Menu

logo new 2015-5-11

Shamrock-png

පොදු යහපතක්වත් පුද්ගලික තෘප්තියක්වත් නැති තැනක හුස්ම ගන්න බෑ - භාරත තෙන්නකෝන්

පොදු යහපතක්වත් පුද්ගලික තෘප්තියක්වත් නැති තැනක හුස්ම ගන්න බෑ - භාරත තෙන්නකෝන්

සයිටම් එකට පට්ට ලව් නේ .. ඇයි ඒ ?

රාජ්‍යයට හැම දෙයක්ම තමන්ගේම මැදිහත්වීමෙන් පවත්වාගෙන යන්න බෑ. රාජ්‍යයක් එසේ කළ යුතුත් නෑ. රාජ්‍යය විසින් කරන්න ඕනේ දේවල් කළමණාකරණය, අධීක්ෂණය සහ නියාමනය. රාජ්‍යයක් හැම දේම කිරීම සහ තමන්ගේ අනිවාර්ය වගකීම් සමුදාය ඉටු කිරීමයි කියන දෙකේම යෙදෙන්න උත්සාහ කළාම ඒක මහා පැටලවිල්ලක් වෙනවා. විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල රරාජ්‍ය අංශයට මේ දෙකම එකවර කරන්න බෑ කියලා- හෝ ඒහෙම කිරීමේ දී අතිශය මන්දගාමී හා අසාර්ථක බවක් පෙන්නුම් කර තිඛෙනවා.


අද වෙනකොට සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ ප්‍රවාහනය වගේ හැම අංශයක්ම ගුණාත්මකව ද ප්‍රමාණාත්මකව ද රාජ්‍ය නොවන අංශය හා රාජ්‍ය අංශය යන දෙක විසින්ම කරට කර තත්ත්වයෙන් පවත්වාගෙන යනවා. ආරක්ෂාවට පවා පුද්ගලික අංශය සැලකිය යුතු පමණින් මැදිහත් වෙනවා. එවැනි පසුබිමක වෛද්‍ය අධ්‍යාපනය රාජ්‍ය නොවන අංශය විසින් මෙහෙයවීමේ අවුලක් මම දකින්නේ නෑ.
සයිටම් සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන්නේ විවිධ හේතු නිසා සිදු කරන එදිරිවාදීත්වයක්. සමහර ප්‍රධානීන්ට තියන්නේ මේ බිස්නස් එකේ ශෙයාර් එකක් තමන්ට නොලැබීමේ අවුල. සමහර මාධ්‍ය ආයතන වලට තියෙන්නේ තමන්ට ඇඩ්වර්ටයිසින් බජට් එකක් නොදීපු එකේ තරහ. සමහර දේශපාලනඥයින්ට මීටිමක් තියන්න ළමයි ටික නොදීපු එකේ අවුල. තවත් අයට තවතවත් ප්‍රශ්න.
මගේ යෝජනාව ගඟ හරහා වෙල්ල බඳින්න ඕනේ. ඊට පස්සේ පුංචි පුංචි කාන්දුවීම් තියනවා නම් ඒවාට පිළියම් හොයාගන්න වෙනවා. දැන් මේ වෙන්නේ වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයයි තව ටිකයි ඕනේ න්‍යාය. දැන් හත්පට්ටේ හරි. වෛද්‍ය සභාව, ජීඑම්ඕඒ එක, අන්තරේ මේ හොයන්නේ ඉතුරු ටික. මෙදා කපේ ඔවුන්ට ඒ ටික හම්ඛෙලා සංතෘප්ත වෙලා නෑ.
ඒ වගේම මේ වැඩේට විරුද්ධ වෙන එකත් දැන් අර, පන්සල් යනකොට හැමෝම සුදු අඳින නිසා අපිත් අඳිනවා වගේ එකක්. සයිටම් එඑඑකට විරුද්ධ වුණේ නැත්තං පන්සලේදි සුදු නොඇන්ද නිසා කොන් වෙනවා වගේ සමාජෙන් කොන් වෙයි කියලා බයයි. එය එක එක්කෙනා තනි කරලා අහන්නකෝ ඇයි විරුද්ධ කියලා- ටිකක් දිගට ලෙහාගෙන යනකොට එයාලට චූ බර හැදෙනවා.

දයාගෙ ලග මීඩියා වැඩ නැද්ද ? ඇයි අයින් වුනේ ?

මගේ ජීවිතේ ගත්ත වැරදිසහගතම වෘත්තීය තීන්දුව මම නිවැරදි කරගත්තා.
දවසක් වාහනේ යනකොට රියදුරා කියනවා, කොච්චර හොඳට කැපෙන පිහියක් වුණත් අරගෙන අවුරුදු හතරක් පහක් ෂෝ කේස් එකේ දාලා තිබ්බහම දන්නෙම නැතුව ඒක මළකනවා කියලා. මම ඊට කළිං මගේ පිහිය ෂෝ කේස් එකෙන් අරං පිහිආනේ එල්ලූණා. දැන් මගේ පිහිය වැඩ. කෙහෙල් ගහක් වුණත් වදුලේ තියනකොට වඳ වෙනවා. අද ගොඩක් ඇමතිවරු හැමදේම දන්නවා. ඔවුන්ට අනිත් අයට සවන් දෙන්න උවමනාවක් නෑ. ඔවුන් හැම වෙලාවේම කියන්නේ ඔයා මම කියන දේ කරන්න කියලා.
නමුත්, ඔබ ඇතුළු මාධ්‍ය ස`ගයින් සාක්ෂි දරයි අදාල කාලය තුළ මාධ්‍ය ලේකම්වරයෙක් හැටියට ඇමතිවරු දෙන්නෙක් හ ඔවුන් මැදිහත් වුණු අනුබද්ධ වැඩ ගණනාවක් සම්බන්ධයෙන් මගේ මැදිහත්වීම.
දුර ඈත දිස්ත්‍රික්කවල ඉඳං පැය හත අට බස්වල කෝච්චි වල එල්ලිලා නිදි වරාගෙන එන මිනිස්සුන්ට ඇමතිවරයෙක් හම්ඛෙන්න බැරි නම්, ඒ වැඩේ කෙරෙන්නේ නැත්නම්, ප්‍රත්‍යන්ත ජනපද වල ජනතා ප්‍රශ්න පැත්තක වේලෙනකොට ඇමතිවරු හොයන්නේ මිලියන හතළිහේ-පනහේ යාන වාහන- සුඛෝපභෝගී නිවාස නම්, ලක්ෂ ගණං මුදල් නාස්ති කර කර සාද- පවුල් පිටින් රට සවාරි වගේ ඒවා නම් ඒවා හුස්ම ගන්න මිනිස්සු හැටියට අනුමත කරන්න අමාරුයි. වෙන දෙයක් තියා සමහර අය කතා කරන්න දන්නේ නෑ. තමුසේ, ඕයි, අයිසේ, බූරුවා වගේ වචන තමයි ඔවුන් සමහරක්ගේ ආමන්ත්‍රණ ශබ්ද කෝෂයේ තියෙන්නේ.
ඔය සමහරක් පොදු සාධක ඔහුටත් අදාලයි. ඒ වගේම මම ඉවත් වෙන්න බලපාපු ප්‍රධාන කාරණයික් තිබුණා. ඒක මගේ පිට කොන්ද පිළිබඳ කාරණයක්. අනෝමා මට අභූත චෝදනාවක් ගෙනාවා මම ලියපු දෙවෙනි නවකතාව වන ඊළඟ කෑල්ල පොතේ මුහුරත් උළෙලේ දී මම මර්වින් සිල්වා හිටපු ඇමතිවරයාට කතාවක් දුන්නේ ඔහුගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අරගෙන කියලා. (මම හොඳට මව් කිරි බීපු මිනිහෙක්.) මම ඒ වෙලාවේ කල්පනා කළා මාස තුනක් ඇතුළත මම යනවා කියලා. මාධ්‍ය ලේකම් ආයු සංස්කාර අත්හැරියා.
මේ සියල්ල එකතු වුණා. මම කල්පනා කළා පොදු යහපතක්වත් පුද්ගලික තෘප්තියක්වත් නැති තැනක හුස්ම ගන්න එක තේරුමක් නෑ කියලා. පිට කොටුවේ නාට්ටාමි වැඩේ ඉඳං වැල්ලෑවේ කුඹුරු අස්සද්දන එක වෙනකල් ඕනම දෙයක් කරන්න සූදානමින් මම අයින් වුණා. ඒ වෘත්තීය සහ දේශපාලනික තීරණයක් යන දෙකක්ම හැටියට.

බැන්දම සිරා ද ?

ඔව්. බැන්දම සිරා. එක මොහොතකින් සම්පූර්ණයෙන්ම තත්ත්ව පරිවර්තනයක්. ඒක එක වෙලාවකට දරාගන්නත් ටිකක් අමාරුයි. විධායක බලය තනියම භුක්ති විඳලා ඒක තව කෙනෙක් සමඟ සංවර-තුලන තත්ත්වයකට අත්හැරියා වගේ. මේ එක්කම ආර්ථීකය, සංස්කෘතිය, කලාව, ලයිෆ්ස්ටයිල් එක වගේ දේවල් වලටත් වවිධ සංශෝධන පරිවර්තන සිද්ධ වෙනවා.
එකඟ වෙන්න, පසුබසින්න, තඩබ්බර වෙන්න, නිහ`ඩ වෙන්න, දිනන තුරු කතා කරන්න, ඉවසන්න, නොඉවසිලිවත් වෙන්න… මේ වගේ ගොඩක් දේවල් තවත් පංගුකාරියක් සමඟ කරන්න සිද්ධ වෙනවා. ඒක මාර අත්දැකීමක්.

පොලිටිකල් අවුල් ද ?

පොලිටිකල් අවුල්වෙලා නෑ. අවුල තියෙන්නේ පොලිටීෂියන්ස්ලාගේ. ඒ නිසා පොලිටිකල් අවුල් වගේ පේනවා. දැනෙනවා.
පොලීසියේ යම් යම් දේවල් ගැන කතා කර කර ඉන්නකොට එක නිළධාරීයෙක් කියනවා, මල්ලී පොලීසිය බලූ වෙලා නෑ. බල්ලෝ පොලීසියට ඇවිත් කියලා. ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙනුත් මේ කතාව එලෙසම වලංගුයි. රාජතාන්ත්‍රිකයින්, සමාජසේවකයින්, න්‍යායාචාර්යවරුන්, විද්වතුන් සහ සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක කියවාගත්ත මිනිස්සු වෙනුවට සාතිශය බහුතරයක් බිස්නස්කාරයෝ, කුඩ්ඩෝ, කැලෑ පාලූවෝ, වැලි හොරු, හොර කසිප්පුකාරයෝ, බුකීකාරයෝ සහ ශ්‍රමය සූරා කන්නන්. මේ තක්කඩියන් සහ නරුමයන් විසින් සීඝ්‍රයෙන් කරගෙන යන දේශපාලන ආක්‍රමණය වහාම නැවැත්විය යුතුයි. ප්‍රාදේශීය සභාවේ ඉඳලා පාර්ලිමේන්තුව දක්වාම. මේක වෙනස් කළ යුතුයි. වෙනස් කළ හැකියි.

ඔයත් යහපාලනය ගේන්න සෙට් වුනානේ … කෝ දැන් ඒක ?

ඔව්. අදටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කිරීම සහ එසේ කර ගැනීම වෙනුවෙන් වැඩ කිරීම පිළිබඳ අංශ=මාත්‍රයකඳු පසුතැවෙන්න හේතුවක් නෑ. අපිට තාමත් මෛත්‍රී විශ්වාසයි. මම තාමත් මෛත්‍රීට ආදරෙයි.
හැබැයි පහළ සමහර ස්ථරවල මෙහෙම දෙයක් වෙලා තියනවා. ගෙදර මුරට හිටලූ බල්ලාට පිස්සු හැදුනම ඌට පොළු පාරක් දෙන්න ඕනේ. ඒ පොලූ පාර දීම සම්බන්ධයෙන් දුකක් නෑ. හැබැයි ඊට පස්සේ ගෙනාපු බලූපැටව් ටික දඩාවතේ යනවානම්, හොරා කනවානම්, හැම තැනම පහරනවානම් උපරිම උත්සාහය ගන්න ඕනේ උන්ව හීලෑ කර ගන්න. බසට අවනත කරගන්න. හැබැයි ඒ අවසන් උත්සාහයත් සාර්ථක වෙන්නේ නැත්තම් ඒ බල්ලා කීයක් දීලා ගෙනාවත් උත්තරයක් හොයන්න වෙනවා. දඩාවතේ යන බල්ලන්ට එතනින් එහාටත් කන්න දිදී තියා ගන්නවානම් ගෙදර මිනිස්සුන්ට පිස්සු.
අපි බලමු. තාමත් කල් වැඩියි නිගමනේකට එන්න.

ආර්ථිකේ හොම්බෙන්නේ යන්නේ ?

ආර්ථීකය ගැන විෂයානුගතව කතා කරන්න තරම් විෂය පරිචයක් මට නෑ. ඒත් හුළං හමන විදිහෙන් ඇඟට දැනෙන දේවල් වලිං යමක් කියන්න පුළුවන්.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි වුණා. අවුරුදු දෙකකට පස්සේවත් ඊට සාපේක්ෂව පුද්ගලික අංශයේ වැටුප් වැඩි වුණේ නෑ. හැබැයි, වෙළඳපොළ මිල හා සේවා ගාස්තු සංශෝධනය වෙන්නේ රාජ්‍ය සේවක වැටුපට සමපාත කියවීමක් හැටියට. මේක අවුලක්. ඩීසල් පෙට්‍රල් ගෑස් අඩු කරපු එකේ ඍජු ප්‍රතිලාභයක් හැර ඒවායේ වක්‍ර ප්‍රතිලාභ හිමි විය යුතු අයට ඒක ලැබුණේ නෑ. සමහර අංශයන්ගේ මාෆියාවන් පාලනය කිරීම පමණක්ම ආර්ථීකයේ ධනාත්මක ප්‍රවේශයකට හේතු වෙනවා. හැබැයි ඒවා පාලනය කළ යුතු අය මාෆියාවෙන් ප්‍රතිලාභ ලබනවා.
රැකියා දසලක්ෂයක්, අපනයනය දෙගුණයක් කිරීම, ඇකි හැකි ආර්ථීකයක් වගේ ආකර්ශනීය වචන ටික වගේම භාවිතාව හා යෙදවීමත් සිද්ධ වුණොත් අපිට හිනා වෙන්න පුළුවන් වෙයි. වතු සුද්ද කර කර තියන මුල් ගල් ටික ඵල දැරුවොත් අපිට හිනා වෙන්න පුළුවන්.

කොල්ලෝ අනාථයි වයි-ෆයි, මෝබයිල් වැට් මොකද්ද මේ කරන්නේ ?

ඔව් අපිත් අහනවා. එතකොට අපිට කියන්නේ කළිං ආණ්ඩුව ගත්ත ණයයි පොළියයි ගෙවන්න රටේ ආදායම මදි කියලා. ඒක යම් ප්‍රමාණයකට අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අපි උන්ඩ වෙනුවෙන්ම ඩොලර් කෝටි ගාණක් ණය වුණා. භාවිතාවේ අවුල් තිබුණත් විවිධ ඉදිකිරීම් සංවර්ධන වැඩ වෙනුවෙන් සහ ලෝකෙට පරකාසේ දාන වැඩ වෙනුවෙන් අපි ණය වුණා.
ඒත් මෙහෙම අවුලක් තියනවා. මහින්දගේ ණයයි පොළියයි ගෙවන්න කියලා රීලෝඩ් එකෙන් වයිෆයි බිලෙන් බත්පැකට් එකෙන් ක්‍රීම් බෝතලෙන් සබන් කෑල්ලෙන් බදු ගන්න ගමන් අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවට යෝජනා ගේන්නේ මොනවටද. මිලියන් සිය ගාණක් ඇමතිවරුන්ට වාහන ගේන්න. මිත්‍ර ව්‍යාපාරිකයින්ට බදු සහන දෙන්න. අහිංසක මිනිහෙක් උගස් කරපු මගුල් මුද්ද වෙන්දේසි කරන ගමං ණය නොගෙවා කට්ටි පණින කෝටිපතියන් වෙනුවෙන් ණය සහන දෙන්න.
ආණ්ඩුව මතක තියා ගන්න ඕනේ ඔය මුදලාලිලා හැමදාම පවතින ආණ්ඩුවේ මිතුරන් බව. ඒත් ආණ්ඩුවේ ආයු කාලය තීරණය වෙන්නේ සියඹලාණ්ඩුවේ, තන්තිරිමලේ, මන්නාරමේ, නෙලූවේ, පානම, ඉදල්ගස්හින්නේ මිනිස්සුන්ගේ ඡන්දෙන් බව.
කැප කිරීම් කරනවානම් දෙගොල්ලොම ඒක අවංකව කරන්න ඕනේ. එහෙම නැත්තං, පාලකයින්ගේ වෙට්ටු වලට ජනතාව හැමදාම මාට්ටු වෙන්නේ නැති වෙයි. තරුණයෝ, කාන්තාවෝ, ගොවියෝ, ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ ආදීන්- සමහර දේශපාලනඥයෝ හිතන තරම් පට්ට මෝඩ නෑ.

ඔයා මැච් පිස්සෙක් නේ … ගුරා ආවා බෝඩ් එකට.. ගොඩ යයිද ?

ක්‍රිකට් කියන්නේ මම ආස ගේම් එකක්. වශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට්. ටෙස්ට් ක්‍රිකට් ඇෙඟ් හයියට- ආච්චී වැහිලා වගේ ගහන්න බෑ. සම්පූර්ණයෙන්ම උපාය-උපක්‍රම, තාක්ෂණය, ඉවසීම වගේ දේවල් එක්ක යන වැඩක්.
ගුරා ගැන අදහසක් කියන්න තාම කල් වැඩියි. හැම වෙලාවෙම හොඳ යාළුවෙක් හොඳ පෙම්වතියක් වෙන්නේ නෑ. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුුළුවන්. හොඳ පෙම්වතියක් හැම වෙලාවෙම හොඳ බිරිඳක් වෙන්නේ නෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ගුරා හරියට හොඳ පෙම්වතියක් වගේ. මුද්ද මාරු කරලා නූල් බැඳපු පමණින්ම කියන්න අමාරුයි හොඳ බිරිඳක් වෙයිද කියලා. ටිකක් ඉවසලා බලමු.
එක දෙයක්. ගුරා නෙවෙයි සක්කරයා-වයිමා වගේ අය ආවත් ක්‍රිකට් කියන එක ගේම් එකක් මිසක් සූදුවක් නෙවෙයි කියලා තේරුම් නොගත්තොත් ගේම් එක රනවුට් වෙන එක නවත්තන්න බෑ.

පොලිටිකල්වල වම දකුණ කියල දෙකක් තියෙනවා.. ලංකාවේ මේවා තියෙනවද ?

මේ දූපත තුළත්- වම විසින්ම පිළිනොගන්නා පාර්ලිමේන්තු සම්ප්‍රදායේ සිට සටන් පෙරමුණු දක්වා හැම තැනකම හරයාත්මක සහ කේන්ද්‍රීය මැදිහත්වීමක් කරන්නේ, ප්‍රමාණාත්මක මැදිහත්වීමක් කරන්නේ වාමවාදී දේශපාලන ව්‍යාපාර. හැබැයි වමේ කරුමෙට හෝ රටේ කරුමෙට වම අසමත් මේ මැදිහත්වීම් බහුතරයගේ එකඟත්වය ලබා ගත හැකි පරිදි කළමණාකරණය කරගන්න. වමට ඕනේ උන් කැමති තැනට අනිත් උන් එන්න මිසක් දෙගොල්ලන්ටම පොදු තැනකට එන්න නෙවෙයි. එහෙම වුණාම වම කියන්නේ යුතෝපියානුභාවයෙන් තරමක් වෙනස් නමුත් ඊට වඩාත් සමීප භාවිතාවක් වෙනවා. ලංකාවේ වෙලා තියෙන්නේ ඒක.
අනෙක් පැත්තට දකුණ. දක්ෂිණාංශික යැයි යාන්තමට හරි වර්ගීකරණය කරගන්න පුළුවන් පක්ෂවල ජීවත්වෙන මිනිස්සු පුද්ගලාභිවන්දයක නිරත වෙනවා මිසක් ඔවුන්ට දේශපාලන දැක්මක් නෑ. කට්ටියක් බණ්ඩාරණායක, තව කට්ටියක් ජයවර්ධන වික්‍රමසිංහ වගේ පුද්ගල පෞරුෂයන් තුළ හිර වෙලා. වමට න්‍යායික වටිනාකමක් තිබුණත් දකුණට කිසිම න්‍යායික වටිනාකමක් නෑ. එයාදා අදහන්නේ දර්ශනයක් වෙනුවට පාට, ලාංඡන, සලකුණු, අවුරුදු වගේ දේවල්.

යංග් සෙට් එක ඇක්ටිව් නෑනේ …. ෂෝ විතරයි මොකද හිතන්නේ ?

මෙහෙමයි. 2017 තරුණයා ඇක්ටිව් වෙන්න ඕනේ 2017ට අදලාව. මෙතන තියන අවුල 2017 තරුණයාගේ ඇක්ටිව්භාවය කියවගන්න උත්සාහ කරන්නේ 2009 යුධවාදී තරුණයාට සාපේක්ෂව. එහෙම නැත්තං 94 හරි 88/89 තරුණයාට හරි සාපේක්ෂව. එහෙමත් නැත්තං 77 හරි 71 හරි තරුණයාට සාපේක්ෂව. සමහර අය 83 හෝ 56 තරුණයාට සාපේක්ෂව 2017 තරුණයා කියවලා 2017 එකා හෙනම නිශ්ක්‍රීයයි කියන්න උත්සාහ කරනවා.
2015 ආණ්ඩුව පෙරළියේ පුරෝගාමී වගකීම ඉටු කළේ තරුණයා. ඒ ග්ලකටස්, 9එම්එම් හරි ඒකේ47 හරි අරගෙන නෙවෙයි. බහුතරයක් කීබෝර්ඩ් එකයි තව ටූල්ස් කීපයකුයි. කලාව සාහිත්‍ය ගත්තත් තරුණයින්ගේ භාවිතාව තීරණාත්මකයි. ඒ නිසා ඇක්ටිව්භාවය නිල් කියලා පැත්තකට වීසි කරන්න බෑ.
ගෞතම බුදුන් නාදුනන සිංහල බෞද්ධයෝ. එක එකාගේ ගුලි ගෙඩි පිටිං ගිලින දේශප්‍රේමීන්, තක්කඩි වන්දනාවේ යන වියතුන් වගේ ඇක්ටිව් පොරවලූත් මේ අස්සේ ඉන්නවා. මම කියන්නේ ඒ අර 83 මොඩල් එකේ අය.
ඒත් මෙහෙම එකක් තියනවා, දේශීය තරුණයා ගෝලීය තරුණයාට සාපේක්ෂව මොකද්දෝ හුරතල් බවක් තියනවා. යුරෝපියන් හරි චයිනීස් හරි එකෙක් රොකට් සයන්ස් ශෙයාර් කරනකොට දේශීය ග්‍රාමීය තරුණයා ශෙයාර් කරන්නේ ගුඩ් මෝනිං මගේ යාළුවනේ ඉතිං කොහොමද මචංලා වගේ ගොබ්බ ඒවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ සමස්තය ගොබ්බයි කියලා. එතන නම් පොඩි අවුලක් තියනවා.

දරුවන් කීයක් විතර හදනවද ?

නූපන් දරුවන්ට කේන්දර හදන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒත් ප්‍රශ්නෙට උත්තරේ හිතාගෙන ඉන්නවා තුන් දෙනෙක් හිටියොත් හොඳයි කියලා. එකිනෙකාගේ ආරක්ෂාවට, ගේ ඇතුළේ වුණත් උන් තුන් දෙනාට එකතු වෙලා සමාජ ජීවිතයක් හදාගන්න පුළුවන් වෙන්න, පොඩි සංවාදයක් රණ්ඩුවක් වගේ එකක් හදාගන්න තුන් දෙනෙක් වත් අවශ්‍යයි. එහෙම වුණොත් උන්ට දාන නම් ටික පවා දැනට හිතලා ඉවරයි. ඒකත් වෙන විදිහේ අත්දැකීමක් වෙයි.
ඒත් ඉතිං අපි තව එකෙක් එළියට දාන්න ඕනේ අපිට ඕන විදිහට හදාගන්න හිතාගෙන නම් නෙවෙයි. පුද්ගලිකව ගත්තහම මමවත් මගේ බිරිඳවත් කාටවත් ඕන විදිහට හැදිච්ච අය නෙවෙයි. අපේ දෙමව්පියන්ට එහෙම කරන්න ඕන වුණෙත් නෑ. මමත් කවදාවත් මට ඕන විදිහට ළමයි හදන්නේ නෑ.

තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.