Menu

logo new 2015-5-11

Shamrock-png

ජාතික ජම්පර් ඇන්දවීමේ මහා උළෙල - 2015 Featured

දුර ගමනක් යන කොට බස් එකේ ජනේලයක් ළඟ සීට් එකක වාඩිවෙලා පොඩි මනෝ පාරක් ගහගෙන යන එක මාර ආතල් වැඩක්. මේ ආතල් එක විඳපු අය ඒ ගැන සාක්කි කියයි. ඔන්න මේ ආතල් එක ගන්න ගමන් මාත් බස් එකේ වේගේන් මගේ මනෝලෝකෙට එන්ටර් වුණා.

එන්ටර් වෙලා තප්පර කීපයකින් මම නින්දත් අඩනින්දත් අතර තත්වෙට ළං වුණා. තවමත් භාගෙට ඇරිලා තිබ්බ ඇස්දෙකට පාර අයිනේ තියෙන එක එක දේවල් පේනවා. නින්ද යන්න ඔන්න මෙන්න කියලා දැක්කෙ මහින්ද රාජපක්ෂගේ පරණ කටවුට් එකක්. මේ නිසා නින්දෙන් හීනෙට මික්ස් වුණෙත් මහින්දගේ තඩි උඩු රැවුල්ලෙ එල්ලීගෙන.


මහින්ද හිටියෙ ෆුල් අප්සට් මූඞ් එකෙන්. දවස් ගාණකින් මේකප් එක හිරියට වැටිච්චේ නැති නිසා මූණේ රැලි ටිකත් එළියට පැනලා තිබුණා. ඩයිපාර හේදීගෙන ගිහින් කොණ්ඩෙත් අමුතු කලර් එකකට ඇවිත් තිබුණා. හැබැයි මෑන් පුරුදු ජාතික ඇදුමයි. කුරහන් ෂෝල් එකයි ඇදගෙන හිටියෙ. ජයකුණ්තයට නම් අතේ තිබුණේ නෑ. ඒ වෙනුවට පොඩි ලී කෑල්ලක් අල්ලන් හිටියෙ.

මිනිහගේ පිටිපස්සෙන් නාමල්, ශිරන්ති, යෝෂිත, රෝහිත සහ තවත් සෙට් එකක් හිටියා. සෙට් එකේ හිටපු අනිත් උන් දිහා බලන්න මට එච්චර වුවමනාවක් තිබුණේ නෑ. හැබැයි මේ ඔක්කොම හිටියෙ පොඩි ග‍්‍රවුන්ඞ් එකක. ග‍්‍රවුන්ඞ් එක වටේට ආරක්ෂාව අම්බානක තරකරලා තිබුණේ. මෙතන වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවෙච්ච නිසා මම පොඞ්ඩක් මහින්දට කිට්ටු කරා.


‘ජනාධිපතිතුමා මොකද සීන් එක...’


මහින්ද අහක බලාගත්තේ ඇස් දෙක ලොකු කරලා රවන ගමන්. මිනිහට තරහගිහින් කියලා හිතුණු නිසා මම ටෝන් එක බාල කරලා ආපහු පරණ ප‍්‍රශ්නෙම වෙන විදියකට අහුවා.


‘ඇයි ජනාධිපතිතුමා මොකක්හරි අවුලක් ද...’

අන්න ඒ පාර නම් මහින්ද කට ඇරියා.


‘පෙන්නේ නැද්ද හු....තෝ.... අපිව ඇරස් කරලා.’

‘මේ සෙට් එකම ඇරස් කරාද..’

‘ඔව් යකෝ... අපේ උන් ඔක්කොම ඇරස් කරා...’

එතකොටම වීරවංස කොහෙදෝ ඉදලා රිංගලා එතැනට ආවා.


‘මචං මේක අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්. මේකද යහපාලනය කියන්නෙ. රට බේරගත්තා නායකයට මෙහෙමද සලකන්නේ....මේකද ඉරණම’
වීරවංස ඉකිගගහා අඬන්න පටන් ගත්තා. මිනිහව සනසන ගමන් මම මෑන්ව පැත්තකට අරන් ගිහින් තවත් විස්තර ටිකක් ඇහුවා.

‘මොකක්ද මෙතන වෙන්නෙ.. ඇරස් කරා නම් ඇයි මෙතන තියාගෙන ඉන්නෙ.....’

‘මුන් අපිව මෙතන තියාගෙන ඉන්නෙ ජම්පර් අන්දවන්න... තව ටිකකින් රටටම පේන්න අපේ ඇදුම් ගලවලා මුන් අපිට ජම්පර් අන්දනවා. ජාතික රූපවාහිනියේ මේ ජම්පර් උළෙල ලයිව් දෙන්න ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නෙ’

සීන් එකේ බරපතලකම තේරුණේ එතකොට.

‘කවුද එතකොට දැන් ජම්පර් ගලවලා ජම්පර් අන්දවන්නෙ’

‘වෙන කවුද බං මෛත‍්‍රීයයි, රනිලූයි ඇමති සෙට් එකයි, ජෙවීපී කාරයොයි, සාධාරණ සමාජේ උන් ටිකයි, පුරවැසි බලයේ පොරවල් ටිකයි, අලූත් පරපුරේ උනුයි තමයි’

‘එතකොට මෙතන ඉන්න බවලත් උදවියගෙත් ඇදුම් ගලවනවද...’

එතකොටම ටිකක් ඈතින් ගෑණු කටහඬක් ඇහුණා.

‘නැතුව නැතුව’

ඒ වොයිස් එක ශිරන්තිගෙ. මම ෂේප් එකේ ශිරන්ති ළඟට කිට්ටු කරා.

‘මැඩම් හිතන විදියට මහින්ද මහත්තයගේ ඇදුම් ගලවන්න කවුද හොඳම කෙනා’

‘හොඳම කෙනා මම’

‘ඔව්.ඔව් ඒක හරි.. මං කිව්වෙ මැඩම්ට පස්සෙ හොඳම කෙනා’

‘මට පස්සෙ හොඳම අය ගොඩක් ඉන්නවා.’

‘නෑ මැඩම් මං අහන්නේ.. මැඩමුත් ඒ ගොඩත් ඇර වෙන කෙනෙක් ඉන්නවද කියලා’

ශිරන්ති ඒ ගැන කල්පනා කරනකොටම බැක්ග‍්‍රවුන්ඞ් එකෙන් එනවුස්මන්ට් එකක් ඇහුණා.


‘මහා ජම්පර් ඇන්දවීමේ ජාතික උළෙල ආරම්භ කිරීමට සියලූ කටයුතු දැන් සූදානම් කර අවසන්. මේ මොහොතේ අගමැතිතුමා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජම්පර් රැගෙන මෙම භූමියට සැපත් වෙනවා...

ම ඇස් දෙක ලොකු කරගෙන ඒ පැත්ත බැලූවා. සෙට් එකම මාර තීල් එකේ මේ පැත්තට එන්ටර් වෙනවා. මම ඇස් දෙක ටිකක් පිහිද ගෙන සීන් එක හොඳට පේන තැනකට ගිහින් හිටිගත්තා. දැන් මට කෙළින්ම ෆෝකස් වෙලා තියෙන්නෙ මහින්දව. විධායක ජනාධිපති කෙනෙක්ගෙ හෙළුව ආයි කවදාබලාගන්නද කියලා හිතාගෙන මාත් ඇහිපිල්ලන් ගහන්නේ නැතුව ඒ දිහා බලන් හිටියා.

‘මේ අවස්ථාවේ මහා ජම්පර් ඇන්දවීමේ ජාතික උළෙලට අතිගරු සමාවෙන්න අතිගරු නෙමෙයි නිකන් ගරු ජනාධිපතිතුමා සම්බන්ධවෙනවා.’

එනවුස් එකේ දීපු ගමන් වටේන්ම ආවේ මාර චියර් එකක්. වැඬේ කියන්නේ තව ටිකකින් ජම්පර් අදින්න බලාගෙන ඉන්න පොරවල් ටිකත් අප්පුඩි ගහනවා. ඔන්න ඒ අස්සෙ මෛත‍්‍රීපාල සෙනඟ පීරගෙන ඉස්සරහට එනවා. මෑන් එන විදියට කෙළින්ම මහින්ද ළඟ නවතින සයිස් එකක් තිබුණේ. මහින්ද මූණ ඇඹූල් කරගෙන අහකබලාගෙන උඩුරැුවුලෙන් යටට පැනලා තිබුණු රැවුල් කෑල්ලක් හපනවා. මෛත‍්‍රී තවත් ඉස්සරහට එනවා. දැන් නම් වැඬේ ෆූල් ආතල්. මගේ ඇස් දෙකත් නිකන් එළියට පනින සයිස් එකට ලොකු වෙලා. මෛත‍්‍රී මහින්ද ළඟට එන්න තව අඩියයි.

‘අඩෝ ඉතුරු රුපියල් 2ක දියන්’

බස් එකට නැගපු පොරක් ඉතුරු සල්ලි ඉල්ලලා කොන්දත් එක්ක වලියක්. මගේ හීනේ දෙකට කැඩුණා. මහින්දගේ හෙළුව බලාගන්න තිබ්බ චාන්ස් එක මිස් වෙච්ච කේන්තියෙන් මම පොර දිහා බලලා ආපහු ඇස් දෙක දැම්මා ජනේලෙන් එළියට. එතකොටම බස් එකේ දාල තිබ්බ රේඩියෝ එකෙන් මෛත‍්‍රීපාලගේ වොයිස් එක ඇහුණා.

‘නහී වේරේන වේරානි’

මම ඒ වොයිස් එක අහගෙනම හීනේ අන්තිමට හිටිය තැනට ආපහු සෙට් වෙන්න හිතාගෙන ඇස් දෙක පියාගත්තා.

......................................................................................

හීනේ ඉවර නෑ තවත් ඇදෙනවා

 - සායා -

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.