Menu

logo new 2015-5-11

Shamrock-png

විල්පත්තුවේ වළහෙක් කි කතාව

විල්පත්තුවේ වළහෙක් කි කතාව
පහුගියදා සෙට් එකක් විල්පත්තු කැලේ බලන්න ගියා කියලා ආරංචි වූ  හින්දම  තව්තිසාටත් හිතුනා පොඩි රවුමක් දාලා එන්න විල්පත්තුවේ කැලේ යාළුවෝ ටිකක් මීට් වෙලා එන්න. කෙලින්ම ගියේ විල්පත්තුවේ කැලේ ඇතුලටමයි. සමහරු ගිහින් අභය භූමිය නොබලා මහ පාරේ ඉදලා ෆ්‍රෙස් ඉන්ට්ර්විව් කරන හින්දා කෙලින්ම ඇතුලටම ගියා. 
 
පිස්සු හැදෙයි සද බැබලෙයි කිව්වලු මුගේ අම්මලට කවුද යකෝ කියන්නේ අවුලක් නෑ කියලා. බදුර්දීන් මරු සෙල්ලමක්දාලා තියෙන්නේ වටේට කැලේ මැද හිස්  එළ පවුසි අරුන් එළියේ ඉදලා කියනවා අවුලක් නෑ කියලා .
 
තවත් සෝදිසි කරන්න  හිතාගෙන කැළේ ඇතුල යන්න ට්‍රයි කළා විතරයි, කෙළපි තාප්පෙට මෙන්න වළස් දණ්ඩෙක් කනමදයා වගේ ගල් පොත්තක් උඩ... ෂේප් එකේ එතනින් මාරුවක් දාන්න හැදුව විතරයි.... ෂ්.. ෂ්.. ෂ්... ගාපි... අනිත් පැත්ත හැරිලා හිටිය  අතයටින් බැලුවා ආයෙත්
ෂූ... සද්දේ එන ලයින් එක .. කිරි අප්පට බල්ලේ පැඩපි කිව්වලු වළහා සූ.. සද්දේ දාලා තියෙන්නේ... හරුණා අනිත් පැත්තට..
 
“ මෙහෙ එනවා.... මෙහේ..,,
 
චූ.. යන්න ඔන්න මෙන්න වළහා කතා කරනවා.
 
කිට්ටු වුනා. උගේ  ලගට .. සොරි මචං... මම කැලේ බලන්න ආපු මීඩියා පොරක්...,
 
‘හරි වරෙන් වරෙන් අවුලක් නෑ උඹ අපිව දන්නවා.. මේ ඉන්න හිටින්න තැනක් තැතිව කෙළවිලා ඉන්න වෙලාවේ උඹ ආපු එක හොදයි බං.. යමං ඇතුලට.. 
වලහා මාවත් ඇදගෙන කැලේ ඇතුලට ගියේ නිකන් බියර් එකක් ගහන්න බොරැල්ලේ බියර් පොට් එකට යනවා වගේ ..
වඩිවෙයන් මචං ... මේක බීපං 
 
පෙප්සි එකක්... !! 
 
ඔව් බං දැන් මේ කැලේ උඹල ආවට දෙන්න මචං මීවදයක් වත් නෑ බං 
 
මුන් සෙරෝම සුද්ද කරලා. උඹ හිතපං බං මේ පහුගිය දවස් ටිකට මට හරියට බීමක් කෑමක් නෑ බං.. ඔක්කොම ඉවරයි.. 
“ හරි මං ආවේ ඕක ගැන හොයන්න තමයි මොකද්ද ඇත්ත සිද්ධිය 
 
මේකයි සීන් එක බං ඔය උඹලට එක එක ජාතියේ නිවුස් එනවා නේ ඇත්ත මේකයි. 
 
 
 
“ හරි මං ආවේ ඕක ගැන හොයන්න තමයි මොකද්ද ඇත්ත සිද්ධිය 
 
මේකයි සීන් එක බං ඔය උඹලට එක එක ජාතියේ නිවුස් එනවා නේ.. එව්වා ඇත්ත කියලා තමයි ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ  මේකයි  ඇත්ත,
 
‘ හා කියහන්කෝ බලන්න .. මමත් වළහාගේ පෙප්සි එක බීගෙනම කන්දීගෙන හිටියා.
 
උඹට මතකද තව් නැගෙනහිර වසන්තය කියල රෙද්දක් ආවා . අන්න ඒකේ හිටියා පොරක් නිකන් කෂඩ පාට රෙදි පටියක් බෙල්ලේ ඔතාගෙන ඌ මේ කැළේ සබ්බ සකලමනාවම පීරුවා පිරලා නිදන් තියෙනවා කියලා එස්ටිඑෆ් එක දාලා ෆුල් සර්ච් කළා ..
 
, නෑ......., ඉතිං
 
ඉතිං කියන්නේ බං අපි සෙට් එකක් සෙට් වෙලා මුන්ට ගේමක් දෙන්න හිතාගෙන හිටියා..
ඒ කියන්නේ වලස් සෙට් එකක්
 
.. ඔව් බං නත්නම් තොපේ වේසිගේ පුතාලා එනවාද පරිසරේ ආරක්ෂා කරන්න 
හරි කියපංකෝ
 
ඉතිං බං උන් මේ කැලේ පීරුවා පිරලා පීරලා අපේ මුවෝ සෙට් එකත් භන්ගේ බොක්ක පුරවා ගන්න මරාගෙන කෑවා 
ඊට පස්සේ අර කෂඩ රෙද්ද දාගෙන හිටිය එකා කැලේ ෂර්ච් කරලා නිදන් වැඩේ ගොඩයන්නේ නැති හින්දා මූ ඒ වැඩේ ගොඩදාන්න මේ කැලේ මැදින් පාරක් කැපුවා 
 
අප්පට සිරි ඒ කියන්නේ මේ පාර කැපුවේ නිදන් සොයන්න 
 
හිටහංකෝ නිකං ප.. යා නොවි කියනකං
හරි 
 
ඉතිං බං ඌ මේ පාර කැපුවා කියන්නේ මේකේ වළවල් හැරුවා බෝර දැම්මා හැම රෙද්දක්ම කරා අන්තිමට ඌට මෙලෝ ඇටයක් ලැබුනේ නෑ ඌ මේ කැලේ දූෂණය කළා... අන්තිමට ඉතිරු වෙච්ච මෙලේ දානයක් නෑ අපේ උන්ට ඉන්න තැනක් නැති වුනා..
ඊට පස්සේ දැන් මේ නහින ඇමැතියාම ඒ දවස්වල සෙට් වෙලා යුද්දයෙක් යන එන මං නැති වුන් මෙකේ පදිංචි කරන්න හැදුවා අපේ අලි සෙට් එක පොඩි පොඩි කොචොක් පාරවල් දාලා මුල් කාලේ එලව ගත්තා පස්සේ මචං මේ වේ.... පුතා ඇමති වුනා ඊට පස්සේ දෙන්න පටන්ගත්තා අක්කර හෙක්ටයාර් ගණන් වලින්
නෑ....
 
නෑ නෙවෙයි ඔව් ..උඹ ලියපං බය නැතුව මේ පැත්තේ ඉන්න ඔක්කොම උන් මචං මුගෙන් ජරාව කනවා ප්‍ර ා දේශිය ලේකම්ලා ඔය ඉන්න සෙට් එකම උන් සෙට් වෙලා අපේ කැළේට කෙලිනවා. අපේ උන්ට එපා වෙලා ඉන්නේ  ඔහේ මැරෙද්දෙන් කියලා ඉන්නවා එළි පිට ඇටැක් කරන්නේ අලි සෙට් එක විතරයි. අනිත් උන් මචං ඉතිං ඔහේ ඉන්නවා 
ඕකයි විස්තරේ උඹලා කොච්චර උඩ දාගෙන කෑගහුවත් වැඩක් නෑ මචං විල්පත්තුව දැන් ඉවරයි බලපං තව පොඩ්ඩක් ඇතුලට ගිහින් උඩින් කොළ පාටට පෙනුනට ඇතුලේ කොන්ක්‍රීට් 
 
උඹලා අර දෙක උඩ දාගෙන කෑගහලා අන්තිමට වැඩේ අකුලනවා කියලා අපි දන්නවා උඹලගේ පරිසර සංවිධානද මාධ්‍යද දේශපාලන පක්ෂද මේ ඔක්කොම එකයි අන්තිමට වැඩේ අකුලනවා..
 
නෑ අපි එහෙම වෙන්නෙ නෑ
 
 අනේ පලයං උඹට මේ ටික කියන්න ගෙනාවෙත් හොරෙන් අපේ අනිත් උන්ට සෙට් උනොත් උඹ ඉවරයි ඒ නිසා දැන් කරුණාකරලා පලයං උඹ අයෙමත් එන කොට අපි කවුරුවත් මේ කැලේ නොහිටින්න පුළුවන් ඒ නිසා මචං බායි 
 
තවුතිසාවේදී හම්බු වෙමු 
 
හරි මචං උඹට තෑන්ස් උඹලා ජිවත් වෙයල්ලා කොහොම හරි 
 
අනේ මේ පලයං ...... තෝ කුණු හබ්බ අහගන්නේ නැතිව
 
මම ආවා.
වළහා හිටියා විල්පත්තුව දැනට තිබුනා
හෙට  ?
ෂුවර් නෑ..
 
 
-  තව්තිසා

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.