Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රාජපක්ෂ හොල්මන් අවතාර මැද තවත් යුද සැමරුමක්

රාජපක්ෂ හොල්මන් අවතාර මැද තවත් යුද සැමරුමක්

අද 2015 මැයි මස 18 දා

උතුරේ සැමරුම් තහනම් කොට දකුණේ සැමරුන් OK කොට ඇත. සංහිදීයාව, සහෝදරත්වය, උතුරු දකුණ යා කිරීම, වැනි වැකි පසුගිය සය වස තුළ බොහෝ කට මැත දොඩවන්නන්ගේ මාතෘකා බවට පත් විය. 

උතුරේ පැවැති යුද්දයෙන් ත්‍රස්තවාදය පළවාහැර ශ්‍රී ලංකා හමුදාව මහා විජයග්‍රහණයක් ලැබූවේයැයි වීර වාක්‍යයක් ද මේ පොළොවට හුරු කළේය. ශ්‍රී ලංකා හමුදාව යන්නෙන් බොහෝ තැන්හි උසුරුවන කිසියම් රටක හමුදාවක් වෙනත් රටක හමුදාවක් සමග සිදුකළ සටනක් ඉදිරියට දමා දකුණේ හමුදාව ශ්‍රී ලංකා හමුදාව යන්නෙන් අර්ථ ගන්වා ඇත. එපමණක්දනොව ඔවුන් ජයග්‍රහණය ලැබූවෝ වන්නේය.


මේ සියල්ලෙන් කියා පාන්නේ කුමක්ද තවමත් උතුරේ දෙමළ ජනයා දකුණේ අපිට දුරස්ථ බවක් නොවේද එසේ නම් එවිට ගොඩනැගෙන සංහිදීයාව කුමක්ද? සහෝදරත්වය කොහිද ? උතුර දකුණ යා වන්නේ කෙසේද මේ සියල්ල විලම්බීතයක්ම මිස අන්කවරක්ද ?
අද (18) මාතරට එක්වන හමුදාවෝ මීට සය වසකට පෙර තමන් විසින් විජයග්‍රහණය කළ යුද්ධයක් සමරති. ඒ සදහා උඩින්ද යටින්ද භාවිතයට ගත් අවි ආම්පන්න ප්‍රදර්ශනය කරති. එකී ජයග්‍රහණයෙන් මියැදුනු රණවිරුවෝ සමරති.

අනෙක් පසින් මේ දිනයටම උතුරේ අම්මාගෙන් තාත්තාගෙන් මල්ලීගෙන් අයියාගෙන් සහෝදරියගෙන් බිරිදගෙන් සමුගත් තම ලේ ඥාතියා සැමරීම තහනම් කොට ඇත. සමරන්නේ ත්‍රස්තවාදියෙක්ද? සාමාන්‍ය වැසියෙක්ද? යන්න පසෙක තබා ඔවුන්ගේ සුසානයන්ට පහන් දැක්වීම හෝ වෙනත් පිදීමක් සිදුකිරීමට තහනම් කොට ඇත.
මේ සිදුවන්නේ කුමක්ද ? මහින්ද රාජපක්ෂ නම් පාලකයාගේ මනෝ විකාරගත දෙමළ බ්‍රාන්තිය තවමත් නව පාලකයන්ගේ මනසේද පැලපදියම් කොට අවතාර නිර්මාණය කොට ඇත.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත කල්ලිය පසෙකින් තැබූ විට මෙවැනිම දිනෙක තමන්ට තමන්ගේ විමුක්තිය යැයි පැතූ සටනක් සම්බන්ධයෙන් දිවි පිදූවන් සැමරීම මිනිස් අයිතියක් නොවන්නේද ? එය දකුණට OK වී උතුරට තහනමක් බවට පත්වන්නේ කෙසේද ?
එදා වෙල්ලමුලිවෛකාල් හිදී එල්.ටී.ටී.ඊ.යට එරෙහිව සිදුකළ සටනේදී වෙඩි වැදුනු මාතර පියල්ගේද, එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැදී තමාගේ විමුක්තිය මෙය යැයි සිතා සටන් කොට වෙඩි වැදී මියැදුනු කිලිනොච්චියේ සුප්පයියාගේද , වෙල්ලමුලිවෛකාල් හිදී එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මිදී කලපුව තරණකොට ජීවිතය රැකගැනීමට ශ්‍රී ලංකා හමුදාව වෙත එමින් සිටියදී එල්.ටී.ටී.ඊ. වෙඩි උණ්ඩයට ගොදුරු වූ මුරුගේසුගේද, එම කලපුවම තරණකොට ශ්‍රී ලංකා හමුදාව වෙත එමින් සිටියදී හමුදාවේ වෙඩි උණ්ඩයට ගොදුරු වූ සෙල්වාගේද ජීවිත අහිමි වීම මිනිස් ජීවිත අහිමිවීමේ ඒකත්වයක සිට සිදුවන්නකි.

එසේ නම් මේ සියල්ලන්ගේම ජීවිත එකී ලේ ඥාතීන්ට මෙන්ම එකී මිනිසුන් නියෝජනය කළ ගෝත්‍රික ජනයාට හෝ එම මිනිසුන් බිහි වූ රටක රටවැසියාට අමිල සම්පතක් වන්නේය. එබැවින් විවිධ ලෙස මිය ගියත් මිය ගිය සියල්ලන් සැමරීමට මානුෂීය අයිතියක් තමන් නියෝජනය කළ අනෙකාට ඇත්තේය.

එබැවින් උතුරට තහනම් කොට දැමූ මානුෂීය අයිතීන් දකුණට වලංගුවීම මානුෂීය පදනමේ සිට ම්ලේච්ඡ වන්නේය. බොහෝ මිනිසුන් මෙකී විශ්වීයත්වයේ සිට මහ පොළොව කියවීම සදහා උත්සාහ ගෙන තිබුනද ජනී ජනයා තුළ රෝපණය කළ රාජපක්ෂ ගෝත්‍රික අමානුෂිකත්වය මුලිනුපුටා දැමීමට යහපාලනය හෝ වෙනත් නාම මාත්‍රිකව පැමිණෙන පාලන තන්ත්‍රයන්ට හැකිවන්නේ කවදාද ? එදින උතුරේ ද දකුණේ ද අත් එක් වෙනු ඇත.
පියල්ද, සෙල්වාද, මුරුගේසුද, සුප්පයියාද මා සහෘදයන් වන්නේය. ඔවුන්ගේ ජීවිත අහිමි වීමට වගකිව යුත්තෝ ජීවත්ව මා හා ඔබය. එබැවින් මානුෂියත්වයේ මලක් නෙලාගෙන මේ සියල්ලන් සැමරීම ඔබ ද මාද සිදුකළ යුතු යුතුකමකි.

 

තුසිත පතිරණ

ප්‍රධාන සංස්කාරක 

දි ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් පුවත්පත

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.