Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

සෝමවංශ අමරසිංහගේ රහත්වීම

මැයි දින රැළි බලන්න කියලා හිතලා හයිඩ් එකෙන් පටන්ගෙන ක්‍රමයෙන් මං ගියේ කවුරුත් කතා බහ කරන ජවිපෙ මැයි දිනේ බලන්න. වැළ නොකැඩී ඩං ඩුග ගහගෙන පෙළපාලියෙන් එක එක පළාත් වල ජවිපෙ සාමාජිකයින්ගෙන් බී.ආර්.සී.එකපිරෙන්න ගත්තා. ෂේප් එකේ අයිනකට වෙලා රැළිය ස්ටාර්ට් කරන්න මේ සෙට් එක ග්‍රවුඩ් එකට සෙට් වෙනකම් බී ආර් සී එකේ අයිනක තිබුනු මැයි ගහක් යටට සෙට් වුනා. ෂේප් එකේ වාඩියක් දාගත්තම සිහියට ආවේ අද උදේ (මැයි 01) නිදහස් චතුරස්‍ර යේ ජවිපෙ හිටපු නායකසෝමවංශ අමරසිංහ එරමිනියා ගොතාගෙන කරපු උපවාසේ ගැන අනේ මේ මනුස්සයා හිටය නම් මේ පෙළපාලියේ අතවන වනා යනවා නේ කියලා හිතපු හිතුවිල්ලත් එක්ක දවසෙම තිබුණ ටයර්ට් එකට නින්දකට එන්ටර් වුනා.


ටිකවෙලාවයි ගියේ අම්මට සිරි මෙන්න සෝමේ අන්කල් අනගාරික ධර්මපාල වගේ සිවුරක් පොරෝගෙන එරමිනියා ගොතාගෙන පළක්බැදගෙන නිදහස් චතුරස්ස්‍රේ ලග... අප්පට සිරි බම්බු ගහපු කිව්වලු... අර දහම් පාසල් පොතක තියෙන සිදුහත් කුමාරයා සී සාන උත්සවේදී වැඩ පෙන්නපු වගේමයි. අහසට නොගියත් පොර බිමට ඔන්න මෙන්න කියලා තියලා අහසේ පළක් බැදගෙන එරමිනියා ගොතාගෙන බුදු හාමුදුරුවන්ගේ අර ඇගිලිදෙකක් එකට එකතු කරලා ජේසුට මෙච්චරවත් දෙන්නෑ කිව්ව මුද්‍රාවත් දිග් කරගෙන ඉන්නවා.

ෆ්‍රීඩම් ට්‍රෑන්ගල් එක අවට පට්ට සෙනග....

එකඑකා ඇවිත් දණ ගහලා වැදලා යනවා. සමහර උපාසක උපාසිකාවෝ දොහොත් මුදුන් දීගෙන උඩ බලාගෙන අලුත් තවුසා සරණ යන්න වැදගෙන ඉන්නවා.
වටේ පිටේ ෂූ ගාලා මීඩියා සෙට් බීබිසී අල්ජසීරා සිඑන්එන් වගේ ඉන්ටර්නැෂනල් මීඩියාස් ඇන්ඩ් ලංකාවේ මාධ්‍ය කණ්ඩායම් බුරුතු පිටින්.
මමත් පොඩ්ඩක් ලං වුනා යකෝ මේ ලංකාවේ විප්ලවේ කොරන්න හිටපු නායකයෙක් නේද කොහොම මේ වගේ බුදු චාන්ස් එකක් වැදුනේ කියලා බලන්න. පැය දෙක තුනක් කට්ට කෑවා..

නොහෙල්ලුම් පොල් මැල්ලුම් කිව්වලු. අර වැදගෙන ඉන්න සෙට් එක නෙවෙයි. අහකට ගියේ.. සමහර එවුන්ගේ සාරි කැලේ.. එකා පිට එකා මේ අලුත් තවුසා දැක ගන්න පොරකනවා.

ඕන රෙද්දක් සිලින් පහයි කියලා උපාසිකාවන්ගේ රෙද්ද අස්සෙන් රිංගුවා සෝමවංශ තවුස් තුමා ලගට මේ අලුත් විප්ලවේ මොකද්ද කියලා දැනගන්න පොඩ් ටොක්ස් එකක්දාන්න..හිතාගෙන

ලගටම ගියා පොර නෑ සද්ද... උඩ බැලුවා අර සිරි අයියාමයි.. කතා කරන්නත් මොකද්ද වගේ ඕනේ පුකක් කියලා හිතාගෙන කතා කළා...
බුවත් නිකන්තවුසම තමයි.ඒත් මම දැක්කම පොඩි ලයින් එකට සෙට් වුනා කියලා හිතලා කතා කළා..
සිරි තවුස් තුමනි.. මාව සිහියට නැගුණාද ?

ඔව් ඔව්.. පින්වත් සහෝදරය... කිමෙක්ද මාගෙන් විමසිය යුත්තේ...
‘‘ ඔබ වහන්සේ මේ වන විට ලාංකේය විප්ලවයේ ගමන් මග ලෙස දේශනා කර සිටින්නේ මෙවැනි චර්යාපද්ධතියක්ද ?“
‘‘ එසේය පින්වත් සහෝදරය.. මෙය චිරාත් කාලයක් විප්ලවවාදීන් විසින් අනුදැන වදාල ධර්මස්කන්ධයක් එහි ආනුභාවයෙන් ලාංකේය විප්ලවයේ හැරවුම් ලක්ෂයන් සනිටුන් කිරීමට හැකියාව පවත්නේය.

‘‘ එසේ නම් ඔබ තුමන් මේ වනවිට අනුගමනය කරන්නේ මාක්ස් -එංගල්ස්ගේ ස්ටඩ් පාරවල්නොවේද ?
‘‘ ඔබ විමසන්නේ කුමක්ද මේ දැහැමි මාර්ගයේ පළමුවෙන්ම ගමන් කළෝ ඔවුන්ම මිස අන් කවරෙක්ද ? පොත පතේ පොඩිපොඩි කරුණු තිබුනාටඔබ අසා තිබේද මාක්ස් මිනී මරා විප්ලවකිරීමක් ගැන එංගලස් මිනිමරා අවි ආයුධ දරා විප්ලවකිරීමක් පිළිබද ? නෑ නේද එසේ නම් ඔවුන් පෙන්නූ දැහැමි මග විප්ලවයට නිවැරදි මාවත වන්නේය..

සාධු සාධු සාධූ... අවටින් උපාසක උපාසිකාවන් මහ හඩින් සාධුකාර පවත්වන්නේය. තවත් මට නිරාකරණය කර ගත යුතු කරුණු බොහෝය.
දනිපනිගා නිදහස් චතුරෂයේ සිංහයාගේ ශිර්ෂයට නැග්ගෙමි.

පින්වත් සහෝදරය ඔය ශිර්ෂයට පය තබන්න එපා මෙය ශ්‍රී ලාංකීය ධරණී තලයේ අනර්ග සංකේතයය. අපේ දේශහිතෛෂී භාවය රැකගත් මහානුභාස සම්පන්න සංකේතය මෙයයි.

සෝමවංශ තවුස් තුමා දිගට පවසන්නේය.
මට එසේ බැරිය. සිරි තුමාට සිංහයා ලොකු වූවාට මට සිංහයා ලොකු නැත. මට අවශ්‍ය වූයේ කෙසේ හෝ සිරිතුමාගේ ධ්‍යානය බිද දමා ඔහු යළිත් ජවිපෙට සම්බන්ධ කිරීමටය.

ඔබ මේ ධානයෙන් මිදුනු පසු ලාංකීය විප්ලවය කුමක්ද කරන්න බලාපොරොත් වෙන්නේ ඔ ජවිපෙ සමග යළි එක් වෙනවාද
නැත මා කිසිදින ජවිපෙ සමග එක් වන්නේ නැත. මා වියපත් වන තෙක්ම ජවිපෙ රහතුන් වහන්සේලාගෙන් පිරීගිය ආරමයක බවට පත් කිරීමට උත්සුක වූවෙමි. ඒ සදහා වූ පාරමිතාවන් පිරිය. එහෙත් මේ දැන‍් සිටින අනුරලා ටිල්වින්ලා සමග එය කෙසේ කරන්නේ ද යන්න ගැටළුවක් පවතී.

ඔබ තුමා විමල් වීරවංශ එක්ක ඒ ජාතිියේ වැඩක් ආරම්භ කළාද
අන්න නියම උපාසක කොළුවා උගේ විකට් එක ගන්න කියලා දවසක් මම කළුතරදී බෝල් කළා තමයි ඒත් ඌ මරු කොලුව කියනදේ තිතට කරනවා මම කිව්වා ඌට ජාතික හැගීම් උද්වීපනය වෙන දේශහිතෛෂී හදමු කියලා ඌ ඒ වැඩේ තිතට කළා. ඊට පස්සෙ අෟ කඩාගෙන ගියා.
හැබැයි තවුස් තුමා එළියේ සෙට් කියන්නේ ඔබ තුමා තමයි ඔහු එළවා දැමීමට කටයුතු කළේ කියලා
හරි නේ බං ... සමාවෙන්න පින්වත් සහෝදරය මම ජවිපෙ ඇතුලේ ඉන්න කොට ඒ විදියට ටොක්ස් නොකළා නම් විමලයත් එක්ක මමත් එළියට යන්න වෙනවා.

උඹ හිතපං ... සොරි සොරි .. ඔබ සිතන්න ජවිපෙට එකෙක් එපා වුනොත් ඌට චූ යන්න ගැහුවම පස්සේ තමයි එකේ ඉන්න පුළුවන් ඒ නිසා මචං මම තව පොඩි කාලයක් ඉන්න ඕන නිසා තමයි ඌට පලු යන්න නෙලුවේ.
දැන් උඹගේ අමාරුව හරිද දැන් බැහැපං බිමට ...
මල කෙලියයි මෙන්න තවුස් සෝමේට මළ පැනලා සිංහයාගේ කරේ මම කියනවා කියලා දැහැනින් මදී පඩිපෙල උඩට ගිහින් මට කෝටුවක් කඩා ගසන්න විය.

ඒයි තවුස් තුමෝ මාක්ස් ගැහුවේ නෑනේ එංගල්ස් ගැහුවේ නෑනේ ... ඇයි ඔබ මට ගහන්නේ
අනේ පලයං ඒ මාක්ස් නේ උන් දේශහිතෛෂී වුනේ නෑ ඒත් මම දේශහිතෛෂීය.
බැහැපිය බිමට

සෝමේ තවුස් තුමාට මළ පැනලාය. තඩි කෝටුවකින් මගේ උරහිසට කළෙපි . මම කෑගසනවාත් සමග පිටිය මැද මහ සෙනගක් අතරේ මම සිහිනෙන් නැගිටෙමි මළම කෙළියකි. ටිල්වික් සිල්වා ජවිපෙ අමාරුවෙන් දේශපාලන කරන පක්ෂයක් බවත් මෙහි ඉඩ ඇත්තේ තරුණයන්ට පමණ් බව පවසනවාත් සමග මට නැවතත් සෝමෙ තවුස් තුමා සිහිපත් විය.


ඔව් ඔබ තුමාට සෙට් වෙන්නෙ නිවන තමායි සෝමේ තවුසානනෙනි මට කියවිනි.


තව්තිසා

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.