Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 01 May 2017

ඉන්දියාවේ තෙල් ලංකාවේ ගබඩා කර ආදායමක් උපයනවා - අගමැති මැයි දින රැලියේදී කියයි

එක්සත් ජාතික පෙරමුණේ මැයි රැළිය සඳහා පසුගිය වසරටත් වඩා අති විශාල ජන ගඟක් සහභාගි වී සිටිනවා. ඒ වගේම පක්‍ෂ විශාල ප්‍රමාණයක් අප සමග මේ මැයි දිනයේ දී අත්වැල් බැඳගෙන සිටිනවා. මෙහි පැමිණි විට සංදර්ශන රථ කිහිපයක්ම මා දුටුවා. පුංචි බොරැල්ල ආසන්නයේ පෙළපාලිය නිරීක්‍ෂණය කරද්දී මා ඒ රථ දුටුවේ සවස 4.00 ට පමණ. ඒ රථ පිටියට ළඟ වෙන්නේ දැනුයි. එතැන සිට මෙතැනට එන්නට පැය එකහමාරක පමණ කාලයක් ගත වී තිබෙනවා. අපගේ රැළියට එක්රොක් වූ ජනකායේ ප්‍රමාණය එයින්ම අවබෝධ කර ගත හැකියි.

Read more...

අනාගත සිහින මාලිගා වැඩක් නෑ, හෙට කාර්යභාර්යය ගැන සිතමු - ජනපති මැයි දිනයේදී කියයි

ඇතැම් වැරදි ඉවත් කරගනිමින් වත්මන් ආණ්ඩුවේ ගමන නිවැරදි කර ගැනීම සඳහා මෙම මැයි දින රැළිය පණිවිඩයක් දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමඟි මැයි දින රැළිය අමතමින් ප්‍රකාශ කළේය.
අද දවස වන විට නිදහස් රටක් ලෙස ඉදිරියට යාමට කිසිදු බාධාවක් නොමැති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. වර්තමානය වන විට කම්කරුවා යන වචනය භාවිතයට නොගන්නා අතර එය නිපුණ ශ්‍රමිකයා ලෙස වෙනස් වියයුතු බව ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව නිපුණ ශ්‍රමිකයාගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතු බවයි හෙතෙම අවධාරණය කළේ.

Read more...

දීනත්වය පරදා අභිමානවත් ජනතාවක් ගොඩනගනවා - අනුර මැයි දිනයේදී කියයි

ශ්‍රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

Read more...

ඔව් සටන් කරන්න අපි සූදානම් - මහින්ද රාජපක්ෂ මැයි දින රැළියේදී කියයි

ශ්‍රී ලංකාව බෙදීමට ලක්කෙරෙන ආකාරයේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඊට විරුද්ධව සටන් කිරීමට සූදානම් බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. මහින්ද රාජපක්ෂ මහතා මේ බව කීවේ අද (1 වැනිදා) කොළඹ ගාලු මුවදොරදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය අමතමිනි. 

Read more...

බස් ගමන් බිද වැටේ..

අද(01) කොළඹ දී සහ මහනුවරදී පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැස්වීම් මුල් කොට සාමාන්‍ය ජනතාවට ගමනාගමන දුෂ්කරතා පැමිණිය හැකි බවට මත පළවෙමින් තිබේ.

Read more...

මැයි දිනය දා ශ්‍රී ලංකා පොලීසිය අකර්මන්‍යයි

ලෝක කම්කරු දිනය වන අද දින පොලීසිය සිය කටයුතුවලින් අකර්මන්‍ය වී ඇති බවට තොරතුරු වාර්තාවේ. මේ වන විට මැයි දින පෙළපාලි හා රැලි පිළිබද අවධානය පමණක් පොලීසියේ රාජකාරිය වී ඇති අතර මේ හේතුවෙන් අනෙක් සියලු කටයුතු ඔවුන්ගෙන් මග හැරී ඇති බවද එකි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අවධාරණය කොට සිටී.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.