Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

දේශපාලනඥයෙකු පන්සලක් මාර්ගයෙන් සිංහරාජ වන විනාශයට අර අදිමින් සිටිනවා - පල්ලේගම අස්සජි හිමි

දේශපාලනඥයෙකු පන්සලක් මාර්ගයෙන් සිංහරාජ වන විනාශයට අර අදිමින් සිටිනවා - පල්ලේගම අස්සජි හිමි

වන විනාශයන් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් සමාජයේ නිර්මාණය වෙමින් පවතින වක වානුවක ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරයේ පිවිසුම් දොරටුවක සිදුවීමට යන ආගමික මුහුණුවරින් පැමිණෙන වන විනාශයක්  පිළිබද පසුගිය දා දැඩි කතා බහක් නිර්මාණය විය. මේ සම්බන්ධයෙන් දෙනියාය පල්ලේගම විද්‍යාලයේ ආචාර්ය පල්ලේගම අස්සජි හිමියන් සමග දි ඉන්ඩිපෙන්ඩන්ට් කරුණු විමසීමක් සිදු කළේය මේ උන් වහන්සේ අප සමග කළ කතා බහයි. 

විල්පත්තුවේ වන සංහාරයක් පිළිබද කතාවක් මැද්දේ මොකද්ද මේ සිංහරාජය පදනම් කරගෙන ඔබ වහන්සේලා ගෙන යන ව්‍යාපාරය

ලංකාවේ අපට අතිශය වැදගත් වන වනාන්තරයක් වන්නේ සිංහරාජ වනාන්තරය, එය අපට පමණක් නොවේ මෙය ලෝක උරුමයක් ඒ නිසා විල්පත්තු වනාන්තරය සම්බන්ධයෙන් පරිසර සංගම් හා මාධ්‍ය දැඩි කතා බහක් නිර්මාණය වෙද්දී අනෙත් පැත්තෙන් ලෝක උරුමයටත් දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.. අද ඊයේ විතරක් නෙවෙයි එදා පටන්ම සිංහරාජයට දේශපාලනඥයින් අත පොවන්න ආවා.. ඒත් පරිසර හිතකාමී මිනිසුන්ගේ බලපෑමෙන් ඒවා නරත වුනා.. මේ වන විට සිංහරාජයට අත තබන්නේ ආගමික මුහුණුවරකින් පෙනුමට මෙය කිසිදු පීඩාවක් නොවන සේ පෙනුනත් මෙයත් යම් ප්‍රමාණයක පරිසර විනාශයක් තමයි


සිංහරාජයේ පන්සලක් ඉදිකිරීමට එරෙහිව ඔබ වහන්සේලා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් නිතර වූවා කුමක්ද මෙහි ගැටලුව ?

ලෝකේ කොතැනක හෝ පන්සල් ඉදිකිරීම සම්බන්ධයෙන් අපට කිසිදු විවේචනයක් නෑ. එසේම එය සිංහරාජ වනාන්තරය තුළත් සිදුවීම සම්බන්ධයෙන්ද ගැටළුවක් අපට නෑ. එහෙත් අප සිදුකරනු ලැබූ විරෝධතාවයේ පදනම වූයේ දෙනියාය සිංහරාජ රක්ෂිතයේ චිරාත්කාලයක් පැවැති සමන්ගල නැමැති ස්ථානයේ මේ වන විටත් පවතින විහාරය අත්පත් කොටගෙන එම ස්ථානයේ නව ගොඩනැගිලි තනා සිංහරාජ රක්ෂිතයේ පවතින පාරිසරික වටිනාකමට බාධා පැමිණවීම සදහා ගෙන යන ව්‍යයායාමයට විරෝධය දැක්වීමයි.

 මේ වන විටත් විහාරයක් පවතිනවා නම් එහි භික්ෂුන් වහන්සේ වාසය කිරීමේ ගැටලුවක් නෑනේ..

සිංහරාජ රක්ෂිතයේ පවතින මේ සමන්ගල නැමැති ස්ථානය මෙතෙක් පාලනය වූයේ විහාරහේන ශ්‍රී විජයාරාමය නැමති ඊට යාබද විහාරස්ථානයෙන් එය පෙනෙන මානයේ පවතින විහාරස්ථානයක් එහෙත් එහි භික්ෂූන් වහන්සේලා මේ ස්ථානයේ ලැගුම් ගැනීමක් සිදුවූයේ නෑ.. අවශ්‍ය ඕනෑම මොහොතක කුමන තත්වයක් යටතේ වුවත් ආගමික වතාවත් සිදුකිරීම සදහා එකී විහාරස්ථානයෙන් භික්ෂූන් වහන්සේලා එම ස්ථානයට වැඩම කරනු ලැබූවා. එම ස්ථානයේ භික්ෂුවක් නරත කිරිම පවා සිදු නොවුනේ එකී පරිසර පද්ධතියට හා අලංකාරයට එවැනි වටපිටාවක් පවා නිර්මාණය වුවහොත් හානි පැමිණේවි යන පරමාර්ථයෙන්..එසේ පවතිද්දී එක්වරම වෙන බලවේගයක් උපයෝගී කොටගෙන ප්‍ර දේශයට කිසිදු සම්බන්ධතාවයක්ද නොමැති භික්ෂූන් වහන්සේ නමක් මේ ස්ථානයට පැමිණීම සම්බන්ධයෙන් ප්‍ර දේශයේ බෞද්ධයන්ට භික්ෂූන් වහන්සේලාට ගැටලුවක් මතුවීමයි මෙහි ඇති ගැටළුව වන්නේ..


ඔබ වහන්සේ සදහන් කරන්නේ මෙය දේශපාලන හයියක් සමග ගොඩනැගෙන වැඩපිළිවෙලක් කියාද ?

ඔව් ඔබ කියූ කරුණ මීට අදාළව පවතිනවා. වර්තමාන ආණ්ඩුවේ ගාලු දිස්ත්‍රික් ඇමතිවරයෙකු වන වජිර අබේවර්ධන මැතිතුමාගේ මාර්ගයෙන් ගොඩනගාතත් හිතවත්කමක් භාවිතාකොට එක්තරා භික්ෂූන් වහන්සේ නමක් එක්වරම මේ ස්ථානයේ විහාරයක් ඉදිකිරීමට පැමිනෙනවා. මෙය ගැටලුවක්..

කුමන හෝ ප්‍ර දේශයක භික්ෂූන් වහන්සේ නමක් උන් වහන්සේලාට විහාරරාම ඉදිකිරීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතිනවාද ?

කුමන හෝ ප්‍ර දේශයක ඉදිරිම නොවෙයි මෙහි ඇති ගැටළුව වන්නේ මේ වනවිටත් විහාරස්ථානයකින් පාලනය වන ස්ථානයක් බලෙන් අත්පත් කර ගැනීමේ ගැටළුවයි මෙහි පවතින්නේ..මෙහි වැදගත් කරුණ වන්නේ මා මුලින් සදහන් කල පරිදි මෙහි ඇති ස්වාභාවික පරිසරයට වන හානිය . මෙතෙක් මේ ස්ථානය සිංහරාජය දැක බලාගැනීමට පැමිණෙන පිරිස් විසින් සැහැල්ලුවේ නිදහසේ වන්දනාමාන කළ ස්ථානයක් එවැනි නිදහස්කාමී වටපිටාවකට කිසිසේත්ම භික්ෂුවකගේ අවශ්‍යතාවයක් පැවතියේ නෑ.. එවැනි අවශ්‍යතාවයක් පැන නගින ඕනෑම අවස්ථාවක එම ස්ථානය අයත් අසල විහාරස්ථානයෙන් භික්ෂූන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරනු ලැබූවා. මෙතන පවතින්නේ වෙනත් යටි අරමුණක් දැයි අපට සැකයක් මතුවන්නේ මේ තත්වය විසිනුයි..

ඔබ වහන්සේ සදහන් කරන පරිදි එම යටි අරමුණ කුමක් විය හැකිද ?

දේශපාලන බලය භාවිතා කොට භික්ෂූන් වහන්සේලාත් නොයෙක් සාසනයට උචිත නොවන කටයුතුවල නිරත වන බව මේ රටේ බෞද්ධයන් වන අපි දන්නා කාරණාවක්.. අදාළ ස්ථානය බලගතු ස්ථානයක් මෙහි පුරාණ කාලයට අයත් වටිනා සම්පත් විශාල ප්‍රමාණයක් පවතිනවා.. අපට සාධාරණ සැකයක් මතුවන්නෙ මෙකී භික්ෂූන් වහන්සේ උපයෝගී කොටගෙන එවැනි සම්පත් කොල්ල කෑමට කටයුතු කරන්නේද යන්නයි.

මේ වන විට දියත් කළ උද්ඝෝෂණයේ අරමුණු ඉටු වී තිබෙනවාද ?

අපි විරෝධතාවයන් දැක් වූයේ කිසියම් පෞද්ගලික අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට නොවෙයි. පසුගියදා අපි සිදුකළ නිහඩ විරෝධතාවයට මේ ප්‍ර දේශයේ බෞද්ධයන් විශාල පිරිසක් සහභාගී වුනා.. එම බලපෑමෙන් අපට ප්‍ර දේශයේ භික්ෂූන් වහන්සේලාගේ හඬ මේ සම්බන්ධයෙන් අවදි කිරිමට හැකි වුනා.. අදාල ඇමතිවරයා මේ වන විට මෙහි පවතින තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ලැබූවා. එසේම දෙනියාය පොලීසිය, දෙනියායේම පවතින ගැටබරුව විහාරස්ථානයේ නායක හිමියන් හා ප්‍ර දේශයෙ ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රෙද්ශිය ලේකම් කාර්යාලයේ ද අවධානය මේ වනවිට අදාළ ගැටලුව සම්බන්ධයෙන් යොමුව පවතිනවා.. අපේ අරමුණ වුනේ සත්‍යවශයෙන්ම අනාගත පරම්පරාවට සිංහරාජ රක්ෂිතය රක්ෂිතයක් ලෙසින් පැවැතීම හා එම ස්ථානය පාරිසරික ස්ථානයක් ලෙසම පවත්වාගෙන යාමටයි .

සාකච්ඡා කළේ - තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.