පහුගියදා සෙට් එකක් විල්පත්තු කැලේ බලන්න ගියා කියලා ආරංචි වූ  හින්දම  තව්තිසාටත් හිතුනා පොඩි රවුමක් දාලා එන්න විල්පත්තුවේ කැලේ යාළුවෝ ටිකක් මීට් වෙලා එන්න. කෙලින්ම ගියේ විල්පත්තුවේ කැලේ ඇතුලටමයි. සමහරු ගිහින් අභය භූමිය නොබලා මහ පාරේ ඉදලා ෆ්‍රෙස් ඉන්ට්ර්විව් කරන හින්දා කෙලින්ම ඇතුලටම ගියා. 
 
පිස්සු හැදෙයි සද බැබලෙයි කිව්වලු මුගේ අම්මලට කවුද යකෝ කියන්නේ අවුලක් නෑ කියලා. බදුර්දීන් මරු සෙල්ලමක්දාලා තියෙන්නේ වටේට කැලේ මැද හිස්  එළ පවුසි අරුන් එළියේ ඉදලා කියනවා අවුලක් නෑ කියලා .
 
තවත් සෝදිසි කරන්න  හිතාගෙන කැළේ ඇතුල යන්න ට්‍රයි කළා විතරයි, කෙළපි තාප්පෙට මෙන්න වළස් දණ්ඩෙක් කනමදයා වගේ ගල් පොත්තක් උඩ... ෂේප් එකේ එතනින් මාරුවක් දාන්න හැදුව විතරයි.... ෂ්.. ෂ්.. ෂ්... ගාපි... අනිත් පැත්ත හැරිලා හිටිය  අතයටින් බැලුවා ආයෙත්
ෂූ... සද්දේ එන ලයින් එක .. කිරි අප්පට බල්ලේ පැඩපි කිව්වලු වළහා සූ.. සද්දේ දාලා තියෙන්නේ... හරුණා අනිත් පැත්තට..
 
“ මෙහෙ එනවා.... මෙහේ..,,
 
චූ.. යන්න ඔන්න මෙන්න වළහා කතා කරනවා.
 
කිට්ටු වුනා. උගේ  ලගට .. සොරි මචං... මම කැලේ බලන්න ආපු මීඩියා පොරක්...,
 
‘හරි වරෙන් වරෙන් අවුලක් නෑ උඹ අපිව දන්නවා.. මේ ඉන්න හිටින්න තැනක් තැතිව කෙළවිලා ඉන්න වෙලාවේ උඹ ආපු එක හොදයි බං.. යමං ඇතුලට.. 
වලහා මාවත් ඇදගෙන කැලේ ඇතුලට ගියේ නිකන් බියර් එකක් ගහන්න බොරැල්ලේ බියර් පොට් එකට යනවා වගේ ..
වඩිවෙයන් මචං ... මේක බීපං 
 
පෙප්සි එකක්... !! 
 
ඔව් බං දැන් මේ කැලේ උඹල ආවට දෙන්න මචං මීවදයක් වත් නෑ බං 
 
මුන් සෙරෝම සුද්ද කරලා. උඹ හිතපං බං මේ පහුගිය දවස් ටිකට මට හරියට බීමක් කෑමක් නෑ බං.. ඔක්කොම ඉවරයි.. 
“ හරි මං ආවේ ඕක ගැන හොයන්න තමයි මොකද්ද ඇත්ත සිද්ධිය 
 
මේකයි සීන් එක බං ඔය උඹලට එක එක ජාතියේ නිවුස් එනවා නේ ඇත්ත මේකයි. 
 
 
 
“ හරි මං ආවේ ඕක ගැන හොයන්න තමයි මොකද්ද ඇත්ත සිද්ධිය 
 
මේකයි සීන් එක බං ඔය උඹලට එක එක ජාතියේ නිවුස් එනවා නේ.. එව්වා ඇත්ත කියලා තමයි ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ  මේකයි  ඇත්ත,
 
‘ හා කියහන්කෝ බලන්න .. මමත් වළහාගේ පෙප්සි එක බීගෙනම කන්දීගෙන හිටියා.
 
උඹට මතකද තව් නැගෙනහිර වසන්තය කියල රෙද්දක් ආවා . අන්න ඒකේ හිටියා පොරක් නිකන් කෂඩ පාට රෙදි පටියක් බෙල්ලේ ඔතාගෙන ඌ මේ කැළේ සබ්බ සකලමනාවම පීරුවා පිරලා නිදන් තියෙනවා කියලා එස්ටිඑෆ් එක දාලා ෆුල් සර්ච් කළා ..
 
, නෑ......., ඉතිං
 
ඉතිං කියන්නේ බං අපි සෙට් එකක් සෙට් වෙලා මුන්ට ගේමක් දෙන්න හිතාගෙන හිටියා..
ඒ කියන්නේ වලස් සෙට් එකක්
 
.. ඔව් බං නත්නම් තොපේ වේසිගේ පුතාලා එනවාද පරිසරේ ආරක්ෂා කරන්න 
හරි කියපංකෝ
 
ඉතිං බං උන් මේ කැලේ පීරුවා පිරලා පීරලා අපේ මුවෝ සෙට් එකත් භන්ගේ බොක්ක පුරවා ගන්න මරාගෙන කෑවා 
ඊට පස්සේ අර කෂඩ රෙද්ද දාගෙන හිටිය එකා කැලේ ෂර්ච් කරලා නිදන් වැඩේ ගොඩයන්නේ නැති හින්දා මූ ඒ වැඩේ ගොඩදාන්න මේ කැලේ මැදින් පාරක් කැපුවා 
 
අප්පට සිරි ඒ කියන්නේ මේ පාර කැපුවේ නිදන් සොයන්න 
 
හිටහංකෝ නිකං ප.. යා නොවි කියනකං
හරි 
 
ඉතිං බං ඌ මේ පාර කැපුවා කියන්නේ මේකේ වළවල් හැරුවා බෝර දැම්මා හැම රෙද්දක්ම කරා අන්තිමට ඌට මෙලෝ ඇටයක් ලැබුනේ නෑ ඌ මේ කැලේ දූෂණය කළා... අන්තිමට ඉතිරු වෙච්ච මෙලේ දානයක් නෑ අපේ උන්ට ඉන්න තැනක් නැති වුනා..
ඊට පස්සේ දැන් මේ නහින ඇමැතියාම ඒ දවස්වල සෙට් වෙලා යුද්දයෙක් යන එන මං නැති වුන් මෙකේ පදිංචි කරන්න හැදුවා අපේ අලි සෙට් එක පොඩි පොඩි කොචොක් පාරවල් දාලා මුල් කාලේ එලව ගත්තා පස්සේ මචං මේ වේ.... පුතා ඇමති වුනා ඊට පස්සේ දෙන්න පටන්ගත්තා අක්කර හෙක්ටයාර් ගණන් වලින්
නෑ....
 
නෑ නෙවෙයි ඔව් ..උඹ ලියපං බය නැතුව මේ පැත්තේ ඉන්න ඔක්කොම උන් මචං මුගෙන් ජරාව කනවා ප්‍ර ා දේශිය ලේකම්ලා ඔය ඉන්න සෙට් එකම උන් සෙට් වෙලා අපේ කැළේට කෙලිනවා. අපේ උන්ට එපා වෙලා ඉන්නේ  ඔහේ මැරෙද්දෙන් කියලා ඉන්නවා එළි පිට ඇටැක් කරන්නේ අලි සෙට් එක විතරයි. අනිත් උන් මචං ඉතිං ඔහේ ඉන්නවා 
ඕකයි විස්තරේ උඹලා කොච්චර උඩ දාගෙන කෑගහුවත් වැඩක් නෑ මචං විල්පත්තුව දැන් ඉවරයි බලපං තව පොඩ්ඩක් ඇතුලට ගිහින් උඩින් කොළ පාටට පෙනුනට ඇතුලේ කොන්ක්‍රීට් 
 
උඹලා අර දෙක උඩ දාගෙන කෑගහලා අන්තිමට වැඩේ අකුලනවා කියලා අපි දන්නවා උඹලගේ පරිසර සංවිධානද මාධ්‍යද දේශපාලන පක්ෂද මේ ඔක්කොම එකයි අන්තිමට වැඩේ අකුලනවා..
 
නෑ අපි එහෙම වෙන්නෙ නෑ
 
 අනේ පලයං උඹට මේ ටික කියන්න ගෙනාවෙත් හොරෙන් අපේ අනිත් උන්ට සෙට් උනොත් උඹ ඉවරයි ඒ නිසා දැන් කරුණාකරලා පලයං උඹ අයෙමත් එන කොට අපි කවුරුවත් මේ කැලේ නොහිටින්න පුළුවන් ඒ නිසා මචං බායි 
 
තවුතිසාවේදී හම්බු වෙමු 
 
හරි මචං උඹට තෑන්ස් උඹලා ජිවත් වෙයල්ලා කොහොම හරි 
 
අනේ මේ පලයං ...... තෝ කුණු හබ්බ අහගන්නේ නැතිව
 
මම ආවා.
වළහා හිටියා විල්පත්තුව දැනට තිබුනා
හෙට  ?
ෂුවර් නෑ..
 
 
-  තව්තිසා

 

Read more...

සෝමවංශ අමරසිංහගේ රහත්වීම

මැයි දින රැළි බලන්න කියලා හිතලා හයිඩ් එකෙන් පටන්ගෙන ක්‍රමයෙන් මං ගියේ කවුරුත් කතා බහ කරන ජවිපෙ මැයි දිනේ බලන්න. වැළ නොකැඩී ඩං ඩුග ගහගෙන පෙළපාලියෙන් එක එක පළාත් වල ජවිපෙ සාමාජිකයින්ගෙන් බී.ආර්.සී.එකපිරෙන්න ගත්තා. ෂේප් එකේ අයිනකට වෙලා රැළිය ස්ටාර්ට් කරන්න මේ සෙට් එක ග්‍රවුඩ් එකට සෙට් වෙනකම් බී ආර් සී එකේ අයිනක තිබුනු මැයි ගහක් යටට සෙට් වුනා. ෂේප් එකේ වාඩියක් දාගත්තම සිහියට ආවේ අද උදේ (මැයි 01) නිදහස් චතුරස්‍ර යේ ජවිපෙ හිටපු නායකසෝමවංශ අමරසිංහ එරමිනියා ගොතාගෙන කරපු උපවාසේ ගැන අනේ මේ මනුස්සයා හිටය නම් මේ පෙළපාලියේ අතවන වනා යනවා නේ කියලා හිතපු හිතුවිල්ලත් එක්ක දවසෙම තිබුණ ටයර්ට් එකට නින්දකට එන්ටර් වුනා.

Read more...

වැසිකිලියාමට පෙර අත් සෝදමු

මාව පාවෙලා පාවෙලා ආවේ දියවන්නාව පැත්තට. පාර්ලිමේන්තුවට හැරෙන්න සිග්නල් දැම්මත් ගිහින් වැටුණේ අනිත් පැත්තෙ තිබුණු ජනාකලා එකට. ජනකලා එකේ එළිමහනේ ඩෙස් බංකු පේළියට තියලා. හරියට ඒලෙවල් පන්තියක් වගේ. හැබැයි ඔක්කොම ඇදගෙන හිටියෙ නිල් කොට කලිසම්, සුදු කමිස, සුදු ගවුම්. ටිකක් ළං වුණාම තමයි දැක්කෙ මෙතන ඉන්නෙ ඔක්කොම දැකලා පුරුදු සෙට් එකක් කියලා. මෙතන ඉන්නෙ ඔක්කොම අපේ එම්පීස්ලා ඉස්කෝල ඇදුමට සෙට් එකම මාර ලස්සනයි. 

‘‘කෑගහන්න එපා... සර් එනකම් අපි ඊයේ දීපූ පාඩම බලාගමු...’’

පන්තියේ මොනිටර් ඩෙක්ස් එකක් උඩට නැගලා කෑගහනවා. මොනිටර්ගේ වොයිස් එක ටිකක් හුරු නිසා ඇස් දෙක නිකම්ම ඒ පැත්තට පාත් වුණා. රනිල්ගේ සුදු මූණ දැක්කේ එතකොට. කොට කලිසමට මිනිහ හරි හැඩයි. හැබැයි එකෙක්වත් රනිල්ට සැලෙන්ඩර් නෑ. ළමයි ටික පාලනය කරගන්න බැරිම තැන රනිල්, එහා පැත්තෙ ඩෙස් පේලියේ ඉස්සරහින්ම වාඩි වෙලා ඉන්න නිමල්ට කතා කරා. නිමල් නැගිටලා හෙමින් හෙමින් රනිල් ළඟට කිට්ටු වුණා. නිමල්ගේ නිල් කලිසම බඩටම යටවෙලා තිබුණු නිසා මිනිහා ඉන්නෙ කලිසමක් ඇදලද නැද්ද කියලා හොයා ගන්නත් අමාරුයි.

‘මේ නිමල් කරුණාකරලා ඔයාගේ පැත්තෙ කට්ටිය ඔයා සැලෙන්ඩර් කරගන්න. මම අපේ අයව සැලෙන්ඩර් කරගන්නම්’

‘‘වැඩිය හයියෙන් කෑ ගහන්නේ අපේ අය නෙමෙයි ඕගොල්ලොන්ගේ අය’’

නිමල් සෙකන්ඞ් වෙන්නේ නැතුව රනිල් ඉස්සරහා කෙළින් හිටං ටොක් එක දුන්නා. එතකොටම ඈතින් සීනුවක් නාද වෙන සද්දයක් ඇහුණා. ළමයි ටික මීයට පිම්බා වගේ තම තමන්ගේ පුටුවලට වඩා වෙලා හරිම සංවර විදියට වඩාවුණා.
මෙච්චර වෙලා දඟල දඟලා ඉදලා සීනු සද්දෙට එකපාර පුටුවේ වාඩි වුණු පවිත‍්‍රාගේ සුදුගවුම උඩගිහින් තිබුණේ. ඒත් පවිත‍්‍රට ඒකේ වගේ වගක් නෑ.

‘එයි.. පවී... පවී...’

කවුදෝ එකෙක් හෙමින් කොදුරන සද්දෙට පවිත‍්‍රා පස්ස හැරිලා බැලූවා. විජිත මුණි හොරෙක් වගේ පවිත‍්‍රා දිහා බලාගෙන ඉන්නවා.


‘ඇයි මොකද... ’

‘ඔන්න උඩ ගිහින්.’

‘මොකක්ද....?’

‘ගවුම.’

‘ඉතින්’

‘පේනවා’

දඩ බඩ ගාලා නැගිට්ට පවිත‍්‍රා ගවුමේ රුලි ටික ලස්සනට හිටින විදියට ගවුම හදාගෙන හරිම විනීත විදියට වාඩි වුණා. එතකොටම සර්ලා තුන්දෙනා පන්තියට ළං වෙලා. සුදුපාට කලිසම් ඇදලා කලූ පටියක් බැදගෙන හිටපු මේ සර්ලා තුන්දෙනාගෙම අතේ සීනු 3ක් තියෙනවා. මේ තුන්දෙනාගෙන් ලොකු සර් තමයි අනුර. පොඩි සර් සුනිල්. මද්දුම සර් විජිත. සර්ලා තුන් දෙනා බෙදිලා පැන්තියේ පැති තුනකට ගියේ ළමයි 222ක් බලාගන්න එක ලේසි වැඩක් නෙමෙයි කියලා දන්න නිසා.

පන්තියේ ඉස්සරහටම ගියේ අනුර ලොකු සර්. ගුරුමේසෙ උඩට නැගලා ලොකු සර් කතාව පටන් ගත්තා.

‘ළමයි අපි අද ඉගෙන ගන්නෙ හොඳ සෞඛ්‍ය පුරුදු ගැන. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු විදියට අපි යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරොත් අපේ ජනතාවත් නිකම්ම ඒ පුරුදුවලට පුරුදු වෙනෙවා. කල්පනා කරලා බලන්න එහෙම නේද...’

‘එහෙම තමයි සර්’

ළමයි හැමෝම උත්තර දුන්නෙ එක හඬින්.

‘හොඳයි මට කියන්න බලන්න මොනවද හොඳ සෞඛ්‍ය පුරුදු.’

ලොකු සර්ගේ ප‍්‍රශ්නෙ අන්තිමට අකුර ටික කටින් පනින්න ඔන්න මෙන්න තියෙද්දීම ළමයි එක එකා එක එක උත්තර දෙන්න පටන් ගත්තා. ඔක්කොම එකට කෑගහන නිසා කියන කිසිදෙයක් පැහැදිලිව ඇහෙන්නෙ නෑ. ලොකු ගාලගෝට්ටියක් විතරයි ඇහෙන්නෙ. සර්ලා තුන්දෙනාම සීනුව වනන්න ගත්තේ ළමයින්ව කන්ට්‍රොල් කරන්නම බැරිතැන.

‘පිස්සෝ වගේ ඔක්කොම කෑ ගහන්නේ නැතුව එක එක්කෙනා උත්තර දෙනවා. උත්තර දෙන්න කැමති අය අත උස්සනවා.’

ළමයි 222ක්ම එක පාර අත ඉස්සුවා. ළමයි දිහා හොඳට බලපු අනුර ලොකු සර් තිස්ස ළඟට කිට්ටුවුණා.

‘අත්තනායක පුතා කියන්න බලන්න ඔයා දන්න යහපත් සෞඛ්‍ය පුරුද්දක්’

‘කෑමට පසු අත සේදීම. වැසිකිලි යාමට පෙර අතසේදීම’

අත්තනායකගේ උත්තරෙන් අනුර ලොකු සර්ට මළ පැන්නා.

‘උඹ මෙච්චර කල් ඒ විදියටද පුතේ අත හේදුවේ’

‘ඔව් සර් ඇයි ඒක අවුල් ද...’

‘ඒක අවුල්ද නැද්ද කියලා අපි ළමයින්ගෙන්ම අහමු’

අනුර වටපිට බලලා මොනිටර්ට අගිල්ල දික් කරා.

‘රනිල් පුතා කියන්න බලන්න ඒක හොඳ සෞඛ්‍ය පුරුද්දක්ද...? නැද්ද..?

‘මට ඒ ගැන අදහසක් නෑ...’

‘එහෙම අදහසක් නැති වෙන්න බෑනේ පුතේ... හොඳයි මං ඒ ප‍්‍රශ්නෙ වෙන විදියකට අහන්නම් කෝ.. පුතත් අත හෝදන්නේ ඒ විදියටද...’

‘මම කන්නේ අතින් නෙමෙයි හැදි ගෑරුප්පුවලින්’

‘එතකොට රෙන්නෙ...?’

ඒ වොයිස් එක ආවේ පන්තියේ කොණෙන්ම. මුතුහෙට්ටිගම ඒ ප‍්‍රශ්නෙ අහලා හයියෙන් හිනාවුණා.

‘මුතුහෙට්ටි පුතේ රෙනවා කියන වචනෙ මන්ත‍්‍රී කෙනෙක්ට සුදුසු වචනයක් නෙමෙයි’

‘එහෙනම් මොකක්ද සර් මන්ත‍්‍රී කෙනෙක් ඒකට කියන්න ඕන හොඳම වචනේ’

ටිකක නලවල පද්දලා ඒ ප‍්‍රශ්නෙ ඇහුවේ පබා.

‘පබා දූ අපි මන්ත‍්‍රීවරු විදියට රෙනවා කියන වචනෙ වෙනුවට පාවිච්චි කරමු කක්කි කරනවා කියලා දැන් මුතුහෙට්ටිගම පුතා ඒ ප‍්‍රශ්නෙ නිවැරැුදිකරලා අහන්න බලන්න.’

‘එතකොට කොහොමද කක්කි කරන්නෙ’

‘මම කක්කි කරන්නෙත් ඔයා කක්කි කරන තැනින්ම තමයි. හැබැයි මම ඒවා හෝදන්නෙ නෑ. ටොයිලට් පේපර් යූස් කරලා පිහිදනවා. ඒ නිසා ඔය අතහෝදන එක ගැන මට අයිඩියා එකක් නෑ සර්’

රනිල්ගෙන් ප‍්‍රශ්න අහන එක තේරුමක් නෑ කියලා තේරුම් ගත්ත ලොකු සර් අනිත් ළමයි දිහා බැලූවා.

‘අත්තනායක පුතා කියපු සෞඛ්‍ය පුරුද්ද හොඳ එකක්ද නරක එකක්ද කියලා කාටද හරියටම කියන්න පුළුවන්’
ළමයි එකෙක්වත් කතා නෑ.

‘මොකද කතා නැත්තෙ... ප‍්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දෙන්න දන්නෙ නැද්ද.’

‘අපිටත් ඒ ගැන අදහසක් නෑ සර්’

‘ඇයි උඹලත් කන්නේ ගෑරුප්පු වලින්ද...? කක්කි දාලා පිහිදන්නේ ටොයිලට් පේපර්ස්වලින්ද...?
ළමයි නිහඬයි. මේ නිහඬතාව බින්ඳෙ නාමල්.

‘‘සර් මම නම් කන්න ගියාම ඒකට එක එක සිස්ටම් පාවිච්චි කරනවා. ලෙවකාලා කනවා, ලොවලා, කනවා, හපලා කනවා. ඇහිදගෙන කනවා. හොරාකනවා, ඉල්ලන් කනවා, උලා කනවා, හිඟාකනවා,’

නාමල් තවත් කන විදි කීපයක්ම එක හුස්මට කියාගෙන ගියා.

‘හරි එතකොට කක්කි දාන කොට’

‘මම කක්කි දාන්නෙ නෑ. මට කක්කි යනවා. ඒක වෙන්නෙ කොයි වෙලාවෙද කියලා මට අයිඩියා එකක් නෑ. ඉදලා හිටලා පැම්මපර් මාරු කරනකොට තමයි කක්කි ගිහින් කියලා දැනගන්නෙ’

‘අපි බලමුද නාමල් ට දැන් කක්කි ගිහින්ද කියලා’

ඒ යෝජනාව පබාගේ වොයිස් එකෙන්. තප්පර දෙකට ක‍්‍රියාත්මක වුණු නාමල් නිල්කලිසම ගලවලා පැම්පර් එක එළියට ගත්තා.

‘අනේ මට කක්කි ගිහින්’

නාමල් පැම්පර් එක වටේට වන වන කෑගහුවා. ඒ ගඳට පන්තියෙන් 2/3ක් සිහිය නැතුව ඇදගෙන වැටුණා. ගඳ දරාගන්න බැරුව මමත් ඇදගෙන වැටුණා.

කොන්ද ඇනුණු වේදනාවට මට ඇහැඇරුණා. එතකොටයි මම දැක්කෙ මම ඇද පල්ලෙහා බිම වැටිලා ඉන්නවා.

 

ලිව්වේ - සායා

Read more...

ජාතික ජම්පර් ඇන්දවීමේ මහා උළෙල - 2015

දුර ගමනක් යන කොට බස් එකේ ජනේලයක් ළඟ සීට් එකක වාඩිවෙලා පොඩි මනෝ පාරක් ගහගෙන යන එක මාර ආතල් වැඩක්. මේ ආතල් එක විඳපු අය ඒ ගැන සාක්කි කියයි. ඔන්න මේ ආතල් එක ගන්න ගමන් මාත් බස් එකේ වේගේන් මගේ මනෝලෝකෙට එන්ටර් වුණා.

එන්ටර් වෙලා තප්පර කීපයකින් මම නින්දත් අඩනින්දත් අතර තත්වෙට ළං වුණා. තවමත් භාගෙට ඇරිලා තිබ්බ ඇස්දෙකට පාර අයිනේ තියෙන එක එක දේවල් පේනවා. නින්ද යන්න ඔන්න මෙන්න කියලා දැක්කෙ මහින්ද රාජපක්ෂගේ පරණ කටවුට් එකක්. මේ නිසා නින්දෙන් හීනෙට මික්ස් වුණෙත් මහින්දගේ තඩි උඩු රැවුල්ලෙ එල්ලීගෙන.


මහින්ද හිටියෙ ෆුල් අප්සට් මූඞ් එකෙන්. දවස් ගාණකින් මේකප් එක හිරියට වැටිච්චේ නැති නිසා මූණේ රැලි ටිකත් එළියට පැනලා තිබුණා. ඩයිපාර හේදීගෙන ගිහින් කොණ්ඩෙත් අමුතු කලර් එකකට ඇවිත් තිබුණා. හැබැයි මෑන් පුරුදු ජාතික ඇදුමයි. කුරහන් ෂෝල් එකයි ඇදගෙන හිටියෙ. ජයකුණ්තයට නම් අතේ තිබුණේ නෑ. ඒ වෙනුවට පොඩි ලී කෑල්ලක් අල්ලන් හිටියෙ.

මිනිහගේ පිටිපස්සෙන් නාමල්, ශිරන්ති, යෝෂිත, රෝහිත සහ තවත් සෙට් එකක් හිටියා. සෙට් එකේ හිටපු අනිත් උන් දිහා බලන්න මට එච්චර වුවමනාවක් තිබුණේ නෑ. හැබැයි මේ ඔක්කොම හිටියෙ පොඩි ග‍්‍රවුන්ඞ් එකක. ග‍්‍රවුන්ඞ් එක වටේට ආරක්ෂාව අම්බානක තරකරලා තිබුණේ. මෙතන වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවෙච්ච නිසා මම පොඞ්ඩක් මහින්දට කිට්ටු කරා.


‘ජනාධිපතිතුමා මොකද සීන් එක...’


මහින්ද අහක බලාගත්තේ ඇස් දෙක ලොකු කරලා රවන ගමන්. මිනිහට තරහගිහින් කියලා හිතුණු නිසා මම ටෝන් එක බාල කරලා ආපහු පරණ ප‍්‍රශ්නෙම වෙන විදියකට අහුවා.


‘ඇයි ජනාධිපතිතුමා මොකක්හරි අවුලක් ද...’

අන්න ඒ පාර නම් මහින්ද කට ඇරියා.


‘පෙන්නේ නැද්ද හු....තෝ.... අපිව ඇරස් කරලා.’

‘මේ සෙට් එකම ඇරස් කරාද..’

‘ඔව් යකෝ... අපේ උන් ඔක්කොම ඇරස් කරා...’

එතකොටම වීරවංස කොහෙදෝ ඉදලා රිංගලා එතැනට ආවා.


‘මචං මේක අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්. මේකද යහපාලනය කියන්නෙ. රට බේරගත්තා නායකයට මෙහෙමද සලකන්නේ....මේකද ඉරණම’
වීරවංස ඉකිගගහා අඬන්න පටන් ගත්තා. මිනිහව සනසන ගමන් මම මෑන්ව පැත්තකට අරන් ගිහින් තවත් විස්තර ටිකක් ඇහුවා.

‘මොකක්ද මෙතන වෙන්නෙ.. ඇරස් කරා නම් ඇයි මෙතන තියාගෙන ඉන්නෙ.....’

‘මුන් අපිව මෙතන තියාගෙන ඉන්නෙ ජම්පර් අන්දවන්න... තව ටිකකින් රටටම පේන්න අපේ ඇදුම් ගලවලා මුන් අපිට ජම්පර් අන්දනවා. ජාතික රූපවාහිනියේ මේ ජම්පර් උළෙල ලයිව් දෙන්න ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නෙ’

සීන් එකේ බරපතලකම තේරුණේ එතකොට.

‘කවුද එතකොට දැන් ජම්පර් ගලවලා ජම්පර් අන්දවන්නෙ’

‘වෙන කවුද බං මෛත‍්‍රීයයි, රනිලූයි ඇමති සෙට් එකයි, ජෙවීපී කාරයොයි, සාධාරණ සමාජේ උන් ටිකයි, පුරවැසි බලයේ පොරවල් ටිකයි, අලූත් පරපුරේ උනුයි තමයි’

‘එතකොට මෙතන ඉන්න බවලත් උදවියගෙත් ඇදුම් ගලවනවද...’

එතකොටම ටිකක් ඈතින් ගෑණු කටහඬක් ඇහුණා.

‘නැතුව නැතුව’

ඒ වොයිස් එක ශිරන්තිගෙ. මම ෂේප් එකේ ශිරන්ති ළඟට කිට්ටු කරා.

‘මැඩම් හිතන විදියට මහින්ද මහත්තයගේ ඇදුම් ගලවන්න කවුද හොඳම කෙනා’

‘හොඳම කෙනා මම’

‘ඔව්.ඔව් ඒක හරි.. මං කිව්වෙ මැඩම්ට පස්සෙ හොඳම කෙනා’

‘මට පස්සෙ හොඳම අය ගොඩක් ඉන්නවා.’

‘නෑ මැඩම් මං අහන්නේ.. මැඩමුත් ඒ ගොඩත් ඇර වෙන කෙනෙක් ඉන්නවද කියලා’

ශිරන්ති ඒ ගැන කල්පනා කරනකොටම බැක්ග‍්‍රවුන්ඞ් එකෙන් එනවුස්මන්ට් එකක් ඇහුණා.


‘මහා ජම්පර් ඇන්දවීමේ ජාතික උළෙල ආරම්භ කිරීමට සියලූ කටයුතු දැන් සූදානම් කර අවසන්. මේ මොහොතේ අගමැතිතුමා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජම්පර් රැගෙන මෙම භූමියට සැපත් වෙනවා...

ම ඇස් දෙක ලොකු කරගෙන ඒ පැත්ත බැලූවා. සෙට් එකම මාර තීල් එකේ මේ පැත්තට එන්ටර් වෙනවා. මම ඇස් දෙක ටිකක් පිහිද ගෙන සීන් එක හොඳට පේන තැනකට ගිහින් හිටිගත්තා. දැන් මට කෙළින්ම ෆෝකස් වෙලා තියෙන්නෙ මහින්දව. විධායක ජනාධිපති කෙනෙක්ගෙ හෙළුව ආයි කවදාබලාගන්නද කියලා හිතාගෙන මාත් ඇහිපිල්ලන් ගහන්නේ නැතුව ඒ දිහා බලන් හිටියා.

‘මේ අවස්ථාවේ මහා ජම්පර් ඇන්දවීමේ ජාතික උළෙලට අතිගරු සමාවෙන්න අතිගරු නෙමෙයි නිකන් ගරු ජනාධිපතිතුමා සම්බන්ධවෙනවා.’

එනවුස් එකේ දීපු ගමන් වටේන්ම ආවේ මාර චියර් එකක්. වැඬේ කියන්නේ තව ටිකකින් ජම්පර් අදින්න බලාගෙන ඉන්න පොරවල් ටිකත් අප්පුඩි ගහනවා. ඔන්න ඒ අස්සෙ මෛත‍්‍රීපාල සෙනඟ පීරගෙන ඉස්සරහට එනවා. මෑන් එන විදියට කෙළින්ම මහින්ද ළඟ නවතින සයිස් එකක් තිබුණේ. මහින්ද මූණ ඇඹූල් කරගෙන අහකබලාගෙන උඩුරැුවුලෙන් යටට පැනලා තිබුණු රැවුල් කෑල්ලක් හපනවා. මෛත‍්‍රී තවත් ඉස්සරහට එනවා. දැන් නම් වැඬේ ෆූල් ආතල්. මගේ ඇස් දෙකත් නිකන් එළියට පනින සයිස් එකට ලොකු වෙලා. මෛත‍්‍රී මහින්ද ළඟට එන්න තව අඩියයි.

‘අඩෝ ඉතුරු රුපියල් 2ක දියන්’

බස් එකට නැගපු පොරක් ඉතුරු සල්ලි ඉල්ලලා කොන්දත් එක්ක වලියක්. මගේ හීනේ දෙකට කැඩුණා. මහින්දගේ හෙළුව බලාගන්න තිබ්බ චාන්ස් එක මිස් වෙච්ච කේන්තියෙන් මම පොර දිහා බලලා ආපහු ඇස් දෙක දැම්මා ජනේලෙන් එළියට. එතකොටම බස් එකේ දාල තිබ්බ රේඩියෝ එකෙන් මෛත‍්‍රීපාලගේ වොයිස් එක ඇහුණා.

‘නහී වේරේන වේරානි’

මම ඒ වොයිස් එක අහගෙනම හීනේ අන්තිමට හිටිය තැනට ආපහු සෙට් වෙන්න හිතාගෙන ඇස් දෙක පියාගත්තා.

......................................................................................

හීනේ ඉවර නෑ තවත් ඇදෙනවා

 - සායා -

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.