Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 18 May 2017

සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවේ වැඩක් ?

මෑත කාලයේ වාර්තා වූ දරුණුම සයිබර් ප්‍රහාරය ගැන මේ දිනවල ලොව පුරා විශාල ආන්දෝලනයක් සහ නොසන්සුන්තාවක් හටගෙන තිබේ. WannaCry යන නාමයෙන් හැඳින්වෙන වෛරසයක් හරහා එල්ල වූ මෙම ප්‍රහාරයට මේ වනවිට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක පරිගණක ජාල ගොදුරු වී ඇති බව වාර්තා වෙයි. මෙය සැලකෙන්නේ සයිබර් ප්‍රහාර ඉතිහාසයේ දරුණුම සහ සංකීර්ණම ප්‍රහාරයක් වශයෙනි.

Read more...

ඉදිරි වර්ෂවලදී අධ්‍යාපනය වෙනස් කරනවා - අගමැති

ඉදිරි වසරවලදී අධ්‍යාපනය ක්ෂේත්‍රයේ සංශෝධන හා ප්‍රතිසංවිධාන කටයුතු රැසක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.අධ්‍යාපනයේ තිබෙන අර්බුදවලට විසඳුම් සොයමින් කඩිනමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව පවසන අගමැතිවරයා දැනටමත් ඒ සඳහා සාකච්ඡා පවත්වන බවත් යෝජනා ලැබී ඇති බවත් කීවේය.

Read more...

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටී 27කට තුවාල

වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව අසල තට්ටු හතක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණරත්න මහතා පවසයි.

ගාලු පාරේ වැල්ලවත්ත ප්‍රදේශයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. මේ මොහොතේ එම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසා බේරාගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ ඇත.
ගිලන් රථ 10කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එම ස්ථානයට පැමිණ තිබේ.
බැංකෝ යන්ත්‍ර රැසක් එම ස්ථානයට පැමිණ ඇත. වැල්ලවත්ත නගරයේ අධික රථ වාහන තදබදයක් ඇති වී තිබෙන අතර වර්ෂාව මධ්‍යයේ පොලිසියේ නිලධාරින් තුවාලකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

කඩා වැටී තිබෙන්නේ සැවෝයි සිනමා හල පිටුපස තිබූ උත්සව ශාලාවක් බවට දැනගන්නට තිබේ.

මාධ්‍යවේදීන්ට එම ස්ථානයට යාමට අවසර නොමැති අතර ඩ්‍රෝන යානාවක් යැවූ රූපවාහීනි නාලිකාවක මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය බැන වැදුණේය.
යළිත් එම ස්ථානයට තද වැසි ඇද හැලෙයි. පාසල් සිසුන් ඇතුළු සාමාන්‍ය ජනතාව එම ස්ථානය නැරඹීමට පැමිණීමෙන් මෙහෙයුම් කටයුතුවලට බාධා වන බැවින් එසේ පැමිණීමෙන් වළකින්නැයි පොලිසිය කියයි.

27දෙනකු තුවාල ලබා ඇත.ඉදිකිරීම් වැඩ බිමේ සේවකයින් හා උත්සව ශාලාවේ සේවකයින් පිරිසක් තුවාලකරුවන් අතර වෙති.

තුන් දෙනකු සිරවී සිටින බව කියැවෙන අතර නව දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. ලොරියක් හා වෑන් රථයක් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී විනාශ වී ඇත.

 


කඩා වැටී තිබෙන්නේ සැවෝයි සිනමා හල පිටුපස තිබූ උත්සව ශාලාවක් බවට දැනගන්නට තිබේ.

 

Read more...

අරගල කළ සිසුන් 08ක් සිරගත කරයි

කොළඹ නගරයේ පවත්වන ලද විරෝධතා පාගමන අවස්ථාවෙදී නීති විරෝධී ලෙස කටයුතු කළ විශ්වවිද්‍යාල සිසුන් 08 දෙනා හෙට(19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.