Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 26 May 2017

සහන දීමට ගොස් කේබලය කැඩී වැටුනු සෙබළා මිය යයි

ගාල්ල නෙළුව ප්‍රදේශයේ ආපදාවට පත් කණ්ඩායමක් බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානයකින් බිම ඇද වැටුන ගුවන් හමුදා සෙබළා මරණයට පත්විය.

Read more...

සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක් – කැළණි ඟග පිටාර ගැලීමත් ඇරඹෙයි

සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක් – කැළණි ඟග පිටාර ගැලීමත් ඇරඹෙයි ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි. ගංවතුර තර්ජනය පවතින සෑම ප්රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවාතැන් පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Read more...

ඇමතිවරුන්ගේ වාහන මිලදී ගැනීමට හා නිවාස සදහා කෝටි 70 වෙන් කෙරේ

පාර්ලිමේන්තුව හමුවේ අද ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවක් මගින් ඇමතිවරුන්ගේ වාහන මිලදී ගැනීම හා නිවාස සංවර්ධනය සදහා කෝටි 70ක මුදලක් වෙන් කොට ඇති බව වාර්තාවේ.

Read more...

ගංවතුර 91කට දිවිත් 53114කට උන්හිටි තැනුත් අහිමි කරයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අද 26 දා සවස වන විට අනූඑක් දෙනෙක් ජීවිත අහිමි වී,110දෙනෙක් අතුරුදන් වී තවත් පවුල් පනස්තුන්දහස් එකසීය දහහතරක් ආසන්න සංඛ්‍යාවකට උන්හිටි තැන් අහිමි වී තිබිණි.

Read more...

කැළණි මිටියාවතට ආධාර අවශ්‍යයි

අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගගේ ජලය කොළොන්නාව අඹතලේ සිට සේදවත්ත දක්වා පිටාර මට්ටමට පැමිණි ඇති හෙයින්. හදිසියේ ඇතිවිය හැකි ආපදා තත්වයන්ට මුහුණ දීම පිණිස , කොළොන්නාව ආපදා සම්බන්ධිකරණ කමිටුව අද රැස්විය.

Read more...

මිය ගිය පිරිස 57 දක්වා ඉහල යයි

කළුතර ප්‍ර දේශයේ නාය යාමෙන් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර මීට අමතරව දෙනියාය රත්නපුර තංගල්ල ආදී ප්‍රදේශයන්හි ඇති වූ නාය යාම් හා ගං වතුර හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සමග මේ වනවිට මියගිය සංඛ්‍යාව 57ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තාවේ.

Read more...

කේබලය කැඩී ගුවන් භටයා බිම ඇද වැටෙයි

නෙළුව දුරිඇල්ල ප‍්‍රදේශයේ අවතැන් වු පිරිසක් බේරා ගැනීමේ සහන කටයුතු වල නිරතව තිබූ ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක සිටි ගුවන් හමුදා සමාජිකයකු අද පෙරවරුවේ හෙළිකොප්ටර් යානයේ කේබලය කඩා වැටී බිම ඇද වැටී තුවාල ලබා ඇතැයි ගුවන් හමුදාව කියයි.

Read more...

ගංවතුරෙන් හා නාය යාම්වලින් ජිවිත 18ක් නැති වෙයි

බෙලිඅත්ත ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් ඇතැයි තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

පවතින අධික වර්ෂාවත් සමග දකුණු හා සබරගමු පළාත් ජලයෙන් යටවී ඇති අතර අගලවත්ත, බුලත්සිංහල හා සපුගස්කන්ද ප්‍රදේශවලින් ජීවිත හානි ද වාර්තා වේ. බෙලිඅත්ත ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් ඇති අතර මේ වනවිට මියගිය සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ නැග ඇත.

Read more...

රත්නපුර පැල්මඩුල්ල මාර්ගයට කන්දක් එයි

රත්නපුර ප්‍ර දේශයට බලපැවැත්වෙන අධික වාර්ෂාව හේතුවෙන් රත්නපුර පැල්මඩුල්ල මාර්ගය කන්දක් නාය යාම හේතුවෙන් රත්නපුර පැල්මඩුල්ල මාර්ගය අවහිර වී ඇත. 

Read more...

දෙනියාය ප්‍රදේශයට දැඩි බලපෑම් - මොරවක් කන්ද නාය යයි

මේ වනවිට දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ මාතර දෙණියාය- මොරවක කන්ද නායගොස් ඇති බවට වාර්තා වන අතර මොරවක නගරය අඩි 15ක් පමණ යටව ඇති බවද වාර්තාවේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.